මහජන ආරක්ෂාව උපුටා දක්වමින් මේ නඩුව ගොනුකර තිබෙන්නේ නීතිය හදාරණ සිසුන් සිවු දෙනෙක් විසින්.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සහ සින්දූර් මෙහෙයුම අවසන්ව වැඩි කලක් ගත නොවී තිබියදී මේ තරගය පැවැත්වීමෙන් ජාතික අභිමානයට බලපෑමක් ඇති කරන බවත් එමගින් ඉන්දියානු සොල්දාදුවන් හා රටවැසියන්ගේ කැපකිරීම් නොසලකා හරින බවත් උසාවියට ඉදිරිපත් කර තිබෙන පෙත්සමෙන් මේ නීති ශිෂ්‍යයන් තර්ක කරනවා.
“ජාතික ආරක්ෂාව, රටවැසියන්ගේ ජීවිත හෝ හමුදා භටයන්ගේ කැපකිරීම්වලට ඉහළින් ක්‍රිකට් තියන්න බැහැ” යනුවෙන් තර්ක කරන පෙත්සම මේ සඳහා මැදිහත් වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
අනාගතයේදී මෙවැනි තීරණ පාලනය කිරීම පිණිස 2025 ජාතික ක්‍රීඩා පාලන පනත වහාම ක්‍රියාත්මක කරන ලෙසට ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකුම තරගය ලෙස නිතර හැඳින්වෙන ඉන්දියාව හා පාකිස්තාන පරම ප්‍රතිවාදීන් අතර තරගය ආසියානු කුසලාන තරගාවලියේ ද වැඩිම අවධානයට ලක්ව තිබෙන තරගය වනවා. කෙසේ වෙතත්, ඉන්දියානු ජනතාවගේ ජාතික ආරක්ෂාව හා මනෝභාවය මතුකරන මේ නඩුව හේතුවෙන් තරගය දැන් අවිනිශ්චිත තත්ත්වයක තිබෙන බව ඉන්දියා පුවත්පත් සඳහන් කරනවා.
තරගය පැවැත්වීමට නියමිත දිනයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව අසනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




