The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා - මාලදිවයින පාපන්දු: ‘දකුණු ආසියානු සුපර් කුසලාන’ මංගල පාපන්දු තරගමාලාව හෙට ඇරඹේ

T

The Leader Desk

September 5, 2025 • 11:06 AM

ශ්‍රී ලංකා - මාලදිවයින පාපන්දු:  ‘දකුණු ආසියානු සුපර් කුසලාන’ මංගල පාපන්දු තරගමාලාව හෙට ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (වමේ සිට) ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා, පුහුණුකරු අබ්දුල්ලා අල්-මුටේරි, පාපන්දු සභාපති ජස්වර් උමාර්, මාලදිවයින් පුහුණුකරු මොහමඩ් සියාස්, නායක අලි සමූ
  • ආරම්භයේදී මේ තරගාවලිය ශ්‍රී ලංකාව හා මාලදිවයින ට පමණක් සීමා වූව ද, ඉදිරියේදී තවත් දකුණු ආසියානු රටවල් කරා ව්‍යාප්ත වෙමින් ‌මේ තරගාවලිය දකුණු ආසියානු පාපන්දු කැලැන්ඩරයේ ප්‍රධාන ඉසව්වක් වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කරනවා.
  • ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් “කලාපීය රටවල් අතර තරග නැතිකම නිසා දකුණු ආසියානු පාපන්දු ක්ෂේත්‍රයේ ලොකු හිඟයක් ඇතිවී තිබෙනවා.
  • දෙපිල අතර මෙතෙක් තරග 22ක් පවත්වා තිබෙන අතර මෙයින් තරග 9ක ජයග්‍රාහකයන්ව සිටින්නේ මාලදිවයින.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරග දෙකකින් සමන්විත ‘දකුණු ආසියානු සුපර් කුසලාන’ මංගල පාපන්දු තරගමාලාව - South Asian Super Cup 2025 - හෙට (6) සහ 9 වැනිදා කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පස්වරු 5.00 ට පැවැත්වෙනවා.


මේ තරගමාලාව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතාගේ සංකල්පයක්. ආරම්භයේදී මේ තරගාවලිය ශ්‍රී ලංකාව හා මාලදිවයින ට පමණක් සීමා වූව ද, ඉදිරියේදී තවත් දකුණු ආසියානු රටවල් කරා ව්‍යාප්ත වෙමින් ‌මේ තරගාවලිය දකුණු ආසියානු පාපන්දු කැලැන්ඩරයේ ප්‍රධාන ඉසව්වක් වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කරනවා.

මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය ලබන වසරට කල්දැමීමෙන් පසුව මේ තරගාවලිය හඳුන්වා දීම විශේෂත්වයක්.

fo 5ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්

“කලාපීය රටවල් අතර තරග නැතිකම නිසා දකුණු ආසියානු පාපන්දු ක්ෂේත්‍රයේ ලොකු හිඟයක් ඇතිවී තිබෙනවා. මාලදිවයින් කණ්ඩායම සමග පැවැත්වෙන මේ තරගයෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය පාපන්දුවේ ඉන්නේ කොතැනද කියලා අපට බලාගන්න පුළුවනි” යනුවෙන් ජස්වර් උමාර් මහතා පැවසුවේ දකුණු ආසියානු සුපර් කුසලානය නිරාවරණය කරමින් පාපන්දු නිවහනේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී.

ශ්‍රී ලංකාව හා මාලදිවයින සතුව තිබෙන්නේ දැඩි ආවේගයෙන් යුත් උද්යෝගය, ආඩම්බරය හා තියුණු සටනකින් කෙරෙන තරගවලින් සංකේතවත් වුනු පාපන්දු ඉතිහාසයක්. දෙපිල අතර මෙතෙක් තරග 22ක් පවත්වා තිබෙන අතර මෙයින් තරග 9ක ජයග්‍රාහකයන්ව සිටින්නේ මාලදිවයින. ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ තරග 3ක් පමණයි. ඉතිරි තරග 10 අවසන්ව තිබෙන්නේ ජය පැරදුමින් තොරව.

