කොළඹ රාජකීය විදුහල ඔවුන්ගේ බොක්සිං ක්‍රීඩාවේ 110 වැනි සංවත්සරය මේ වසරේ සමරනවා.

රාජකීය විදුහලේ බොක්සිං උරුමය යනු ජයග්‍රහණ, වාර්තා හා නොනවතින විශිෂ්ටත්වයක අවුරුදු 110ක ගමනක්.

ඔවුන්ගේ සාඩම්බර බොක්සිං සම්ප්‍රදාය පාසලේ බොක්සිං ක්‍රීඩාවේ ආරම්භය හා ‘ස්ටබ්ස් පළිහ’ තරගාවලිය හඳුන්වා දීම සිදුවූ 1913 වසර දක්වා අතීතයට දිවෙනවා. 1999 හා 2010 වසර හැරුනු විට රාජකීය විදුහල 1914 සිට සෑම ‘ස්ටබ්ස් පළිහ’ තරගාවලියකට ම නොකඩවා සහභාගි වී තිබෙන්නේ බොක්සිං ක්‍රීඩාවට තිබෙන ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය කරමින්.

රාජකීය විදුහල් බොක්සිං පරාක්‍රමය 1944-47 හා 1984-87 වකවානුවල මුදුන ට ම පිවිසියේ පිට පිට ලබා ගත් ජයග්‍රහණ හතරකින් සමන්විත වූ විශිෂ්ට තරගමාලා වාර්තාවකින්. එහෙත්, මේ දක්ෂතාව පසුව මහනුවර විද්‍යාර්ථ විදුහල විසින් අභිබවා ගියේ 1991 සිට 1997 දක්වා කාලය තුළ පිට පිට ජයග්‍රහණ හතක් ලබා ගනිමින්.

කෙසේ වෙතත්, රාජකීය විදුහල ජයග්‍රහණ 19ක් ලබා ගෙන ‘ස්ටබ්ස් පළිහ’ තරගමාලාවේ වැඩිම ජයග්‍රහණ වාර්තාව තවමත් හිමිකර ගෙන සිටිනවා. ඔවුන්ගේ ආසන්නතම ජයග්‍රහණය දශක තුනකට පසුව වාර්තා වුනේ 2017 වසරේදී.

‘ස්ටබ්ස් පළිහ’ බොක්සිං තරගමාලාවේ තනි දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති ක්‍රීඩකයන් අතර පෙරමුණේ සිටින්නේ ඒ.බී.හෙන්රිකස්, එෆ්.අයි.ටී.ලැබ්රෝයි, එච්.බණ්ඩාර, එස්.බී.සමරතුංග, එච්.උස්මාන් හා එම්.එම්.ඒ. නිස්තාර් යන ජයග්‍රහණ ගණනාවක් හිමිකර ගත් ක්‍රීඩකයන්.

wpmendisකොළඹ රාජකීය විදුහල් බොක්සිං ක්‍රීඩාවේ 110 වැනි සංවත්සරය සැමරෙන මේ මොහොතේදී විශේෂ අවධානය යොමු වන්නේ 1980 දශකයේ ශූරයෙකු වූ ඩබ්ලිව්.පී.මෙන්ඩිස් වෙත. ඔහු සිවු වතාවක් ජාතික බොක්සිං ශූරයා බවට පත්වුනු අවසන් රාජකීය විදුහල් ක්‍රීඩකයා යි. ඔහු අනුගමනය කරන්නේ 1982 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ එම්.ඒ.ජයලත් තැබූ පියවර.

සිවු වතාවක් ‘ස්ටබ්ස් පළිහ’ ජයග්‍රහණය කර ඇති වමත් බොක්සිං ක්‍රීඩක පූජිත මෙන්ඩිස් විශිෂ්ට පාසල් බොක්සිංකාරයෙක් ලෙස ඉස්මතු වුනේ 1980 ගණන්වල. ‘එල්.වී.ජයවීර’, ‘ටී.බී.ජයා’ හා ‘ස්ටබ්ස් පළිහ’ තරගාවලියන්හිදී ඔහු කළින් ම ලැබූ සාර්ථකත්වයන් ඔහුට සුභදායී අනාගතයක වේදිකාව සකස් කළා.

