උතුරු පළාතේ වයස අවුරුදු 10න් හා අවුරුදු 12න් පහල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,750කගෙන් සමන්විත කණ්ඩායම්

250ක් සහභාගි වන මයිලෝ පාපන්දු ශූරතාවලිය වැඩිම ක්‍රීඩකයන් සහභාගි වන පළාත් පාපන්දු වැඩසටහන ලෙස වාර්තා වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය හා නෙස්ලේ ආයතනය ඒකාබද්ධව සංවිධානය කරන මේ උතුරු පළාතේ තරගාවලිය ‘2024 මයිලෝ පාපන්දු ශූරයින්ගේ’ වැඩසටහනේ පළමු අදියර යි. උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්ක පහේදී මේ තරග ඉදිරි සතිවල පැවැත්වෙනවා.

අනාගත පාපන්දු සම්පතේ හැකියාවන් මුදාහරින මයිලෝ පාපන්දු ශූරයන්ගේ වැඩසටහනේ ඉලක්කය වන්නේ උතුරු පළාතේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාශීලී දක්ෂතා ඔප්නැංවීමයි.

මේ තරගාවලියට සමගාමීව, තෝරා ගත් කුසලතා පිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමකට ඉදිරි මාසවල සතිඅන්තයන්හි විශේෂ පුහුණුවක් ලබා දෙනු ඇති අතර මෙය මෙහෙයවන්නේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ පුහුණුකරුවන්.

අධ්‍යාපන අමාත්‍යංශය, උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා නෙස්ලේ මයිලෝ අනුග්‍රාහකත්වයේ සහායෙන් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් මේ වැඩසටහන ක්‍රියාවට නැංවීමටයි නියමිතව තිබෙන්නේ.

දිස්ත්‍රික් තරගවලින් පසුව ඒ ඒ වයස් ඛාණ්ඩවල ඉහළ ට ම පිවිසෙන බාලක හා බාලිකා කණ්ඩායම් 16 අවසාන වටයට පිවිසෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200කගෙන් යුත් කණ්ඩායම් 80ක සහභාගිත්වයෙන් අවසන් වටය පැවැත්වෙන අතර අවසාන මහා තරග මාර්තු 23 වැනිදා යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මන්නාරම දිස්ත්‍රික්කයේ තරග පෙබරවාරි 24 වැනිදා ආරම්භ වූ අතර ඉදිරි තරග වැඩසටහන මෙසේයි.

*මාර්තු 2 - මුලතිව් දිස්ත්‍රික්කය
*මාර්තු 9 - වව්නියා දිස්ත්‍රික්කය
*මාර්තු 16 - කිලිනොච්චි දිස්ත්‍රික්කය
*මාර්තු 22 - යාපනය දිස්ත්‍රික්කය

 සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්