The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

ආජන්ටිනාවේ තරග බිමෙන් මෙසී විලාසමය අයුරින් සමුගනී: ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම ගැන සහතිකයක් නොදෙයි

T

The Leader Desk

September 8, 2025 • 9:47 AM

ආජන්ටිනාවේ තරග බිමෙන් මෙසී විලාසමය අයුරින් සමුගනී: ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම ගැන සහතිකයක් නොදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක පාපන්දුවේ අතිවිශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ලයනල් මෙසී ඔහුගේ කීර්තිමත් ක්‍රීඩා දිවියේ අවසන් වතාවට ආජන්ටිනා ජාතික කණ්ඩායම සමග ආජන්ටිනා පොළොවේ ක්‍රීඩා කළේ නොමැකෙන මතක සටහනක් තබමින්.
  • හොඳ වගේම නරක දේවලුත් ඊට ඇතුළත්.
  • ආජන්ටිනා නායකයා 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා දකුණු අමෙරිකාවෙන් සුදුසුකම් ලැබීමේ තරගවලදී මේ වන විට ගෝල් 36ක් වාර්තා කර තිබෙනවා.
  • ඒ අනුව ඔහු මේ මහාද්වීපයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගවල එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා ලෙස තවදුරටත් රැඳී සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ වෙනිසුවේලා කණ්ඩායමට එරෙහිව ආජන්ටිනාව බ්‍රහස්පතින්දා වාර්තා කළ ගෝල් 3-0ක ජයග්‍රහණයේදී මෙසී ගෝල් දෙකක් ලබා ගත්තේ ඔහුට සමුදීම පිණිස බුවනොස් අයිරස් අගනුවර Estadio Monumental ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතිවිශාල ක්‍රීඩා ලෝලීන් පිරිස අමන්දානන්දයට පත්කරමින්.

 

“‌මෙතැනදී මේ විදියට අවසානයක් දකින්නයි මම සැමවිටම සිහින මැවුවේ” යනුවෙන් මෙසී පැවසුවේ හැඟීම්බර වෙමින්. “මේ පිටියේදී මම බොහෝ දේවල් අත්විඳ තියෙනවා. හොඳ වගේම නරක දේවලුත් ඊට ඇතුළත්. නමුත් අපේ ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ ආජන්ටිනාවේ ක්‍රීඩා කරන්නට ලැබීම සැමවිටම ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන අවස්ථාවක්.”

41c55d20 8a22 11f0 9e7e b3fca215fe16

 

පාපන්දු ක්‍රීඩාවේ ඉහළම වේදිකාවෙන් විශ්‍රාම යන දිනයක් ගැන මෙසී තවමත් ඉඟියක් ලබා දී නැහැ. ලබන වසරේ අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාවේ පැවැත්වෙන ‌ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්නේදැයි විමසූ විට මෙසී “අපි බලමු” යනුවෙන් කියා සිටියේ ඔහු‌ගේ සහභාගිත්වය පිළිබඳව සහතික වීම ප්‍රතික්ෂේප කරමින්.

ආජන්ටිනා නායකයා 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා දකුණු අමෙරිකාවෙන් සුදුසුකම් ලැබීමේ තරගවලදී මේ වන විට ගෝල් 36ක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඔහු මේ මහාද්වීපයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගවල එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා ලෙස තවදුරටත් රැඳී සිටිනවා. ඔහුගේ ‘ඉන්ට මයාමි’ කණ්ඩායම් සගයා වන ලුඊස් ස්වාරස් ගෝල් 29ක් ලබා සිටිය ද ඔහු දැන් උරුගුවේ ජාතික පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගොස් සිටිනවා. බොලිවියාවේ මාසෙ‌ලෝ මොරීනෝ මාටිනස් ගෝල් 22ක් ලබා ගෙන තෙවැනි ස්ථානයේ පසුවනවා.

ලබන වසරේ ලෝක කුසලානයට තමා ක්‍රීඩා කරන්නේ තමා ශාරීරිකව හොඳ තත්ත්වයෙන් සිටින බව දැනුනොත් පමණක් බව මෙසී බ්‍රහස්පතින්දා තරගයෙන් පසුව අවධාරණය කර සිටියා.

messi ch489hgc95u
“මම ඒ ගැන ඉන්නේ ප්‍රබෝධමත්ව හා මහත් ආශාවකින් යුතුවයි. මම දවසින් දවස මට දැනෙන හැඟීම් අනුව දේවල් බාර ගන්නවා. මට හොඳයි කියලා දැනුනොත් මම එයින් විනෝද වෙනවා. එහෙම නැත්නම්, මම එතැන ඉන්නේ නැහැ” මෙසී පැවසුවා. එම තරගාවලිය ආරම්භ වීමට තවත් තිබෙන මාස නවය “දීර්ඝ කාලයක්” බව මෙසී සඳහන් කළා.

“ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කලින් කියා ඇති පරිදි මම තවත් ලෝක කුසලානයක් ක්‍රීඩා කරාවිද කියා මම හිතන්නේ නැහැ. මගේ වයස නිසා, මම ක්‍රීඩා නොකරාවි කියන එකයි වඩාත්ම තර්කානුකූල වන්නේ” 38 හැවිරිදි ලයනල් මෙසී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“ඒත් අපි බලමු. ලෝක කුසලාන තරගාවලිය ගැන මම තවම තීරණයක් අරගෙන නැහැ!”

ග්ලෙන් මැක්ස්වල්ගේ උත්කෘෂ්ට ODI ලෙගසිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...