The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

ටෙනිස් ක්‍රීඩිකාවන් දෙදෙනාගේ උණුසුම් වාදයට හේතුව ක්‍රීඩාශීලිත්වය නැතිව කළ ක්‍රියාවක්

T

The Leader Desk

August 30, 2025 • 10:53 AM

ටෙනිස් ක්‍රීඩිකාවන් දෙදෙනාගේ උණුසුම් වාදයට හේතුව ක්‍රීඩාශීලිත්වය නැතිව කළ ක්‍රියාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු විවෘත ටෙනිස් තරගයකදී අමෙරිකාවේ ටේලර් ටවුන්සෙන්ඩ් (Taylor Townsend) කෙලින්ම වට දෙකකින් (7-5, 6-1) ලැට්වියාවේ යෙලනා ඔස්ටපෙන්කෝ (Jelena Ostapenko) පරාජය කිරීමෙන් පසුව දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුනා.
  • පසුව සොයා බැලීමේදී, මේ සිද්ධිය හටගත්තේ ටෙනිස් ක්‍රීඩාවේ තිබෙන නිහඬ නීතියක් කැඩීම නිසා බවට හෙළිවුනා.
  • ඔස්ටපෙන්කෝ ට අනුව මේ වාදය ඇතිවීමට මුල් වී තිබුනේ ටෙනිස් නීති සම්බන්ධ ක්‍රියාවක් නොව ක්‍රීඩාශීලිත්වය නැතිකමක්.
  • එවිට ලකුණ හිමිවූ ක්‍රීඩකයා සමාව ඉල්ලීමේ සංකේතයක් ලෙස අතක් එසවීම සාමාන්‍ය දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


තරගය අවසන් වූ සැණින් පිටියේ පැති රේඛාව අසල හටගත් මේ සිද්ධියේදී 2017 ප්‍රංශ විවෘත තරගාවලිය ජය ගත් ඔස්ටපෙන්කෝ තමා සමග තර්ක කරමින් තමාට වැදගත්කමක් සහ අධ්‍යාපනයක් නැතැයි කී බව කළු ජාතික ටවුන්සෙන්ඩ් පැවසුවා.

ඔස්ටපෙන්කෝගේ මේ ප්‍රබල වාග් ප්‍රහාරයට හේතුව කුමක්ද යන්න බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවක් වුනා. පසුව සොයා බැලීමේදී, මේ සිද්ධිය හටගත්තේ ටෙනිස් ක්‍රීඩාවේ තිබෙන නිහඬ නීතියක් කැඩීම නිසා බවට හෙළිවුනා. ඔස්ටපෙන්කෝ ට අනුව මේ වාදය ඇතිවීමට මුල් වී තිබුනේ ටෙනිස් නීති සම්බන්ධ ක්‍රියාවක් නොව ක්‍රීඩාශීලිත්වය නැතිකමක්.

ටෙනිස් ක්‍රීඩාවේදී, ක්‍රීඩකයෙකුගේ පහරින් පන්දුව දැලේ ඉහළ රැහැනේ ගැටී දැල සමීපයෙන් ප්‍රතිවාදී කලාපයට සෙමෙන් පතිත වූ විට එම ක්‍රීඩකයාට ලකුණක් හිමිවනවා. එවිට ලකුණ හිමිවූ ක්‍රීඩකයා සමාව ඉල්ලීමේ සංකේතයක් ලෙස අතක් එසවීම සාමාන්‍ය දෙයක්. ඔවුන් එම ක්‍රියාවෙන් ප්‍රතිවාදියාට කීමට උත්සාහ කරන්නේ පන්දුව දැලට වැදෙන සේ පහරක් එල්ල කිරීමේ චේතනාවක් තමන්ට නොතිබුනත් එයින් තමාට ලකුණක් ලැබුනු බව සහ එහිදී ලැබුනු වාසනාව තමා පිළිගන්නා බවයි.


“එය ‘මට කනගාටුයි, මට කනගාටුවක් නැහැ’ යන සංකේතමය අදහස නිහතමානීව පළ කිරීමක්” යනුවෙන් දෙවතාවක ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරියක වන Svetlana Kuznetsova 2020 වසරේදී තේරුම් කර දී තිබුනා.

බදාදා පැවති තරගයේදී ඔස්ටපෙන්කෝගේ කෝපයට මුල්වූයේ තරගයේ අඩක් ගෙවී තිබියදී ටවුන්සෙන්ඩ් දැලේ ආධාරයෙන් ලකුණක් ලබා ගැනීමෙන් පසුව “සමාවෙන්න” කියා නොපැවසීම බව ලැට්වියානු ක්‍රීඩිකාව සමාජ මාධ්‍යයෙන් පහදා දුන්නා. එහිදී ඇය තම අමෙරිකානු ප්‍රතිවාදිනිය “අවිනීත” කෙනෙකු ලෙසින් ඇමතුවා.

 

AFP 20250827 2232430282 v1 HighRes 2025UsOpenDay4 1756367947

“ක්‍රීඩකයන් බොහෝ දෙනා අනුගමනය කරන සමහර නීති ටෙනිස් ක්‍රීඩාවේ තියෙනවා. මෙවැනි දෙයක් මට සිදුවූ පළමු අවස්ථාව මෙයයි” යනුවෙන් ඔස්ටපෙන්කෝ සමාජ මාධ්‍යයේ සටහන් කළා. “ඇය ඇගේ උපන්බිමේ ක්‍රීඩා කළ පමණින්, ඇයට ඔ්න විදියට හැසිරෙමින් ඇයට උවමනා ඔ්න දෙයක් කරන්න බැහැ!”

තරගයේ බොහෝ අවස්ථාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පහරින් පන්දුව දැලේ ලණුවේ වැදුනු විට ඔවුන් ඊට සමාව ඉල්ලා සිටියත්, ඔවුන් එසේ නොකරන අවස්ථා ද තිබෙනවා. ඔස්ටපෙන්කෝ ට සිදුවුනාක් මෙන් ප්‍රතිවාදීන් සසල වන්නේ එවන් අවස්ථාවලදීයි.

මේ වසරේ විම්බල්ඩන් කාන්තා තනි අවසන් පූර්ව තරගයේදී Amanda Anisimova පන්දුව දැල රැහැනේ වැදී ලකුණක් ලබා ගත් විට ඊට සමාව නොඉල්ලා එම ලකුණ ලබා ගැනීමෙන් ප්‍රීති වීම නිසා තමා ඉතාමත් කෝපයට පත්වූ බව Aryna Sabalenka කියා තිබුනා.

 

Jelena Ostapenko and Taylor Townsend arguing 1320x742

2007 විම්බල්ඩන් තරගාවලියේදී පන්දුව දැල ලණුවේ වැදී ලකුණක් දිනා ගැනීමෙන් පසුව Robin Soderling ඊට සමාව ඉල්ලනවා වෙනුවට පළමුව ප්‍රීතිවීම පිළිබඳව ඔහුව Rafael Nadal විවේචනය කළා.

එහිදී Soderling දුන් පිළිතුර ස්වභාවිකව අවංකයි: “ඒක මගේ ජීවිතයේ වඩාත්ම සතුටක් ගෙන දෙන මොහොත වී තිබියදී, මම මොකටද සමාව ඉල්ලන්නේ?”

warnan Gunasekara

(වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...