The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

වැරදි පදක්කම් පිරිනැමීම ගැන එංගලන්තයේ අර්ධ මැරතන් සංවිධායකයෝ සමාව ඉල්ලති

T

The Leader Desk

September 13, 2025 • 3:44 PM

වැරදි පදක්කම් පිරිනැමීම ගැන එංගලන්තයේ අර්ධ මැරතන් සංවිධායකයෝ සමාව ඉල්ලති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා බ්‍රිතාන්‍යයේ වඩාත්ම ජනප්‍රිය හා ලොව විශාලතම අර්ධ මැරතන් තරගය වන නිවුකාසල් නගරයේ Great North Run
  • මේ වැරැද්දට ඔවුන් තරගයට සහභාගි වූ 60,000ක් දෙනාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
  • මේ වැරදීම සමාජ මාධ්‍යයේ වේගයෙන් පැතිර ගිය අතර සිදුවූ භූගෝලීය මිශ්‍ර වීම සම්බන්ධයෙන් තරග සංවිධායකයින් ඔවුන්ගේ පසුතැවීම ප්‍රකාශ කරමින් නිවේදනයක් පෝස්ට් කිරීමට වහාම පියවර ගත්තා.
  • මේ අර්ධ මැරතන් තරගයේ නිර්මාතෘවරයා වන්නේ 1976 ඔලිම්පික් පදක්කම්ලාභියෙකු වන සර් බ්‍රෙන්ඩන් ෆොස්ට.
අකුරු ප්‍රමාණය (Font Size):

ධාවනයේ සංවිධායකයන්ට හාස්‍ය දනවන වැරැද්දක් සිදුව තිබෙන්නේ ඔවුන්ගේ නිල පදක්කම්වල වැරදි නගරයක හා ගංගාවක සිතියම සටහන් කිරීමෙන්. මේ වැරැද්දට ඔවුන් තරගයට සහභාගි වූ 60,000ක් දෙනාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

gtu6r747tty
නිවුකාසල් නගරය හරහා ගලා යන ටයින් (Tyne) ගඟ වෙනුවට එම පදක්කමේ දිස්වන්නේ යාබද සන්ඩලන්ඩ් නගරයේ  වෙය (Wear) ගංගාව. තරගය පැවති දිනයේ තරගය අවසන් කළ සෑම කෙනෙකුටම පිරිනමන ලද පදක්කම්වල මේ වැරැද්ද තිබුනා.

මේ වැරදීම සමාජ මාධ්‍යයේ වේගයෙන් පැතිර ගිය අතර සිදුවූ භූගෝලීය මිශ්‍ර වීම සම්බන්ධයෙන් තරග සංවිධායකයින් ඔවුන්ගේ පසුතැවීම ප්‍රකාශ කරමින් නිවේදනයක් පෝස්ට් කිරීමට වහාම පියවර ගත්තා.

මේ අර්ධ මැරතන් තරගයේ නිර්මාතෘවරයා වන්නේ 1976 ඔලිම්පික් පදක්කම්ලාභියෙකු වන සර් බ්‍රෙන්ඩන් ෆොස්ට. තමා ට ද මේ වැරැද්ද ඇස නොගැසුනු බව ඔහු පිළිගත්තා.

“පදක්කමේ මෝස්තරය ගැන මවිත වෙමින් මම දවස් ගණනාවක් ගත කළත් කවදාවත් මේ වැරැද්ද මට අහුවුනේ නැහැ” ඔහු කියා සිටියා.

මේ වසරේ Great North Run තරගයේ ශූරයා වුනේ 2024 ලන්ඩන් මැරතන් තරගය ජයග්‍රහණය කළ ඇලෙක්සැන්ඩ මුටිසො.

නිව්යෝක් මැරතන් තරගයේ ශූරිය වූ ෂීලා චෙප්කිරුයි කාන්තා තරගයේ ජයග්‍රාහිකාව වුනා.

gyurt67546
සිදුවූ මේ වැරැද්දෙන් පසුව තමන් ඊසානදිග එංගලන්තයේ භූගෝලය පිළිබඳව ඉතා හොඳන් අධ්‍යයනය කරන බවට තරග සංවිධායකයින් පොරොන්දු වී තිබෙනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...