The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

යාපනයටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

T

The Leader Desk

September 3, 2025 • 10:43 AM

යාපනයටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ හත්වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙන්ම විදුලි ආලෝක මධ්‍යයේ තරග පැවැත්විය හැකි පස්වැනි ක්‍රීඩාංගණය ලෙසින් ඉතිහාසගත වනු ඇති යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා.
  • යාපනයේ මණ්ඩතිව් දූපතේ ඉදිවන මේ ක්‍රීඩාංගණය සඳහා සැප්තැම්බර් 1 වැනිදා පස්වරුවේ මුල්ගල තැබුනු අවස්ථාවට යෞවන කටයුතු හා ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා ද සහභාගි වුනා.
  •   යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අක්කර 138ක භූමි ප්‍රමාණයක ඉදිවන්නේ ක්‍රීඩා නගරයක් ස්ථාපිත කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළල් දැක්මේ කොටසක් වශයෙන්.
  •   මණ්ඩතිව් දූපතේ අක්කර 48 යි රූඩ් 2 යි පර්චස් 30.58ක භූමියක ඉදිකරන මේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට මධ්‍ය තණතීරු 10ක් ඇතුළත් වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ආරාධනයෙන් මේ ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා. යාපනයේ මණ්ඩතිව් දූපතේ ඉදිවන මේ ක්‍රීඩාංගණය සඳහා සැප්තැම්බර් 1 වැනිදා පස්වරුවේ මුල්ගල තැබුනු අවස්ථාවට යෞවන කටයුතු හා ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා ද සහභාගි වුනා.

 

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අක්කර 138ක භූමි ප්‍රමාණයක ඉදිවන්නේ ක්‍රීඩා නගරයක් ස්ථාපිත කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළල් දැක්මේ කොටසක් වශයෙන්. ඉදිකිරීම් කටයුතු අවසන් වීමෙන් පසුව මේ යාපනය ක්‍රීඩා නගරය පිහිනුම් තටාක සංකීර්ණයක්, විවිධ ක්‍රීඩා සඳහා ගෘහස්ථ පිටි, තරු පන්තියේ හෝටල සහ අවන්හල්, වෙළඳ සංකීර්ණයක් හා විනෝදාංශ පහසුකම් සහ විනෝදාස්වාදය ගෙන එන තවත් නොයෙකුත් මධ්‍යස්ථානවලින් සමන්විත වීමට නියමිතයි.

Jaffna International Cricket Stadium 4 copy

 

මණ්ඩතිව් දූපතේ අක්කර 48 යි රූඩ් 2 යි පර්චස් 30.58ක භූමියක ඉදිකරන මේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට මධ්‍ය තණතීරු 10ක් ඇතුළත් වනවා. මේ පිටියේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ ජාත්‍යන්තර තරගයකදී ප්‍රධාන තණතීරුවේ සිට හතරේ සීමාව දක්වා අවම දුර ලෙසින් සැලකෙන මීටර 75 ට වඩා වැඩි දුරකින් හෙවත් මීටර 80කට වඩා වැඩි ඈතින් හතරේ සීමාව එළීමේ හැකියාවෙන් යුක්ත වීම.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පූර්ණ වියදම දරනු ලබන මේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සිදුවන්නේ අදියර හතරකින්. තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදිකිරීම පළමු අදියරයි. දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රෙක්ෂකාගාර සහ මාධ්‍ය කුටිය ඉදිවනවා. ක්‍රීඩාංගණ වටා වන ප්‍රේක්ෂක මණ්ඩප ඉදිකරනු ඇත්තේ තෙවැනි අදියර යටතේ වන අතර අවසන් අදියර යටතේ විදුලි ආලෝක පද්ධතිය ස්ථාපනය කිරීම සිදුවනවා.

මේ භූමිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී තිබෙන්නේ යාපනය වෙලනෙයි ප්‍රාදේශීය සභාව. එහි ඉදිවන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 40,000ක‌‌ට ආසන්න පිරිසකට තරග නැරඹීමේ හැකියාව තිබෙනවා.

The Foundation Stone Laying Ceremony Jaffna International Cricket Stadium

මේ ‌ඓතිහාසික මුල පිරීම හරහා උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරනවා. ඊට අමතරව, ක්‍රීඩාව තුළින් ජාතීන් අතර සහජීවනය ඇති කිරීම සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දායකත්වය ද මෙහිදී සංකේතවත් කෙරෙනවා.

jaffna akd t

 

මෙතෙක් උතුර සහ නැගෙනහිර පළාත්වලට අඩුපාඩුවක්ව පැවති ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අවශ්‍යතාව සපුරාලමින්, සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවක ට ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා ලබාදීමේ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහන යටතේ ඉදිකරන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල, ධීවර හා සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර සහ ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න යන මහත්වරු ද සහභාගි වුනා.

 



2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යාපනයටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් | The Leader