The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2030 ලෝක පාපන්දු කුසලානය: කණ්ඩායම් 64 යෝජනාවට ලොව පුරා විරෝධය වැඩිවෙයි

T

The Leader Desk

April 16, 2025 • 9:02 AM

2030 ලෝක පාපන්දු කුසලානය: කණ්ඩායම් 64 යෝජනාවට ලොව පුරා විරෝධය වැඩිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමුව යුරෝපය ද, දෙවැනුව ආසියාව ද මේ සැලසුමට එරෙහි වීමෙන් පසුව දැන් උතුර හා මධ්‍යම අමෙරිකාව සහ කැරිබියන් දූපත් ද මේ අදහසට විරුද්ධ වී සිටිනවා.
  • කණ්ඩායම් 64 යෝජනාව ජගත් පාපන්දු සම්මේලනයට (FIFA) ගෙන ආවේ දකුණු අමෙරිකානු පාපන්දු සම්මේලනයේ සභාපති අලෙහන්ද්‍රෝ ජොමිංගෙස් (Alejandro Dominguez) විසින්.
  • මෙය නරක අදහසක් බව පළමුව කියා සිටියේ යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) සභාපති ඇලෙක්සැන්දර් ජෙෆරීන් (Aleksander Ceferin).
  • මෙය ලෝක කුසලානයට මෙන්ම ඊට සුදුසුකම් ලබන අපේ කණ්ඩායම්වලටත් හොඳ අදහසක් නෙවෙයි” ඔහු ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


පළමුව යුරෝපය ද, දෙවැනුව ආසියාව ද මේ සැලසුමට එරෙහි වීමෙන් පසුව දැන් උතුර හා මධ්‍යම අමෙරිකාව සහ කැරිබියන් දූපත් ද මේ අදහසට විරුද්ධ වී සිටිනවා.

කණ්ඩායම් 64 යෝජනාව ජගත් පාපන්දු සම්මේලනයට (FIFA) ගෙන ආවේ දකුණු අමෙරිකානු පාපන්දු සම්මේලනයේ සභාපති අලෙහන්ද්‍රෝ ජොමිංගෙස් (Alejandro Dominguez) විසින්. මෙය නරක අදහසක් බව පළමුව කියා සිටියේ යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) සභාපති ඇලෙක්සැන්දර් ජෙෆරීන් (Aleksander Ceferin).

960x0 1ඇලෙක්සැන්දර් ජෙෆරීන්

“මම හිතන්නේ මේක නරක අදහසක්. මෙය ලෝක කුසලානයට මෙන්ම ඊට සුදුසුකම් ලබන අපේ කණ්ඩායම්වලටත් හොඳ අදහසක් නෙවෙයි” ඔහු ප්‍රකාශ කළා. “ඒ නිසා මම ඒ අදහසට සහාය දක්වන්නේ නැහැ. මේක ආවේ කොහෙන්ද කියා මම දන්නේ නැහැ. නමුත් FIFA කවුන්සලයට මේ යෝජනාව ඉදිරිපත් වනතුරු අපි මේ ගැන දැන නොසිටීම හරි පුදුමයි” යනුවෙන් ජෙෆරීන් සඳහන් කරනවා.

මේ අතර ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති සල්මාන් බින් ඉබ්‍රාහිම් අල් ඛලීෆා (Salman bin Ibrahim Al Khalifa) ෂෙයික්වරයා ද මේ අදහසට විරුද්ධ වෙමින්, “මේ විදියට කණ්ඩායම් ගණන වැඩිවෙන්න පටන් ගත්තොත් මහා අවුලක් ඇතිවිය හැකියි” කියා සිටිනවා.

“මේ කාරණාව වෙනසකට විවෘතව තිබෙනවා නම්, දොර ඇරිලා තිබෙන්නේ තරගාවලිය කණ්ඩායම් 64ක් දක්වා ව්‍යාප්ත කිරීමට පමණක් නෙවෙයි” සල්මාන් AFC 35 වැනි කොන්ග්‍රසයේදී ප්‍රකාශ කළා.

“තවත් කෙනෙක් ඇවිත් කණ්ඩායම් ගණන 132 දක්වා වැඩි කරන ලෙසට ඉල්ලා සිටියොත් වෙන්නේ මොකක්ද? එවිට මෙය ලොකු අවුලක් බවට පත්වේවි.”

montagliani victor concacaf 220616 1180වික්ටර් මොන්ටලිආනි
අලෙහන්ද්‍රෝ ජොමිංගෙස් ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධ වන ලොව අනෙකුත් පාපන්දු සම්මේලන අතරට අලුතින්ම එක්ව සිටින්නේ උතුර හා මධ්‍යම අමෙරිකාව සහ කැරිබියන් පාපන්දු සංගම් සම්මේලනයේ (Concacaf) සභාපති වික්ටර් මොන්ටලිආනි (Victor Montagliani).

“Concacaf හි දී, අපි කාන්තා ලෝක කුසලානයේ කණ්ඩායම් ගණන වැඩි කිරීමට සහ අපේ සම්මේලනයේ පිරිමි හා කාන්තා ජාතික කණ්ඩායම් හා සමාජ තරගාවලියන්ගේ විකසනයට සහයෝගය දක්වමින් වෙනසකට විවෘත බව පෙන්වා දී තිබෙනවා” මොන්ටලිආනි සඳහන් කරනවා.

FIFA considers expanding the 2030 World Cup to 64 teams 1024x576

“පිරිමි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කණ්ඩායම් 64 දක්වා ව්‍යාප්ත කිරීම එම තරගාවලියට සහ ඊට වඩා විශාල පාපන්දු පාරිසරික පද්ධතිය (ජාතික කණ්ඩායම් සිට අන්තර් සමාජ තරගාවලියන්, ලීග් තරග හා ක්‍රීඩකයන් දක්වා) වෙනුවෙන් ගන්නා නිවැරදි පියවර බව මම විශ්වාස කරන්නේ නැහැ.”

අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව හරහා පැවැත්වීමට නියමිත 2026 ‌ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉතිහාසයේ ප්‍රථම වතාවට කණ්ඩායම් 48ක් සහභාගි කරමින් ජගත් පාපන්දු සම්මේලනය දැනටමත් අලුත් ක්‍රමවේදයක් පරීක්ෂා කරමින් සිටිනවා.


warnan Gunasekara
 (සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


සබැඳි :

 '2030 පාපන්දු ලෝක කුසලානයට දකුණු අමෙරිකාවෙන් කණ්ඩායම් 64ක නිල යෝජනාවක්'

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...