The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

සිම්බාබ්වේ සමග තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

T

The Leader Desk

September 1, 2025 • 4:46 AM

සිම්බාබ්වේ සමග තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ ඊයේ (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
  • තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් බිඳ වැටී ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය.
  • පන්දුවට පහර දීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ben Curran ලකුණු 79ක් සහ Sikandar Raza නොදැවී ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය.
  • පන්දු යැවීමේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුශ්මන්ත චමීර කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාණ්ඩායමට හිමි වේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් බිඳ වැටී ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය.

පන්දුවට පහර දීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ben Curran ලකුණු 79ක් සහ Sikandar Raza නොදැවී ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුශ්මන්ත චමීර කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 278කි.

zimbabwe vs sri lanka live cricket score 2nd odi match 2025 08 e73a597c7b56d6f1a75085713cc1c12d
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් නුවනිඳු ප්‍රනාන්දුය.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 48කට සීමා කරමින් නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 14කට දැවී ගියේ ය.

කුසල් මෙන්ඩිස්ට රැස් කර ගැනීමට හැකී වූයේ ලකුණු 5 ක් පමණි.

අනතුරුව පැතුම් නිස්සංකට එක් වූ සදීර සමරවික්‍රම තුන්වැනි කඩුල්ලට ලකුණු 78 ක් එක් කළේ ය.

සදීර සමරවික්‍රම ලකුණු 31කි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක එක්දින ක්‍රිකට් පිටියේ 7වැනි ශතකය රැස් කළේ ය.

pathum nissanka 7

ලකුණු 122ක් ලබා සිටියදී ඔහු දැවී ගියේ රිචර්ඩ් එන්ගරාවාගේ පන්දුවක් හමුවේ ය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 71ක් රැස් කළේ ය.

ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් නොදැවී කඩුල්ලේ රැදී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී ලකුණු 278ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළේය.

පැතුම් නිස්සංක පන්දු 136කට ලකුණු 122ක් රැස් කළ අතර තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 71ක්, සදීර සමරවික්‍රම ලකුණු 31ක් සහ ජනිත් ලියනගේ නොදැවී පන්දු 16කට ලකුණු 19ක් රැස් කිරීමට සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...