The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලිය මේ සතිඅන්තයේ ලොංඩන් පෙදෙසේදී

T

The Leader Desk

September 10, 2025 • 7:56 PM

වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලිය මේ සතිඅන්තයේ ලොංඩන් පෙදෙසේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කණ්ඩායම් විස්සක් සහභාගි වන 53 වැනි වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලිය මේ සති අන්තයේ කොළඹ ලොංඩන් පෙදෙසේ
  • තරගාවලිය 12 වැනි සිකුරාදා පෙරවරු 8.00 ට ආරම්භ වී පස්වරු 8.00 දක්වා පැවැත්වෙනවා.
  • පසුදින පෙරවරු 10.00 ට ඇරඹෙන තරගාවලිය අවසන් වන්නේ පස්වරු 6.00 ට.
  • මූල්‍යමය සේවා සැපයුම්කරු ලෙස LOLC ෆිනෑන්ස් ආයතනය මේ තරගාවලියට සහයෝගය දක්වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. මීට සමගාමීව කාන්තා ටැග් රග්බි සෙවන්ස් තරග අටක් ද පැවැත්වෙන බව සංවිධායකයන් වන වෙළඳසේවා රග්බි සංගමය (Mercantile Rugby Football Association – MRFA) ප්‍රකාශ කරනවා.

තරගාවලිය 12 වැනි සිකුරාදා පෙරවරු 8.00 ට ආරම්භ වී පස්වරු 8.00 දක්වා පැවැත්වෙනවා. පසුදින පෙරවරු 10.00 ට ඇරඹෙන තරගාවලිය අවසන් වන්නේ පස්වරු 6.00 ට. මේ තරගාවලිය මෙවර මෙහෙයවනු ලබන්නේ MRFA නව සභාපති මින්දික ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ.

වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස මාස්ටර්කාඩ් ආයතනය මෙවර අනුග්‍රහය දක්වන්නේ පිට පිට තෙවැනි වසරට. මූල්‍යමය සේවා සැපයුම්කරු ලෙස LOLC ෆිනෑන්ස් ආයතනය මේ තරගාවලියට සහයෝගය දක්වනවා. ආහාර සහකරුවා ලෙස ප්‍රීමා කොත්තුමී කටයුතු කරන අතර බීම සහකරු ලෙස ටර්බෝ එනර්ජි ආයතනය ද,  වේදනා සමනය කරන්නා ලෙස අයඩෙක්ස් ආයතනය ද ඉදිරිපත්ව සිටිනවා.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකික රග්බි තරග විනිසුරුවන් සමග විදේශීය තරග විනිසුරුවන් දෙදෙනෙකු ද තරග විනිශ්චය කිරීම.  

තරගාවලියේ ‘කප්’ ශූරතාව සඳහා කණ්ඩායම් 6ක් සහභාගි වනවා. ‘බෝල්’ ශූරතාව සඳහා කණ්ඩායම් 4ක් සහභාගි වන අතර ‘පළිහ’ ශූරතාව වෙනුවෙන් තරග වදින කණ්ඩායම් ගණන 10ක්.

පසුගිය වසරේ ‘කප්’ ශූරයින් වුනේ ජෝන් කීල්ස් හෝල්ඩිංස් ‘ඒ’ කණ්ඩායම.

2025 Mastercard Mercantile Rugby Sevens තරගාවලියේ අනුග්‍රාහකත්වයන් MRFA සභාපති මින්දික ජයසිංහ සහ ආසන්නතම හිටපු සභාපති දිනුෂ්ක ජයතිස්ස යන මහත්වරුන් වෙත පිරිනැමීම ශ්‍රී ලංකා සහ මාලදිවයින් මාස්ටර්කාඩ් කළමනාකරු සඳුන් හපුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණ ශාලාවේදී සිදුකෙරුනා.

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

xfye465346

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...