The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත විනිසුරු මඬුල්ලක්

T

The Leader Desk

September 12, 2025 • 11:45 AM

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත විනිසුරු මඬුල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ මස අග ඇරඹෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග විනිශ්චය කරන්නේ කාන්තාවන් පමණයි.
  • එක් අධීක්ෂණ විනිසුරුවරියක ලෙස මිචල් පෙරෙයිරා ද, පිටියේ හා රූපවාහිනියේ එක් තරග විනිසුරුවරියක ලෙස නිමාලි පෙරේරා ද තරගාවලියේ විනිසුරු මඬුල්ලට ඇතුළත්ව සිටිනවා.
  • පිටිය හා රූපවාහිනී සෙසු විනිසුරුවරියන් ලෙස ඉන්දියාවෙන් තිදෙනෙකු ද ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාවෙන් දෙදෙනෙකු බැගින් ද එංගලන්තය, නවසිලන්තය, සිම්බාබ්වේ හා බංග්ලාදේශය යන රටවලින් එක්‌ කෙනෙකු බැගින් ද පත්කර තිබෙනවා.
  • දකුණු අප්‍රිකාවේ ලෝරන් එජන්බෑග් සහ නවසිලන්තයේ කිම් කොට්න් ලෝක කුසලානයේ තරග විනිශ්චයේ යෙදෙන්නේ දෙවැනි වතාවට.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දියාව හා ශ්‍රී ලංකාවේදී සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 2 දක්වා පැවැත්වෙන තරගාවලියේ නිලධාරිනියන් ලෙස රටවල් නවයකින් පත්කර තිබෙන තරග අධීක්ෂණ විනිසුරුවරියන් සිවු දෙනෙක් සහ පිටිය හා රූපවාහිනී තරග විනිසුරුවරියන් 14 දෙනෙකුගේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ නිවේදනය කළා.

473600469 122164660046267255 4499649066960431825 n

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද මීට ඇතුළත්. එක් අධීක්ෂණ විනිසුරුවරියක ලෙස මිචල් පෙරෙයිරා ද, පිටියේ හා රූපවාහිනියේ එක් තරග විනිසුරුවරියක ලෙස නිමාලි පෙරේරා ද තරගාවලියේ විනිසුරු මඬුල්ලට ඇතුළත්ව සිටිනවා.

සිවු දෙනෙකුගෙන් සමන්විත තරග අධීක්ෂණ විනිසුරු මඬුල්ලේ සිටින අනෙක් තිදෙනා නවසිලන්තය, දකුණු අප්‍රිකාව හා ඉන්දියාවෙන්. පිටිය හා රූපවාහිනී සෙසු විනිසුරුවරියන් ලෙස ඉන්දියාවෙන් තිදෙනෙකු ද ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාවෙන් දෙදෙනෙකු බැගින් ද එංගලන්තය, නවසිලන්තය, සිම්බාබ්වේ හා බංග්ලාදේශය යන රටවලින් එක්‌ කෙනෙකු බැගින් ද පත්කර තිබෙනවා.

 

woiuhre
‌මේ අය අතරින් ඔස්ට්‍රේලියාවේ ක්ලෙයා පොලොසැක්, බටහිර ඉන්දීය කොදෙව් හි ජැකලින් විලියම්ස් සහ එංගලන්තයේ සූ රෙඩ්ෆර්න් මෙවර සහභාගි වන්නේ ඔවුන්ගේ තෙවැනි කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට. දකුණු අප්‍රිකාවේ ලෝරන් එජන්බෑග් සහ නවසිලන්තයේ කිම් කොට්න් ලෝක කුසලානයේ තරග විනිශ්චයේ යෙදෙන්නේ දෙවැනි වතාවට.

එංගලන්තයේ බර්මිංහැම් හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සහ මීට පෙර වඩාත්ම ආසන්නයේ පැවති කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන් දෙකේදීත් දක්නට ලැබුනේ කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වූ තරග නිලධාරී හා විනිසුරු මඬුලු.

13 වැනි කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ සත්කාරක රටවල් දෙක වන ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සැප්තැම්බර් 30 වැනි දින පැවැත්වෙන තරගයෙන්. තරග පැවැත්වෙන්නේ ගුවහාටි, ඉන්දෝර්, විසාඛාපට්නම්, නවි මුම්බායි හා කොළඹ යන නගරවල.

ග්ලෙන් මැක්ස්වල්ගේ උත්කෘෂ්ට ODI ලෙගසිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...