මෙහි අරමුණ වී තිබෙන්නේ ඩුබායි දේශයේ පවතින අධික උෂ්ණත්වය හැකි තරම් දුරට මඟහරවා ගැනීම සහ දකුණු ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන වේලාව උපරිම කරගැනීම. ගල්ෆ් කලාපයේ සන්ධ්‍යාවේ තිබෙන සිසිල් දේශගුණයේ වැඩි පැය ගණනක ආස්වාදය ක්‍රීඩා ලෝලීන්ට ලබා දීම ආසියානු ක්‍රිකට් කවුන්සලය මේ තීරණයට එළඹීමට තවත් හේතුවක්.
මේ කාල සටහන් සංශෝධනයට අනුව සැප්තැම්බර් 9 සිට 28 දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ තරග 19න් 18ක් ම දැන් ආරම්භ වනු ඇත්තේ ගල්ෆ් වේලාවෙන් පස්වරු 6.30 ට. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.00 යි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය අතර සැප්තැම්බර් 15 වැනි සඳුදා පැවැත්වීමට නියමිත තරගය පමණක් අබුඩාබි හි ආරම්භ වනු ඇත්තේ ගල්ෆ් වේලාවෙන් පස්වරු 4.00 ට (ශ්‍රී ලංකාවේ පස්වරු 5.30). මේ තරගාවලියේ දිවා කාලයේ ක්‍රීඩා කෙරෙන එකම තරගය මෙය වන අතර අනෙක් සියලු තරග පැවැත්වෙන්නේ විදුලි ආලෝක මධ්‍යයේ.
මෙවර තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගි වන අතර ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය ‘ඒ’ කොටසට ද ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, හොංකොං සහ ඇෆ්ගනිස්තානය ‘බී’ කොටසට ද ඇතුළත්ව සිටිනවා.
2025 ආසියානු කුසලාන තරග සටහන:
සැප්තැම්බර් 9 - ඇෆ්ගනිස්තානය හා හොංකොං අතර (අබුඩාඩි)
සැප්තැම්බර් 10 - ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර (ඩුබායි)
සැප්තැම්බර් 11 - බංග්ලාදේශය හා හොංකොං අතර (අබුඩාබි)
සැප්තැම්ර් 12 - පාකිස්තානය හා ඕමානය අතර (ඩුබායි)
සැප්තැම්ර් 13 - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර (අබුඩාබි)
සැප්තැම්බර් 14 - ඉන්දියාව හා පාකිස්තානය අතර (ඩුබායි)
සැප්තැම්බර් 15 - එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය අතර (අබුඩාබි)
සැප්තැම්බර 15 - ශ්‍රී ලංකාව හා හොංකොං අතර (ඩුබායි)
සැප්තැම්බර් 16 - බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර (අබුඩාබි)
සැප්තැම්බර් 17 - පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර (ඩුබායි)
සැප්තැම්බර් 18 - ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර (අබුඩාබි)
සැප්තැම්බර් 19 - ඉන්දියාව හා ඕමානය අතර (අබුඩාබි)
සැප්තැම්බර් 20 සහ 21 - සුපිරි 4 අදියර තරග දෙක (ඩුබායි)
සැප්තැම්බර් 22 - විවේක දිනය
සැප්තැම්බර් 23 සිට 26 - සුපිරි 4 අදියර තරග හතර (අබුඩාබි සහ ඩුබායි)
සැප්තැම්බර් 27 - විවේක දිනය
සැප්තැම්බර් 28 - අවසාන තරගය (ඩුබායි)
සැප්තැම්බර් 29 - අතිරේක දිනය
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




