The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

නෝවේ කළ ප්‍රකාශයෙන් ඊශ්‍රායලය කෝපවෙයි

T

The Leader Desk

August 23, 2025 • 4:03 AM

නෝවේ කළ ප්‍රකාශයෙන් ඊශ්‍රායලය කෝපවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය ට එරෙහිව පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලැබෙන මුළු ලාභය ගාසා තීරය වෙනුවෙන් තිබෙන තම මානව හිතවාදී ප්‍රතිපත්තියට පරිත්‍යාග කරන බවට නෝවේ දේශය ප්‍රකාශ කර තිබෙනවා.
  •   මේ දක්වා වන නෝවේ සාර්ථකත්වයට ජූනි මාසයේදී ඉතාලිය ට එරෙහිව ලබා ගත් 3-0 ජයග්‍රහණය හා මාර්තු මාසයේ ඊශ්‍රායලය ට එරෙහි පළමු තරගයේදී වාර්තා කළ 4-2 ජයග්‍රහණය ඇතුළත්.
  • ඔක්තෝබර් 11 වැනි දින තරගය සඳහා වන ප්‍රවේශ පත් අලෙවිය ආරම්භ වී තිබෙන මේ අවස්ථාවේ, තරගයෙන් ලැබෙන සියලුම ආදායම ගාසා තීරයේ පිහිටි පලස්තීන කලාපයේ මානව සුභ සාධන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරන බවට සත්කාරක නෝවේජියානු පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.
  • ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය 2023 ඔක්තෝබරයේ ආරම්භ වීමෙන් පසුව මේ දක්වා ගාසා හි පුද්ගලයින් 80,000කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි ගණන් බලා තිබෙන අතර ළමයින් 17,000ක් ද මීට ඇතුළත්ව සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ රටවල් දෙක ඔක්තෝබර් 11 වැනිදා ඔස්ලෝ නුවරදී තරග වැදීමට නියමිතයි.

තරග හතර ම ජයගෙන සිටින නෝවේ වර්තමානයේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ‘එච්’ කොටසේ මුදුනට පිවිස සිටිනවා. ඊශ්‍රායලය තරග තුනකින් පසුව ලකුණු හයක් ලබා ගෙන පසුවන්නේ දෙවැනි ස්ථානයේ.

ඉතාලිය ලකුණු තුනක් ලබා ගෙන සිටින්නේ තෙවැනි ස්ථානයේ. එහෙත් ඔවුන්ට තවත් තරග දෙකක් ඉතිරිව තිබෙන බැවින් ලෝක කුසලාන තරගාවලිය සඳහා මේ කොටසෙන් ඉබේ සුදුසුකම් ලබන කණ්ඩායම් කුමක්දැයි තීරණය වීමේදී ඔස්ලෝ තරගයේ ප්‍රතිඵලය අතිශය වැදගත් වීමට ඉඩ තිබෙනවා.

 

මේ දක්වා වන නෝවේ සාර්ථකත්වයට ජූනි මාසයේදී ඉතාලිය ට එරෙහිව ලබා ගත් 3-0 ජයග්‍රහණය හා මාර්තු මාසයේ ඊශ්‍රායලය ට එරෙහි පළමු තරගයේදී වාර්තා කළ 4-2 ජයග්‍රහණය ඇතුළත්.

ඔක්තෝබර් 11 වැනි දින තරගය සඳහා වන ප්‍රවේශ පත් අලෙවිය ආරම්භ වී තිබෙන මේ අවස්ථාවේ, තරගයෙන් ලැබෙන සියලුම ආදායම ගාසා තීරයේ පිහිටි පලස්තීන කලාපයේ මානව සුභ සාධන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරන බවට සත්කාරක නෝවේජියානු පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය 2023 ඔක්තෝබරයේ ආරම්භ වීමෙන් පසුව මේ දක්වා ගාසා හි පුද්ගලයින් 80,000කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි ගණන් බලා තිබෙන අතර ළමයින් 17,000ක් ද මීට ඇතුළත්ව සිටිනවා.

 

2023 12 12T075322Z 428018382 RC2JV4A5IXGW RTRMADP 3 ISRAEL PALESTINIANS GAZA BABY 1200x853



මේ කලාපයේ තිබෙන තත්ත්වය ඉතාමත් කටුක බවට විස්තර කර තිබෙන අතර එහි තිබෙන ආහාර හිඟය සහ මන්දපෝෂණය ඉතාමත් උග්‍ර බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

වර්තමාන තත්ත්වය ‘අපේ ඇස් ඉදිරියේ දිගහැරෙන මහත් ව්‍යසනයක්’ ලෙස විස්තර කරන එම සංවිධානය ගාසා තීරයට මානවවාදී ආධාර වැඩියෙන් ඇතුළු වීමට ඉඩදීමේ දැඩි අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා.

දැන්, නෝවේජියානු පාපන්දු සභාපති Lise Klaveness මෙසේ ප්‍රකාශ කරනවා: “දීර්ඝ කාලයක් තිස්සේ ගාසා ප්‍රදේශයේ සිවිල් ජනගහණය පීඩා විඳිමින් සිටින යුදමය ප්‍රහාර සහ මානවවාදී වේදනාවන් පිළිබඳව අපට හෝ අනෙක් සංවිධානවලට ඇස් කන් පියාගෙන ඉන්න බැහැ.”

download 8Lise Klaveness

“ඊශ්‍රායලය ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) හා යුරෝපීය පාපන්දු සංගමයේ (UEFA)  තරගාවලියන් හි කොටසක් වන නිසා අපට ඒ කාරණයත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ තරගයෙන් ලැබෙන ආදායම ගාසා තීරයේ දිනපතා ජීවිත බේරා ගනු ලබන සහ එම භූමියේ හදිසි ආධාර සපයන ක්‍රියාකාරී සංවිධානවලට ලබා දෙන්න අපට අවශ්‍යයි.”

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල පාපන්දු සංගමය දැන් පරුෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“අපේ අභිමානි ජාතික කණ්ඩායමට එරෙහි තරගයකට ස්තූතිවන්ත වන්නට උපයා ගන්නා ආදායමත් ඇතුළත්ව තරගවලින් ලැබෙන ආදායම පාවිච්චි කිරීම ගැන අපි සාමාන්‍යයෙන් සංවිධානවලට උපදෙස් දෙන්නේ නැහැ. නමුත් අපි මේ වතාවේ අපේ ඒ සිරිතෙන් පිට පනින්නම්.”

gettyimages 2205725566

“හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් වැසියන් හා ළමයින් සිය ගණනකගේ ජීවිත බිලිගත් ඔක්තෝබර් 7 සමූල ඝාතනය පිළිබඳව අප්‍රසාදය පළ කිරීමට මාර්ගයක් සොයා ගැනීමට හෝ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටින ඊශ්‍රායල් පුද්ගලයන් මුදවා ගැනීමට පක්ෂව ක්‍රියා කිරීමට හෝ නෝවේජියානු පාපන්දු සම්මේලනය ඔය මුදලෙන් කොටසක් යොදවනවා නම් හොඳයි.”

“තවද කරුණාකර, ඔය මුදල් ත්‍රස්තවාදී සංවිධානවලට නොලැබෙන බවට ද සහතික කරගන්න!”

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...