The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේදී ඉතාලිය නියෝජනයට හිටපු ඔස්ට්‍රේලියානු පිතිකරුවෙක්

T

The Leader Desk

May 30, 2024 • 10:42 AM

2026 T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේදී ඉතාලිය නියෝජනයට හිටපු ඔස්ට්‍රේලියානු පිතිකරුවෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 වසරේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි20 - T20 - ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම
  • ඔහු මේ උත්සාහයේ නිරත වීමට තීරණය කර තිබෙන්නේ තමාගේ මිය ගිය සහෝදරයා ට ගෞරව පිදීමක් ලෙසින්.
  • 2024-25 ක්‍රීඩා වාරය සඳහා වන ක්වීන්ස්ලන්ත ක්‍රිකට් කොන්ත්‍රාත් ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් පසුව 34 හැවිරිදි බර්න්ස් දැන් ඔහුගේ හදවතට සමීප කාර්යයක් වෙනුවෙන් අවධානය යොමු කර තිබෙනවා.
  • 2014 සිට 2020 දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාව  වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 23කට ක්‍රීඩා කළ ජෝ බර්න්ස්, පෙබරවාරියේ මිය ගිය ඔහුගේ ‌සහෝදරයා වෙනුවෙන් තවමත් කනගාටු වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පිණිස ඉතාලිය ට උපකාර කිරීමට හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් (Joe Burns) සූදානම් වනවා. ඔහු මේ උත්සාහයේ නිරත වීමට තීරණය කර තිබෙන්නේ තමාගේ මිය ගිය සහෝදරයා ට ගෞරව පිදීමක් ලෙසින්.

2024-25 ක්‍රීඩා වාරය සඳහා වන ක්වීන්ස්ලන්ත ක්‍රිකට් කොන්ත්‍රාත් ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් පසුව 34 හැවිරිදි බර්න්ස් දැන් ඔහුගේ හදවතට සමීප කාර්යයක් වෙනුවෙන් අවධානය යොමු කර තිබෙනවා.

2014 සිට 2020 දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාව  වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 23කට ක්‍රීඩා කළ ජෝ බර්න්ස්, පෙබරවාරියේ මිය ගිය ඔහුගේ ‌සහෝදරයා වෙනුවෙන් තවමත් කනගාටු වනවා.

 

images 15බ්‍රිස්බේන් හි අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩා කරද්දී පැළඳ සිටි අංක 85 සඳහන් ඉතාලි ජර්සිය

තමාගේ මිය ගිය සොහොයුරා වන ඩොමිනික්, බ්‍රිස්බේන් හි අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩා කරද්දී පැළඳ සිටි අංක 85 සඳහන් ඉතාලි ජර්සිය සමග ගත් ඡායාරූපයක් හැඟීම්බර සමාජ මාධ්‍ය පෝස්ටුවකින් බර්න්ස් පළකර තිබෙනවා.

“මෙය නිකම් ම අංකයක් නෙවෙයි. මේක නිකම් ම නිකම් ජර්සියකුත් නෙවෙයි” යනුවෙන් බර්න්ස් ‘ඉන්ස්ටග්‍රෑම්’හි සටහන් කර තිබෙනවා.



සිය මව හරහා ඉතාලි උරුමයක් තිබෙන ජෝ බර්න්ස් 2026 වසරේ T20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා උපකාර කරන්නේ පාපන්දු ක්‍රීඩාවෙන් වඩාත් ප්‍රසිද්ධ රටකට.

“ඔස්ට්‍රේලියාවේ අලුත් ජීවිතයක් ගත කිරීම පිණිස ඉතාලිය අතහැර ඒමේදී මගේ සීයා හා ආච්ච් ට තිබූ නිර්භීතකම හා කැපවීම ගැන මම නිතර සිතනවා” යනුවෙන් බර්න්ස් ලියා තිබෙනවා.

 

f045ca70 1cc7 11ef 94e3 d78ab9e658c92026 විස්සයි20 ලෝක කුසලානය කරා යන අපේ ගමනේදී ඉතාලිය නියෝජනය කිරීම මට ලොකු ආඩම්බරයක්.”

“ඔවුන් අසීරුතාව මැදින් ගමන් කරන්න ක්‍රමයක් හොයා ගත්තා. මෙය සැමවිටම ජීවිතයේ පාඩම්වලදී මට සැනසිල්ල ගෙන දෙන කරුණක් වී තිබෙනවා.”

“2026 විස්සයි20 ලෝක කුසලානය කරා යන අපේ ගමනේදී ඉතාලිය නියෝජනය කිරීම මට ලොකු ආඩම්බරයක්.”

“රෝමයේ ක්‍රීඩා පිට්ටනි ඔස්ට්‍රේලියාවේ ගබා, මෙල්බර්න් හෝ අපේ ගෙවල්වල ඉදිරි මිදුලට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවනි. නමුත් මට දැනෙන්නේ මම ආයෙත් ගෙදර එනවා වගෙයි!”


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...