The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයට නැවත වතාවක් ආචාර්ය කැළුම් සුජිත්

T

The Leader Desk

August 15, 2025 • 10:28 AM

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයට නැවත වතාවක් ආචාර්ය කැළුම් සුජිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට නායකත්වය දෙමින් එහි නිර්මාතෘ සභාපතිවරයා ලෙස ඉදිරියටත් කටයුතු කිරීම පිණිස ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා නැවත වතාවක් තෝරා ගෙන තිබෙනවා.
  • එහිදී නැවත වතාවක් සභාපති ධූරයට පත්වූ ආචාර්ය කැළුම් සුජිත්ට සහාය වීම පිණිස ඩයනා ඔෂාධි සහ කෙමිත් ලිඳුල ජාත්‍යන්තර උපසභාපතිවරුන් ලෙස පත්කෙරුනා.
  • ලේකම්වරයා ලෙස පත්වුනේ චන්න තිලකරත්න.
  • ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි ‘ඒ’ කොටසේ තරග වදින ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025-26 නායකයා‌ ලෙස දුෂ්මන්ත ප්‍රියදර්ශන සහ උපනායකයන් ලෙස දිනුක් අමරසිංහ හා ගනිඳු ලක්ෂාන් නම් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය 2025/2026 වර්ෂය සඳහා වන ඔවුන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම තලවතුගොඩ ජැට් හෝල්ඩිංස් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී ඉතාමත් සාර්ථක අයුරින් පසුගියදා පැවැත්වූයේ ක්‍රීඩා ගණනාවක් හරහා ඔවුන්ගේ ව්‍යාප්තියේ තවත් සාර්ථක වසරක් සමරමින්.

එහිදී නැවත වතාවක් සභාපති ධූරයට පත්වූ ආචාර්ය කැළුම් සුජිත්ට සහාය වීම පිණිස ඩයනා ඔෂාධි සහ කෙමිත් ලිඳුල ජාත්‍යන්තර උපසභාපතිවරුන් ලෙස පත්කෙරුනා. ලේකම්වරයා ලෙස පත්වුනේ චන්න තිලකරත්න.

ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි ‘ඒ’ කොටසේ තරග වදින ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025-26 නායකයා‌ ලෙස දුෂ්මන්ත ප්‍රියදර්ශන සහ උපනායකයන් ලෙස දිනුක් අමරසිංහ හා ගනිඳු ලක්ෂාන් නම් කර තිබෙනවා.

මේ වාර්ෂික මහා සභා රැස්වීමේදී පසුගිය තරග වාරයේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිළිණ ප්‍රදානය කිරීම ද සිදුවුනා.

*ජනතාවගේ ක්‍රීඩකයා - මතිර් රාබන්

*හොඳම ආක්‍රමණශීලී ක්‍රීඩකයා - ගනිඳු ලක්ෂාන්

*හොඳම ආරක්ෂක ක්‍රීඩකයා - දෙනුවන් ලක්රඳ

*තරග වාරයේ විශිෂ්ටතම ට්‍රයි දිනුම - කවීශ ඉඳුරංග (සී.එච්.ඇන්ඩ් එෆ්.සී. පිලට එරෙහිව පළමු ට්‍රයි දිනුම)

*වඩාත්ම දියුණු වූ ක්‍රීඩකයා - අනුරාධ ලක්ෂාන් ලක්රඳ

*වසරේ ලයන් සහ ශ්‍රී ලයන්ස් කැප් 2024-25 - නිස්රාන් නිලාර්

*වසරේ ලයනස් - හසිතා මෙන්ඩිස් (නෙට්බෝල්)

මෙහිදී, 2024/2025 ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා විධායක කමිටුවේ සියලුම සාමාජිකයන්, රග්බි කළමනාකාරිත්වය, නෙට්බෝල් කළමනාකාරිත්වය හා අනුග්‍රාහකයන් අගය කිරීම ද සිදුකෙරුනා.

2025/2026 විධායක කමිටුව

නිර්මාතෘ හා සභාපති - ආචාර්ය කැළුම් සුජිත්

ජාත්‍යන්තර උපසභාපතිවරු - ඩයනා ඔෂාධි සහ කෙමිත් ලිඳුල

ලේකම් - චන්න තිලකරත්න

සහකාර ලේකම් - සුරන්ජි පීරිස්

මානව සම්පත් ප්‍රධානී - අප්සරා ගුණරත්න

මූල්‍ය හා උපාය සම්බන්ධ අධ්‍යක්ෂ - සුජිත් පුන්චිහේවා

ව්‍යාපාර කළමනාකරණය (ඉසව්) අධ්‍යක්ෂ - සවිත් ඔෂද

රග්බි අධ්‍යක්ෂිකා - හිටපු ජාතික කාන්තා රග්බි නායිකා සහ ලෝක රග්බි දෙවැනි මට්ටමේ පුහුණුකාරිනී සුජානි රත්නායක

ජාත්‍යන්තර නෙට්බෝල් අධ්‍යක්ෂිකා - අකිලා නිම්නි ජයවර්ධන

වෙළඳ හා අනුග්‍රාහක අධ්‍යක්ෂ - නලින් තබීත්

ක්‍රීඩා අධ්‍යක්ෂ - ශිරාන් කුරේ

අනුරාධපුර ශාඛාවේ අධ්‍යක්ෂිකා - ටෙලිෂියා ජයනෙත්ති

ශ්‍රී ලයන්ස් නෙට්බෝල් සහ තරුණ කටයුතු අධ්‍යක්ෂිකා - කෙම්ඩි පෙරේරා

විධායක කමිටු සාමාජික - මිරින්ද නුවන්

 
Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...