The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

රාගික මැස්සන් අමෙරිකානු විවෘත ටෙනිස් බිම ආක්‍රමණය කිරීමේ තර්ජනයක්

T

The Leader Desk

August 23, 2025 • 11:40 AM

රාගික මැස්සන් අමෙරිකානු විවෘත ටෙනිස් බිම ආක්‍රමණය කිරීමේ තර්ජනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව ඉහළම පෙලේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමෙරිකානු විවෘත තරගාවලියේ සටන් කරද්දී එම තරග පැවැත්වෙන නිව්යෝක් නගරයේ ෆ්ලෂිං මෙඩෝස් (Flushing Meadows) උද්‍යාන පෙදෙසේ තවත් යුද්ධයක් දිග ඇරෙමින් තිබෙනවා. ඒ, තිත් සහිත ලැන්ටන්ෆ්ලයිස් (spotted lanternflies) නමැති රාගික මැස්සන්ගේ ආක්‍රමණය.
  • ෆ්ලෂිං මෙඩෝස් තරග බිම ද ආක්‍රමණය කිරීමේ තර්ජනයක් ඇති බැවින් මේ මැස්සන් දුටු තැන පාගා මරා දමන ලෙසට ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන් ට ද දන්වා තිබෙනවා.
  • මේ කෘමීන්ගේ අගෝස්තු පසු කාලයේ සිට සැප්තැම්බර් දක්වා වන බෝ කිරීමේ සමය අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන කාලය සමග සමාන වී ඇති බැවින් තරගවලට සිදුවිය හැකි බාධාවන් සම්බන්ධයෙන් සංවිධායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.
  • තරගාවලිය පැවැත්වෙන්නේ ද අගෝස්තු 18 සිට සැප්තැම්බර් 8 දක්වා වන කාලවකවානුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දැන් උදාවී තිබෙන්නේ මේ මැස්සන් සංවාසයෙහි යෙදෙන කාලය නිසා මේ කෘමීන් නිව්යෝක් ප්‍රාන්තයේ ජනපද 62න් 29ක් හරහා ව්‍යාප්තව සිටිනවා. ෆ්ලෂිං මෙඩෝස් තරග බිම ද ආක්‍රමණය කිරීමේ තර්ජනයක් ඇති බැවින් මේ මැස්සන් දුටු තැන පාගා මරා දමන ලෙසට ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන් ට ද දන්වා තිබෙනවා.

පසුගිය වසරේ සිදුවූ මේ මැසි ජනගහණයේ අඩුවීමකින් පසුව මේ මැස්සන් දැන් නිව්යෝක් නගරය හරහා යළි නැගී සිටීමක් ආරම්භ කර තිබෙනවා. මේ කෘමීන්ගේ අගෝස්තු පසු කාලයේ සිට සැප්තැම්බර් දක්වා වන බෝ කිරීමේ සමය අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන කාලය සමග සමාන වී ඇති බැවින් තරගවලට සිදුවිය හැකි බාධාවන් සම්බන්ධයෙන් සංවිධායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා. තරගාවලිය පැවැත්වෙන්නේ ද අගෝස්තු 18 සිට සැප්තැම්බර් 8 දක්වා වන කාලවකවානුවේ.

101428127 15021245 image a 46 1755780597387

“කවුරු හරි මේ කෘමියෙක් දුටුවොත්, පළමුව එහි පිංතූරයක් ගෙන දෙවනුව පාගා මරා දමන ලෙසට අප ඉල්ලා සිටිනවා” යනුවෙන් ව්‍යාප්ත වන කෘමීන් පිළිබඳ විශාරදයෙකු වන කෝනල් සරසවියේ Brian Eshenaur පවසනවා.


ශාක යුෂ උරා බොමින් වගාව සම්පූර්ණයෙන්ම විනාශ කරන මේ මැස්සන් ජනතාවගේ එළිමහන් ජීවිතයට හා විනෝදයට මහත් කරදරයක්. නිව්යෝක් හි සිවුවැනියට විශාල මහජන උද්‍යානය තිබෙන ෆ්ලෂිං මෙඩෝස්, මේ කෘමීන්ට ශක්තිමත්ව වැඩීමට අවශ්‍ය පරිපූර්ණ පාරිසරික තත්ත්වයන් සපයා දෙනවා. මේ ස්ථානය පුරා පැතිරුණු තණ නිල්ල නිසා තරගාවලිය පැවැත්වෙන දෙසති කාලය තුළ මේ මැස්සන් විශාල ලෙස තරග පෙදෙසට ආකර්ෂණය වී‌‌මේ හැකියාව තිබෙනවා.

වෘත්තීය ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනටමත් මේ කෘමීන් පාලනය කිරීමේ ක්‍රියාවන් දැක තිබෙනවා. ලැන්ටන්ෆ්ලයි කෘමීන් 2024 තරගාවලියේ තරගවලට බාධා කර තිබුනා. ෆ්‍රැන්සස් ටියාෆෝ සහ ග්‍රිගොර් ඩිමිට්රොව් අතර පැවති තරගයේදී එම ක්‍රීඩකයන් දෙදෙනාට පමණක් නොව තරග පිටිය පසෙකින් සිටිමින් බෝල අහුලන ‘බෝල් බෝයි’ කෙනෙකුට ද මේ මැස්සන් පාගා පොඩිකර මරා දැමීමට සිදුවුනා.

 

BAD HOMBURG, GERMANY - JUNE 22:  Maria Sakkari of Greece plays a forehand as she competes against Yulia Putintseva of Kazakhstan during Round of 32 on Day One of the Bad Homburg Open powered by Solarwatt at Bad Homburg Tennis Club Kurpark on June 22, 2025 in Bad Homburg, Germany. (Photo by Dean Mouhtaropoulos/Getty Images)

ජූලි මාසයේ පැවති වොෂිංටන් විවෘත තරගාවලියේදී මාරියා සකාරි මේ මැස්සෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළත් ‘බොල් බෝයි’ ඌව පාගා දැමුවේ ලැන්ටන්ෆ්ලයි මැස්සන්ට මුහුණ දෙන විට ප්‍රතිචාර දැක්වීමේ උපදෙස් ප්‍රදර්ශනය කරමින්.

මේ අනුව, තමන්ගේ තරගවලට බාධා කරන මේ මැස්සන් පාගා පොඩි කිරීම සඳහා තමන්ගේ අලුත්ම අනුග්‍රාහක සපත්තු පාවිච්චි කිරීමට සිදුවනු ඇති බවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දන්වා තිබෙනවා. 

 

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...