The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

කාන්තාවක් බවට තහවුරු කරන නව නීතියෙන් පසුව කලී‌ෆ් හා ලින් ලෝක බොක්සිං ශූරතාවලිය මඟහරිති

T

The Leader Desk

September 3, 2025 • 4:21 PM

කාන්තාවක් බවට තහවුරු කරන නව නීතියෙන් පසුව කලී‌ෆ් හා ලින් ලෝක බොක්සිං ශූරතාවලිය මඟහරිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසරේ පැවති පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ස්ත්‍රී-පුරුෂ බවේ මතභේදයට ලක්වූ රන් පදක්කම්ලාභී බොක්සිං ක්‍රීඩිකාවන්
  • ලින් ට ලෝක බොක්සිං ශූරතාවලිය මඟහැරීමට සැලසුමක් නැතැයි ඇගේ පුහුණුකරු අගෝස්තු 21 වැනි දින ප්‍රකාශ කර තිබුනා.
  • අපි තරග සංවිධායකයන් ඉල්ලා ඇති අදාල ලියකියවිලි සියල්ල සාමාන්‍ය පරිදි ඉදිරිපත් කරනවා” යනුවෙන් ලින්ගේ පුහුණුකරු එදා කියා තිබුනා.
  • කෙසේ වෙතත්, ලින් ලෝක ශූරතාවලියට සහභාගි නොවන බව කියන තායිවාන බොක්සිං සංගමයේ ප්‍රකාශකයෙක් ඒ සම්බන්ධ වැඩි විස්තර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙදෙනෙකු වන ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් සහ තායිවානයේ ලින් යූ-ටිං මේ මස එංගලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතාවලියට සහභාගි වන්නේ නැහැ.

ඊට හේතුව වී තිබෙන්නේ එම තරගාවලියට සහභාගි වන සියලුම බොක්සිං ක්‍රීඩිකාවන් අනිවාර්ය ජානමය ලිංගික පරීක්ෂාවකට ලක්විය යුතුය යනුවෙන් ගෙනැවිත් තිබෙන නව නීතිය.

බොක්සිං ක්‍රීඩාවේ නව ගෝලීය පාලකයන් වන ලෝක බොක්සිං ආයතනය මේ අලුත් නීතිය පසුගිය මාසයේ නිවේදනය කළේ ලිංගික සුදුසුකමේ දෝෂාරෝපණ මධ්‍යයේ කලීෆ් හා ලින් පැරිස් ඔලිම්පික් බොක්සිං රන් පදක්කම් දිනාගෙන වසරක කාලයකට පසුව.

ලින් ට ලෝක බොක්සිං ශූරතාවලිය මඟහැරීමට සැලසුමක් නැතැයි ඇගේ පුහුණුකරු අගෝස්තු 21 වැනි දින ප්‍රකාශ කර තිබුනා. “ජාන පරීක්ෂාවේ නව නීතිය නිසා තරගාවලියෙන් ඉවත් වීමක් ගැන ඇය කල්පනා කර නැහැ. අපි තරග සංවිධායකයන් ඉල්ලා ඇති අදාල ලියකියවිලි සියල්ල සාමාන්‍ය පරිදි ඉදිරිපත් කරනවා” යනුවෙන් ලින්ගේ පුහුණුකරු එදා කියා තිබුනා.

කෙසේ වෙතත්, ලින් ලෝක ශූරතාවලියට සහභාගි නොවන බව කියන තායිවාන බොක්සිං සංගමයේ ප්‍රකාශකයෙක් ඒ සම්බන්ධ වැඩි විස්තර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුව ලෝක බොක්සිං ආයතනය ද ලින් තරග නොකරන බව ස්ථිර කළා.

ලිවපූල් නගරයේදී සැප්තැම්බර් 4 සිට 14 දක්වා පැවැත්වෙන්නේ ජාත්‍යන්තර බොක්සිං සංගමය වෙනුවට මේ වසර මුලදී ගෝලීය බොක්සිං පාලකයන් ලෙස පත්වූ ලෝක බොක්සිං ආයතනය සංවිධානය කරන පළමු තරගාවලිය.

මේ අතර, ජානමය පරීක්ෂණයකට මුහුණ දුන්නේ නැත්නම් තමාට ඉදිරියේ පැවැත්වෙන කාන්තා බොක්සිං තරගවලට සහභාගි වීම තහනම් කෙරෙන ලෝක බොක්සිං තීරණයට එරෙහිව ඉමාන් කලීෆ් ක්‍රීඩාවේ ඉහළම උසාවියට ඇපෑලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම නීතිය අවලංගු කර කලීෆ් ට ජාන පරීක්ෂණයට ලක්නොවී ලෝක බොක්සිං ශූරතාවලියේ කාන්තා අංශයේ තරග කිරීමට ඉඩ දෙන ලෙසට මේ ඇපෑලෙන් ඉල්ලා ඇතැයි ක්‍රීඩාව සඳහා වන බේරුම්කාර උසාවිය ප්‍රකාශ කරනවා.

නඩුව විභාග වන අතරතුර ලෝක බොක්සිං තීරණය අත්හිටුවන ලෙසට ද කලීෆ් ඉල්ලා තිබෙන අතර උසාවිය එම ඉල්ලීම නිෂ්ප්‍රභ කර තිබෙනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...