BREAKING
Top Ad
ක්‍රීඩා

දකුණු කොරියාව වෙනුවට සතුරු උතුරු කොරියාවේ ජාතික ගීය වාදනය කර ආසියානු ක්‍රීඩා උළෙල කැළඹූ හැටි

T

The Leader

September 19, 2026 • 5:58 AM

දකුණු කොරියාව වෙනුවට සතුරු උතුරු කොරියාවේ ජාතික ගීය වාදනය කර ආසියානු ක්‍රීඩා උළෙල කැළඹූ හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොකී පිටියේ ක්‍රීඩකයින් අන්දමන්ද කරමින් සිදුවූ අලකලංචිය ගැන සංවිධායකයින්ගෙන් නිල සමාව ඉල්ලයි.
  • තරගයට පෙර ඇතිවූ මේ සිද්ධියෙන් දකුණු කොරියානු ක්‍රීඩකයින් අන්දමන්ද වූ අතර සංවිධායකයින් වැරැද්ද නිවැරදි කරමින් බංග්ලාදේශයේ ජාතික ගීයෙන් පසුව දකුණු කොරියානු ජාතික ගීය වාදනය කළා.
  •       ජාත්‍යන්තර තරගාවලියක මෙවැනි දෝෂයක් සිදුවීම තමාට අදහාගත නොහැකි බව දකුණු කොරියානු ප්‍රධාන පුහුණුකරු Min Tae-seok ප්‍රකාශ කරනවා.
  •   මේ වැරැද්ද හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර ජාතික ගීයේ වාදනය අවසන් වීමටත් පෙර දෙපිළේ ක්‍රීඩකයින්ට අතට අත දී ක්‍රීඩා කිරීමට සූදානම් වන ලෙසට තරග විනිසුරු නියෝග කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු කොරියාව තුළ තහනම් සතුරු දේශයේ ගීය වාදනය වීමෙන් තරගයත් ප්‍රමාද වෙයි; බංග්ලාදේශය ගෝල 5-0කින් පරදී.

 

දකුණු කොරියාව සහභාගි වූ තරගයට එහි සතුරු දේශය වන උතුරු කොරියාවේ ජාතික ගීය වාදනය කිරීම හේතුවෙන් ජපාන ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ වීමටත් පෙර මහත් ආන්දෝලනයක් හටගත්තා.

 

උතුරු කොරියානු ජාතික ගීය දකුණු කොරියාවේ වාදනය කිරීම තහනම් කර තිබෙනවා. 

 

18south korea hockey

දකුණු කොරියාවේ ජාතික ගීය වෙනුවට සංවිධායකයින් වැරදීමකින් උතුරු කොරියාවේ ජාතික ගීය වාදනය කිරීම සිදුවුනේ දකුණු කොරියාව හා බංග්ලාදේශය අතර ඊයේ (සිකුරාදා) පැවති හොකී තරගයේ. තරගයට පෙර ඇතිවූ මේ සිද්ධියෙන් දකුණු කොරියානු ක්‍රීඩකයින් අන්දමන්ද වූ අතර සංවිධායකයින් වැරැද්ද නිවැරදි කරමින් බංග්ලාදේශයේ ජාතික ගීයෙන් පසුව දකුණු කොරියානු ජාතික ගීය වාදනය කළා.

 

දෙරටේ ජාතික ගීත වරදවා වාදනය කිරීම සම්බන්ධයෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ කොරියානු ක්‍රීඩා හා ඔලිම්පික් කමිටුව, සිදුවූ වැරැද්ද වෙනුවෙන් නිල වශයෙන් සමාව ගන්නා ලෙසත් මෙවැන්නක් යළි නොවන බවට සහතික වන ලෙසත් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

 

 

 

ජාත්‍යන්තර තරගාවලියක මෙවැනි දෝෂයක් සිදුවීම තමාට අදහාගත නොහැකි බව දකුණු කොරියානු ප්‍රධාන පුහුණුකරු Min Tae-seok ප්‍රකාශ කරනවා.

 

මේ වැරැද්ද හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර ජාතික ගීයේ වාදනය අවසන් වීමටත් පෙර දෙපිළේ ක්‍රීඩකයින්ට අතට අත දී ක්‍රීඩා කිරීමට සූදානම් වන ලෙසට තරග විනිසුරු නියෝග කළා.

 

2023 ආසියානු ලෝකඩ පදක්කම්ලාභීන් වන දකුණු කොරියාව ගෝල් 5-0කින් බංග්ලාදේශය පහසුවෙන් පරාජය කළා.

 

 

 (සටහන : වර්නන් ගුණසේකර)

 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

 gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...