කණිෂ්ඨ ජාතික ශූරයෙකු හා 1987 හොඳම බොක්සිං ක්‍රීඩකයා වශයෙන් මෙන්ඩිස් ආධුනික බොක්සිං සංගමයේ තරගාවලියන් හා අන්තර් තරගාවලියන්හි දිගටම කැපී පෙනෙන්නට වූයේ අනාගත බොක්සිං සම්පතක් ලෙස ඔහුගේ කුසලතා විදහා දක්වමින්. රාජකීය විදුහලේ අන්තර් නිවාස බොක්සිං තරගාවලියේදී ‘ඊ.අයි.ග්‍රේ අභියෝග ශූරතාව’ දෙවතාවක් දිනා ගැනීමට මෙන්ඩිස් සමත් වුනා.

ඔහු සිය මංගල ජාතික ශූරතාව හිමිකර ගත්තේ 1990 වසරේදී. ඒ, පොලිසිය නියෝජනය කරමින් ‘ලේටන්’ හා ‘ක්ලිෆඩ්’ කුසලානය තෙවතාවක් දිනාගෙන. ඔහුගේ වඩාත් ම අගනා ජයග්‍රහණය සිදුවුනේ යුද හමුදාව හා ශ්‍රී ලංකා අතිවිශිෂ්ට බොක්සිං ක්‍රීඩක ආර්.කේ.සුමිත් ප්‍රසන්න ට එරෙහිව ජාතික ශූරතාවලියේදී. 1990 ‘ලේටන් කුසලාන’ තරගාවලියේදී මෙන්ඩිස් දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස නම් කෙරුනා.

පූජිත මෙන්ඩිස්ගේ ජාත්‍යන්තර චාරිකාව ආරම්භ වූයේ 1990 වසරේ ස්වීඩනයේ පැවති තරුණ තරගාවලියක දිනා ගත් රිදී පදක්කමකින්. අනතුරුව 1999 ඉන්දියාවේ පැවති Adajanya ජාත්‍යන්තර තරගාවලියේදී ලෝකඩ පදක්කමක් හිමිකර ගත් ඔහු ඉන්පසු තරගකාරී බොක්සිං ක්‍රීඩාවෙන් සමුගත්තා.

තරග බිමෙන් විශ්‍රාම යාමෙන් පසුව මෙන්ඩිස් තවදුරටත් ක්‍රීඩාවට දායකත්වය සැපයූවේ රාජකීය විදුහලේ සහ පොලිසියේ ප්‍රධාන බොක්සිං පුහුණුකරු ලෙස කටයුතු කරමින්. ඔහු 2012 වසරේදී, තරු තුනේ AIBA පුහුණුකරුවකු ලෙස සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වුනා.

ජ්‍යෙෂ්ඨ ලෝක ශූරතාවලිය, 2012 යෞවන ලෝක ශූරතාවලිය හා 2014 ඉන්චොන් ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු නොයෙකුත් ජාත්‍යන්තර තරගාවලියන්හි ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මෙන්ඩිස් බොක්සිං ක්‍රීඩාවේ දියුණුව පිණිස නොසැලෙන කැපවීමක් ප්‍රදර්ශනය කළා.

දැන් 53 වැනි වියේ පසුවෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුව සිටින මෙන්ඩිස් දිග ට ම ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවය කරමින් 2009 වසරේදී ජාතික බොක්සිං විනිසුරුවෙකු ලෙස සුදුසුකම් ලබා ගත්තේ ක්‍රීඩාව වෙනුවෙන් තිබෙන ඔහුගේ දායකත්වය තවදුරටත් තහවුරු කරමින්.

1925 වසරේදී ‘ස්ටබ්ස් පළිහ’ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයාගේ කුසලානය හිමිකර ගත් පළමු රාජකීය විදුහල් ක්‍රීඩකයා සහ ඉන්පසුව 1928 වසරේදී ඔ්නෑම ක්‍රීඩාවක කේම්බ්‍රිජ් සරසවියට නායකත්වය දුන් ප්‍රථම ආසියානුවා බවට පත්වූ ඩැන්ටන් ඔබේසේකරගේ සාඩම්බර ශිෂ්‍යයෙකු වන ඩබ්ලිව්.පී.මෙන්ඩිස් උසුලන්නේ ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව අලංකාර කළ එක් දක්ෂතම රාජකීය ශිෂ්‍යයෙක් හා පොලිස් නිලධාරියෙකු වශයෙන් තිබෙන ලෙගසියක්.



warnan Gunasekara

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්