පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් සියුම් සෝදිසියක් කරන ලෙස යුක්රේනයේ ඔලිම්පික් කමිටුව විසින් ජගත් ඔලිම්පික් කමිටුවෙන් (IOC) ඉල්ලීමක් කර තිබෙනවා.

විශේෂයෙන් ඔලිම්පික් මල්ලවපොර ක්‍රීඩාවේ තරග වදින රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන් විශේෂ පරීක්ෂණයකට යොමු කරන ලෙසට යුක්රේනය ඉල්ලා තිබෙන්නේ ඔවුන් මධ්‍යස්ථභාවය උල්ලංඝනය කර තිබෙන බවට නැගෙන චෝදනාවලින් පසුව.

 

GettyImages 1251611499Vadym Huttsait

මේ පිළිබඳව යුක්රේන් ඔලිම්පික් කමිටුවේ සභාපති Vadym Huttsait ජගත් ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී Thomas Bach වෙත යවා ඇති ලිපියේ මෙසේ සඳහන්: “2024 පැරිස් ඔලිම්පික් උළෙලේ විශේෂයෙන් මල්ලවපොර තරගවලට සහභාගි වන රුසියානු හා බෙලරුසියානු විදෙස් ගමන් බලපත්‍ර තිබෙන මධ්‍යස්ථ තනි ක්‍රීඩකයන් හා ඔලිම්පික් සහභාගිත්වය සඳහා වන IOCයේ කොන්දේසි එම ක්‍රීඩකයන් පිළිපැදීම යන කාරණා සම්බන්ධයෙන් නැවත ඔබේ අවධානය යොමු කිරීමට මා කැමතියි.”

2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ජාතික කොඩි, ලාංජන හෝ ජාතික ගීත නැතිව මධ්‍යස්ථ ක්‍රීඩකයන් ලෙස තනි ඉසව්වලට පමණක් තරග කළ හැකි බවට ජගත් ඔලිම්පික් කමිටුව දෙසැම්බරයේදී ප්‍රකාශ කළා.

 

data108968769 e64deb

යුක්රේනයේ පවතින යුද්ධයට තමන් ක්‍රියාකාරීව සහයෝගය දක්වා නැති බව ඇතුළු කොන්දේසි කිහිපයක් සෑම ක්‍රීඩකයෙකු ම පිළිපැදීම අවශ්‍ය බව ඔවුන් දන්වා සිටියා. මේ ක්‍රීඩකයන් රුසියානු හෝ බෙලරුසියානු හමුදාවන් හෝ ජාතික ආරක්ෂක ඒජන්සිවලට සේවය නොකරණ බවට ද සහතික විය යුතු යැයි IOCය දන්වා තිබුනා.

මේ කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට තමා ජගත් ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා සිටින බව Huttsait පැවසුවා.

 

231208153815 russia team olympics 2020

  
ඔහු මේ ඉල්ලීම කර තිබෙන්නේ යුක්රේනයේ මතයට අනුව IOCයේ මධ්‍යස්ථභාවයේ අවශ්‍යතාවන්ට පටහැනිව ක්‍රියා කර තිබෙන රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින්. 
 

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්