The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝ දුන් මඟුල් මුද්දෙන් සිහිගන්වන එලිසබෙත් ටේලර්ගේ ‌වාර්තාගත දියමන්තිය

T

The Leader Desk

August 29, 2025 • 10:17 AM

රොනාල්ඩෝ දුන් මඟුල් මුද්දෙන් සිහිගන්වන එලිසබෙත් ටේලර්ගේ ‌වාර්තාගත දියමන්තිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශකයකට ආසන්න කාලයක් එකට ජීවත් වීමෙන් පසුව ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිආ‌නෝ රොනාල්ඩෝ ඔහුගේ පෙම්වතිය වන ජෝජීනා රොඩ්රීගැස් සමග විවාහ ගිවිස ගැනීමේදී ඇයට දුන් මුද්දේ වටිනාකම පිළිබඳව ලෝකය ම කතා කරනවා.
  • 77 Diamonds ස්වර්ණාභරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Tobias Kormind ට අනුව මුද්දේ මැද දියමන්තිය කැරට් 25ක් පමණ වන අතර එහි වටිනාකම ඉතා විශාලයි.
  • “මේ ප්‍රමාණයේ හා තත්ත්වයේ ස්වභාවික දියමන්තියක් පවුම් මිලියන 4ක් පමණ වටිනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කරනවා.
  • රොඩ්රීගැස්ගේ මේ මුද්ද සිහියට නංවන්නේ වසර 1950 යුගයේ හොලිවුඩ් සිනමාවේ වඩාත්ම ජනප්‍රිය තාරකාව වූ එලිසබෙත් ටේලර්ගේ ‌‌ඓතිහාසික කැරට් 33.19 දියමන්ති විවාහ මුද්ද.
අකුරු ප්‍රමාණය (Font Size):


තුන් ඈඳුතු මෝස්තරයකට නිර්මාණය කර ඇති මේ මඟුල් මුද්දේ යෝධ ඕවලාකාර දියමන්තියක් හා ඊට දෙපැත්තෙන් කුඩා ඕවලාකාර මැණික් ගල් අල්ලා තිබෙනවා.

77 Diamonds ස්වර්ණාභරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Tobias Kormind ට අනුව මුද්දේ මැද දියමන්තිය කැරට් 25ක් පමණ වන අතර එහි වටිනාකම ඉතා විශාලයි. “මේ ප්‍රමාණයේ හා තත්ත්වයේ ස්වභාවික දියමන්තියක් පවුම් මිලියන 4ක් පමණ වටිනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කරනවා.

රොඩ්රීගැස්ගේ මේ මුද්ද සිහියට නංවන්නේ වසර 1950 යුගයේ හොලිවුඩ් සිනමාවේ වඩාත්ම ජනප්‍රිය තාරකාව වූ එලිසබෙත් ටේලර්ගේ ‌‌ඓතිහාසික කැරට් 33.19 දියමන්ති විවාහ මුද්ද. එය ඇයට තෑගි කළේ එවකට ඇගේ සැමියාව සිටි, ටේලර් තරමටම ජනප්‍රිය නළුවෙකු වූ රිචඩ් බර්ටන්.

ටේලර්ගේ මරණයෙන් පසුව, එම දියමන්තිය 2011 වසරේදී ඩොලර් 8,818,500කට (පවුම් මිලියන 6.5කට ආසන්නයි) විකිණුනා. මේ නිළියට බර්ටන් 1969 වසරේදී ලබා දුන් පෙයාර් ගෙඩියක හැඩයෙන් යුත් දියමන්තියක් යෙදූ කැරට් 69.42ක තවත් මුද්දක් උරුම වුනා. ටේලර්-බර්ටන් දියමන්තිය නමින් ජනප්‍රිය වූ එම මුද්ද ඉතිහාසගත වුනේ වෙන්දේසියකදී ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලකට විකුණන ලද පළමු මැණික බවට එය පත්වූ අවස්ථාවේ.

 

Elizabeth Taylor Ring on Display for Auction
එම මුද්දට තිබුනු ඇදහිය නොහැකි වටිනාකම හේතුවෙන් ටේලර් ට එම දියමන්තිය ප්‍රසිද්ධියේ පැළඳීමට හැකිවුනේ ආයුධ සන්නද්ධ ආරක්ෂකයන් පිරිවරාගෙන පමණයි. තවද, දැඩි රක්ෂණ ප්‍රතිපත්තියකට අනුව ටේලර් මේ මුද්ද පැළඳුවේ වසරකට දින 30ක් බැගින් පමණයි. ටේලර් බොහෝ විට එම මුද්ද වෙනුවට ඇඟිල්ලේ දාගත්තේ ඩොලර් 3,000කට (පවුම් 2,000ක් පමණ) අඩුවෙන් මිලකර තිබූ අනුරුවක්.


warnan Gunasekara
(වර්නන් ගුණසේකර
)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...