The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

ලංකා කැවලියර්ස් පිල ‘ටිරෝන් ද සිල්වා’ අභි‌යෝග කුසලානය රැකගනී

T

The Leader Desk

August 28, 2025 • 9:12 AM

ලංකා කැවලියර්ස් පිල ‘ටිරෝන් ද සිල්වා’ අභි‌යෝග කුසලානය රැකගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාමන් මාපටුනගේ දක්ෂ පිතිහරඹය හා සෙල්වින් පෙරේරාගේ අති දක්ෂ පා දඟ පන්දු යැවීම මත ලංකා කැවලියර්ස් කණ්ඩායම ලකුණු 17කින් වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ කමිටු ප්‍රවීණයන්ගේ පිල පරාජය කළා. මේ ජයග්‍රහණයත් සමග මහේෂ් විජයනායකගේ නායකත්වයෙන් යුත් ලංකා කැවලියර්ස් කණ්ඩායම ‘ටිරෝන් ද සිල්වා’ අභියෝග කුසලානය රැක ගැනීමට සමත් වුනා.
  •   තරග 20කින් පසුව ලංකා කැවලියර්ස් කණ්ඩායම ජයග්‍රහණ 10ක් සමග මේ තරගමාලාවේ ඉදිරියෙන් සිටින අතර වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ කමිටු ප්‍රවීණයන්ගේ පිල ජයග්‍රහණ 8ක් වාර්තා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

20 වැනි වරටත් පැවති මේ සීමිත ඕවර 25 තරගයේදී මාපටුන හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමග පන්දු 42කින් ලකුණු 54ක් ද, පෙරේරා ඕවර පහකින් ලකුණු 31කට කඩුලු 4ක් ද ලබා ගනිමින් කැවලියර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

cava 1

 

ලංකා කැවලියර්ස් කණ්ඩායමේ සුසාන් බණ්ඩාර හොඳම පන්දු රකින්නා ලෙස ද, සෙල්වින් පෙරේරා හොඳම පන්දු යවන්නා ලෙස ද, කාමන් මාපටුන තරගයේ වීරයා ලෙස ද නම් කෙරුනු අතර වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ කමිටු ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ දමිත හුනුකුඹුර හොඳම පිතිකරු ලෙස තේරුණා.

තිළිණ බෙදා දෙනු ලැබුවේ තරගයේ ප්‍රධාන අමුත්තා වූ, 2004 වසරේදී මෙම කුසලානය පරිත්‍යාග කළ වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ටිරෝන් ද සිල්වා, වර්තමාන සභාපති මහේෂ් ද අල්විස්, ලේකම් රොහාන් සමරවීර සහ ලංකා කැවලියර්ස් ආයතනයේ සභාපති රියාස් ෆරූක් හා ක්‍රිකට් ලේකම් මනෝජ් පෙරේරා යන මහත්වරු විසින්.

 

cava 34
තරග 20කින් පසුව ලංකා කැවලියර්ස් කණ්ඩායම ජයග්‍රහණ 10ක් සමග මේ තරගමාලාවේ ඉදිරියෙන් සිටින අතර වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ කමිටු ප්‍රවීණයන්ගේ පිල ජයග්‍රහණ 8ක් වාර්තා කර තිබෙනවා.

වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ ලකුණු විස්තර:

ලංකා කැවලියර්ස් -
කඩුලු 9 ට ලකුණු 155 යි (කාමන් මාපටුන 54, මොහමඩ් ඉක්රම් නොදැවී 24, ලක්මාල් ද සිල්වා 2/39, මහේෂ් ද අල්විස් 2/26)

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ කමිටු ප්‍රවීණයෝ - කඩුලු 8 ට ලකුණු 138 යි (දමිත හුනුකුඹුර 30, සන්ජය අත්තනායක 28, මනුර නියොමාල් 3/11, සෙල්වින් පෙරේරා 4/31)
cava 5

-සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...