The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

ලොව පළමු රොබෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල

T

The Leader Desk

August 18, 2025 • 3:27 PM

ලොව පළමු රොබෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේදී සතිඅන්තයේ පැවති පළමු රොබෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අමෙරිකාව, ජපානය, බ්‍රසීලය හා ජර්මනිය ඇතුළු රටවල් 16කින්
  • මෙහිදී ජවන හා පිටිය, ටේබල් ටෙනිස් හා පාපන්දු ඇතුළුව විවිධ ක්‍රීඩාවන්හි තරග වැදුනු රොබෝලා බෙහෙත් වර්ග තෝරා ගැනීම හා ද්‍රව්‍ය තෝරා ගැනීමේ සිට පිරිසිදු කිරීමේ සේවාව දක්වා වූ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා.
  • මේ ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වූ කණ්ඩායම්වලින් 192ක් විශ්ව විද්‍යාල නියෝජනය කළ අතර අනෙක් කණ්ඩායම් 88 නියෝජනය කළේ චීනයේ Unitree and Fourier ආයතනය ඇතුළු පෞද්ගලික ආයතන.
  • මීටර් 1500 දිවී‌මේ ඉසව්වේදී එක් රොබෝ කෙනෙක් උපරිම වේගයෙන් ධාවනයේ යෙදී සිටියදී හදිසියේම බිම ඇද වැටුනේ නරඹන්නන් විස්මයට පත් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

කණ්ඩායම් 280ක මානව රූපී යන්ත්‍ර එකතු වුනා.

නිල වශයෙන්ලෝක මානව රූපී රොබෝ ක්‍රීඩා උළෙල වශයෙන් හැඳින්වුනු මේ තුන්දින තරගාවලිය පැවතියේ බෙයිජිං නගරයේ. මෙහිදී ජවන හා පිටිය, ටේබල් ටෙනිස් හා පාපන්දු ඇතුළුව විවිධ ක්‍රීඩාවන්හි තරග වැදුනු රොබෝලා බෙහෙත් වර්ග තෝරා ගැනීම හා ද්‍රව්‍ය තෝරා ගැනීමේ සිට පිරිසිදු කිරීමේ සේවාව දක්වා වූ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා.

මේ ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වූ කණ්ඩායම්වලින් 192ක් විශ්ව විද්‍යාල නියෝජනය කළ අතර අනෙක් කණ්ඩායම් 88 නියෝජනය කළේ චීනයේ Unitree and Fourier ආයතනය ඇතුළු පෞද්ගලික ආයතන. තරග කළ කණ්ඩායම් Booster Robotics වැනි චීන නිෂ්පාදකයන්ගේ රොබෝලාව භාවිතා කළා.

ප්‍රවේශ පත් සඳහා යුවාන් 128 සිට 580 දක්වා (ඩොලර් 17.83 සිට 80.77 දක්වා) මුදලක් අය කෙරුනු මේ රොබෝ ක්‍රීඩා උළෙලේදී මානව රූපී රොබෝලා පාපන්දු තරගවලදී එකිනෙකා සමග නැවත නැවත ගැටෙමින් පෙරළී බිම වැටුනු අතර අනෙක් රොබෝලා කෙටි දුර දිවීමේ ඉසව් මැදදී බිම ඇද වැටුනා.

එක් පාපන්දු තරගයක් අතරතුර, රොබෝලා හතර දෙනෙක් එකිනෙකාට ගැටී එක ගොඩක පැටලුනා. මීටර් 1500 දිවී‌මේ ඉසව්වේදී එක් රොබෝ කෙනෙක් උපරිම වේගයෙන් ධාවනයේ යෙදී සිටියදී හදිසියේම බිම ඇද වැටුනේ නරඹන්නන් විස්මයට පත් කරමින්.

නිරන්තරයෙන් බිම ඇද වැටුනු රොබෝලාව නැවත නැගී සිටුවීමට මිනිස් සහාය අවශ්‍ය වීම මධ්‍යයේත් සමහර රොබෝලා ස්වඋත්සාහයෙන් යළි සිටගත් විට නරඹන්නන් අත්පොලසන් දෙමින් ඔවුන්ගේ ප්‍රශංසාව පළකලා.

කර්මාන්ත කටයුතු වැනි ප්‍රායෝගික කාර්යයන් සඳහා රොබෝලා වැඩි දියුණු කිරීම පිණිස වැදගත් දත්ත එකතු කිරීමේ අවස්ථාවක් මේ ක්‍රීඩා උළෙලෙන් ලැබුනු බව සංවිධායකයන් පවසනවා.

මානව රූප සහ රොබෝලා වෙනුවෙන් චීනය ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරමින් සිටින්නේ ඒ රට වයසට යන ජනගහණ ප්‍රශ්නය හා අමෙරිකාව සමග වැඩි වෙමින් තිබෙන උසස් තාක්ෂණයේ තරගය සමග පොර බදිමින් සිටින නිසා.

පසුගිය මාස කිහිපය තුළ චීනය උසස් මට්ටමේ රොබෝ ඉසව් කිහිපයක්ම පැවැත්වූ අතර ඊට ඔවුන් විසින් හඳුන්වනු ලැබූ ලෝකයේ ප්‍රථම මානව රූපී රොබෝ මැරතන් තරගය, රොබෝ සම්මන්ත්‍රණය හා මානව රූපී රොබෝලා‌ ට වෙන් කෙරුනු සිල්ලර සාප්පුවක් ද ඇතුළත්.


(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...