සංචිතයේ ප්‍රධාන වේග පන්දු යවන්නන් පස්දෙනෙකු පමණ ආබාධ හෝ රෝග තත්ත්වයන් නිසා ක්‍රීඩා කිරීමට නොහැකි වීම ඔහුට එම අවස්ථාව හිමි වීමට හේතුවයි.
නමුත් ප්‍රමෝද් හෝ කසුන් රාජිත වැනි පන්දු යවන්නෙකුට වඩා මොහොමඩ් ශිරාස් ට එම ස්ථානය හිමි වීමට හේතු දෙකක් තිබේ.
පළමුවැන්න ඔහුගේ අවසන් පළමු පෙල තරගයයි.

BRC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ශිරාස් කුරුණෑගල ක්‍රීඩා සමාජයට එරෙහිව ඔහු ක්‍රීඩා කළ අවසන් පළමු පෙල තරගයේ ලකුණු 21 කට කඩුලු හයක් දවා ගැනීමට සමත් විය.
එය ඔහුගේ පළමු පෙල හොඳම පන්දු යැවීමයි.
දෙවැන්න නම් මොහොමඩ් ශිරාස් ට අවස්ථාවක් ලබා දෙන ලෙසට මෙරට රසිකයන්ගෙන් කලෙක පටන් විශාල ඉල්ලීමක් විය.
විශේෂයෙන්ම ඔහුට එරෙහිව නොසැලකීමක් සහ කැපිල්ලක් පවතින බවට ඇතැම් රසිකයන් අතර මැසිවිල්ලක් ද විය.
ඒ අතර ඇතැමෙක් ප්‍රකාශ කළේ සුලු ජාතිකයෙකු වීම නිසා ඔහුට අවස්ථාවන් හිමි නොවන බවයි.
එම හේතූන් නිසා වෙනත් වේග පන්දු යවන්නෙකුට ඉහළින් ශිරාස් තෝරා ගැනෙන්නට ඇත.
මහනුවර මදීනා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ට වූ ඔහු 29 හැවිරිදි ක්‍රීඩකයෙකි.
සාර්ථක සහ දිගු ගමනකට මොහොමඩ් ශිරාස් ට සුබ පැතුම්!

(ඉරේශාන් සිරිවර්ධන)
ක්‍රීඩා ලේඛක
2ireshan@gmail.com
2024. 08. 02
(Ireshan Siriwardhana ගේ ෆේස්බුක් පිටුවෙන්)



