මාලිගාවත්ත යූත් හා වැල්ලවත්ත යංග් සිල්වර් අතර තරගයේ උණුසුම් අවස්ථා...

 

තරුණ පාපන්දු ක්‍රීඩකයන් සඳහා පවත්වනු ලබන කොළඹ ප්‍රධාන පෙලේ අන්තර් සමාජ පාපන්දු තරගාවලියක් වන ‘යූසුෆ් කුසලාන’ අවුරුදු 19න් පහළ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා මාලිගාවත්ත යූත්, වැල්ලවත්ත යංග් සිල්වර්, රිනවුන් හා පසුගිය දෙවසරේ ශූරයින් වන ජාවාලේන් යන කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිනවා.


අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම් ඉදිරියේදී තීරණය වනු ඇත්තේ මේ තරගාවලියේ ලීග් වටයේ අවසන් තරග කිහිපය ලබන සතිඅන්තයේ පැවැත්වෙන බැවින්.

මාලිගාවත්ත යූත් හා වැල්ලවත්ත යංග් සිල්වර් අතර සිටි පාපන්දු පිටියේ ගෙවුනු සතිඅන්තයේ පැවති මූලික වටයේ තරගයෙන් මාලිගාවත්ත යූත් කණ්ඩායම ගෝල් 3-1ක ජයක් හිමිකර ගත්තා. කෙසේ වෙතත්, ඔවුන්ගේ තරග ඛාණ්ඩයේ කොළඹ සිටි පාපන්දු සමාජ කණ්ඩායම විනය හේතු මත තරගාවලියෙන් ඉවත් කෙරුනු බැවින් මේ කණ්ඩායම් දෙක ට ම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදා වුනා.

ජාවාලේන් හා රිනවුන් කණ්ඩායම් අතර පැවති මූලික වට තරගයේදී පෙනල්ටි මගින් ජයග්‍රහණය අත්කර ගැනීමට ජාවාලේන් ට හැකිවුනා. මේ කණ්ඩායම් දෙකත් දැන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.

 

Football 1
මොරගස්මුල්ල හා වැල්ලවත්ත කුරේ යන කණ්ඩායම් අතර පැවති මූලික වටයේ තවත් තරගයකදී ගෝල් 2-0ක ජයක් හිමිකර ගැනීමට මොරගස්මුල්ල ක්‍රීඩකයන් සමත් වුනා. සෝන්ඩර්ස් හා කොළඹ පාපන්දු සමාජය අතර පැවැති තරගය දෙපිල ම ගෝලය බැගින් ලබා ගෙන සමව අවසන් වුනා.

තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 15ක්. අනුශූරයන්ට රුපියල් ලක්ෂයක් හිමිවනවා. 

සිටි පාපන්දු ලීගය තෙවැනි වරටත් සංවිධානය කරන මේ තරගාවලියට සෝන්ඩර්ස්, බ්ලැක් ස්ක්වෙයා, කොළඹ පාපන්දු සමාජය, රිනවුන්, කොල්ලුපිටිය යුනයිටඩ්, ජාවාලේන්, වැල්ලවත්ත යංග් සිල්වර්, වැල්ලවත්ත කුරේ, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය, මාලිගාවත්ත යූත් හා කොම්පඤ්ඤවීදිය වික්ටරි යන කණ්ඩායම් සහභාගි වනවා. 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්