 

fo 1දකුණු ආසියානු සුපර් කුසලානය ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් විසින් නිරාවරණය කරයි
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල මාලදිවයින 171 වැනි ස්ථානයේ සිටින අතර පසුගිය කාලය තුළ අත්කර ගත් සීඝ්‍ර දියුණුවකින් පසුව ශ්‍රී ලංකාව 196 වැනි ස්ථානයට පිවිස සිටිනවා.

මේ කණ්ඩායම් දෙක අවසන් වරට මුණගැසුනේ 2022 වසරේ උස්බෙකිස්තානයේ පැවති ආසියානු කුසලාන දෙවැනි වටයේ තරගයක. එහිදී මාලදිවයින ගෝල් 1-0ක ජයක් ලැබුවා.

මාලදිවයින් පාපන්දු කණ්ඩායම 2008 හා 2018 වසරවලදී දකුණු ආසියානු ශූරයින් වුනා. 1995 වසරේදී දකුණු ආසියානු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකාව 1991 හා 1995 වසරවලදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු රන් පදක්කම් දිනා ගත්තා.

fo 3ශ්‍රී ලංකා - මාලදිවයින් පාපන්දු නායකයන්: අලි සමූ (වමේ) හා සුජාන් පෙරේරා

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදෙස් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරන්නේ සුජාන් පෙරේරා. පුහුණුකරු වන්නේ කුවේට් ජාතික අබ්දුල්ලා අල්-මුටේරි. මාලදිවයින් නායකයා අලි සමූ වන අතර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මොහමඩ් සියාස්.

විදෙස් රටවල පාපන්දු ලීගයන් හි ක්‍රීඩා කරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු කරගත් ශ්‍රී ලංකා පාපන්දුවේ විශාල දියුණුවක් පසුගිය වසරවලදී දක්නට ලැබුනු බවත් මේ ලොකු වෙනසකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට අලුත් බවත් සියාස් මාධ්‍ය හමුවේදී කියා සිටියා.

තම ක්‍රීඩකයන් පසුගිය වසර කිහිපයේ එතරම් හොඳින් ක්‍රීඩා කර නැති බවත් මාලදිවයින් කණ්ඩායම සතුව විදෙස් ක්‍රීඩකයන් නැති බවත් පැවසූ සියාස් තම කණ්ඩායමේ සිටින්නේ රටේ ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් පමණක් බව ප්‍රකාශ කළා. මේ ක්‍රිඩකයින් අතර 16 හැවිරිදි ඉදිරිපෙල ක්‍රීඩකයෙක් හා 19 හැවිරිදි මැදපෙල ක්‍රීඩකයෙකු වැනි නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම  සිටින බව මාලදිවයින් පුහුණුකරු පැවසුවා. ‌මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දෙක ජයගැනීම තම කණ්ඩායමට ඉතා වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

fo 4ශ්‍රී ලංකා - මාලදිවයින් පාපන්දු පුහුණුකරුවන්: මොහමඩ් සියාස් (වමේ) හා අබ්දුල්ලා අල්-මුටේරි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ද අලුත් ක්‍රීඩකයින් තිදෙනෙකු සිටින බව පුහුණුකරු අල්-මුටේරි ප්‍රකාශ කළා. මාලදිවයින් කණ්ඩායම සමග පැවැත්වෙන්නේ මිත්‍ර තරග වූව ද තමාට මේ තරග ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු තරයේ කියා සිටියා.

 



සටහන :
නවසිලන්තය හමුවේ අයිරිෂ් හදවත් බිඳුනු රාත්‍රිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා - මාලදිවයින පාපන්දු: ‘දකුණු ආසියානු සුපර් කුසලාන’ මංගල පාපන්දු තරගමාලාව හෙට ඇරඹේ | The Leader