කණ්ඩායම් 20ක් සහභාගි වන මේ තරගාවලියේ තරග ඉන්දියාවේ අවම වශයෙන් ස්ථාන පහක සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ දෙකක පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ.

අවසාන මහා තරගය අහමදාබාද් හෝ කොළඹදී පැවැත්වීම රැඳී පවතින්නේ පාකිස්තානය එම තරගයට සුදුසුකම් ලැබීම මත. වර්තමානයේ දෙරට අතර දේශපාලනික සබඳතා පළුදු වී තිබීම හේතුවෙන් ඉන්දියාව හා පාකිස්තානය ඔවුනොවුන්ගේ රටවල ක්‍රීඩා කරන්නේ නැහැ.
තරග කාල සටහන පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තවමත් අවසන් තීරණයකට එළැඹෙමින් සිටින අතර ඔවුන් මේ කාල සීමාව හඳුනා ගෙන ඒ පිළිබඳව තරගාවලියට සහභාගි වන රටවලට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
මේ වන විට, කණ්ඩායම් 15ක් 2026 පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටිනවා. එම කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසිලන්තය, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාය, නෙදර්ලන්තය සහ ඉතාලිය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට ඉතාලිය සුදුසුකම් ලබා සිටින්නේ ප්‍රථම වතාවට.
ඉතිරි කණ්ඩායම් පහෙන්, දෙකක් අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ද, කණ්ඩායම් තුනක් ආසියා සහ නැගෙනහිර ආසියා පැසිෆික් කලාපවලින් සුදුසුකම් ලබා ගනිමින් ද තරගාවලියට පිවිසීමට නියමිතයි.

බාබඩෝස් හිදී දකුණු අප්‍රිකාව පරාජය කළ ඉන්දියාවයි වර්තමාන ලෝක ශූරයින්ව සිටින්නේ.
ශ්‍රී ලංකාව අවසන් වරට පිරිමි විස්සයි20 ලෝක කුසලානයකට සත්කාරකත්වය දැරුවේ 2012 වසරේ. ඉන්දියාවේ මීට පෙර අවසන් වතාවට මේ තරගාවලිය ක්‍රීඩා කෙරුනේ 2016 වසරේ.




(වර්නන් ගුණසේකර)