නිරූපිකාවක හා නිළියක වන ලැරීසා වඩාත්ම සරාගී ක්රීඩා ලෝලියා ලෙස ඉමහත් ජනප්රියත්වයක් දිනා ගත්තේ 2010 වසරේ දකුණු අප්රිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඇය ඇගේ පියයුරු මැද ජංගම දුරකථනයක් රඳවා තබා ගෙන සිටින අයුරු ඡායාරූපවලින් දිස්වීමෙන් පසුව. නමුත් මෙවර ඇය ලෝක කුසලාන පාපන්දු ක්රීඩා ලෝලීන් පිනවනු ඇත්තේ තරග විස්තර ප්රචාරය කරන කුටියේ සිට.

දකුණු අමෙරිකානු රටක් වන පැරගුවේ ලෝක කුසලානය දිනා ගතහොත් තමා රටේ අගනුවර වන ඇසින්සියොන් හරහා නිරුවත්ව දුවන බවට මේ කාළ වර්ණ කෙස් ඇත්තී පොරොන්දු වී තිබුනා. පසුව ඇය ‘ප්ලේබෝයි’ සඟරාවේ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටියා. ඇගේ පාපන්දු ක්රීඩක පෙම්වතා වන ජොනතන් ෆැබ්රෝගේ ‘චීඇපස්’ සමාජයීය කණ්ඩායම මෙක්සිකානු ලීගයේ තීරණාත්මක තරගයට සුදුසුකම් ලැබුවහොත් තමා නග්න රංගනයක යෙදෙන බවට ඇය 2017 වසරේදී තවත් පොරොන්දුවක් දී තිබුනා.
එතැන් සිට, ඇසින්සියොන් හි උපත ලද මේ සුන්දරිය සන්නිවේදන අධ්යාපනයේ තෙවසරක පාඨමාලාවක් සම්පූර්ණ කිරීමෙන් පසුව දැන් ක්රීඩා මාධ්යවේදිනියක් බවට පත්ව සිටිනවා.
පෙරු දේශයේ අගනුවර වන ලිමා හි අඟහරුවාදා පැවති පැරගුවේ පාපන්දු කණ්ඩායමේ පෙරු කණ්ඩායමට එරෙහි ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ විස්තර ප්රචාරය කරමින් ඇය මංගල වතාවට ක්රීඩා වාර්තාකරණයේ යෙදුනා.
තරග විස්තර ප්රචාරක සගයන් සමග තමා ක්රීඩාංගණයේ සිටිමින් ගත් ඡායාරූප ඇය සමාජ මාධ්යයේ පෝස්ට් කර තිබෙනවා.
තරගයේ අවසන් කාලයේ ලබා ගත් ගෝලයක් මගින් පැරගුවේ ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

‘ලෝක කුසලානයේ සෙනෙහෙවන්තිය’ යන නාමය පටබැඳී තිබෙන 40 හැවිරිදි ලැරීසා රීකෙල්මෙ අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වෙන තරගාවලියේදී තම රටේ පාපන්දු කණ්ඩායමේ වික්රමයන් වාර්තා කිරීමට දැන් සූදානමින් සිටිනවා.
(වර්නන් ගුණසේකර)
ජ්යෙෂ්ඨ මාධ්යවේදී
gunasekera33@gmail.com




