කොවිඩ් වසංගතයෙන් පසුව ජලක්‍රීඩා වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද අලුත් නීතිවලට යටත්ව

ප්‍රථම වතාවට ආසියානු තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජලක්‍රීඩා කණ්ඩායම් පිලිපීනයේදී සහභාගි වෙනවා.

මාර්තු 2 සිට 6 දක්වා පිලිපීනයේ ක්ලාක් සිටි හි දී පැවැත්වෙන 11 වැනි ආසියානු වයස් සීමා ශූරතාවලියේදී පිහිනුම්, කිමිදුම්, දිය පන්දු හා රිද්මයානුකූල පිහිනුම් ඉසව් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට වැඩි පිරිසක් ශ්‍රී ලංකා ජලක්‍රීඩා සංගමය නියෝජනය කරනවා.

ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු කලාපීය පිහිනුම් තටාකයට පිවිසෙන්නේ 2019 වසරෙන් පසුව ප්‍රථම වතාවට. මොවුන් අතරින් තරුණ ක්‍රීඩකයින් ස්වල්ප දෙනෙක් ඉන්දියාවේ පැවති 10 වැනි ආසියානු වයස් සීමා ශූරතාවලියට සහභාගි වුනා.

රිද්මයානුකූල පිහිනුම් තනි හා යුග ඉසව්වලට සහභාගි වීමට නියමිතව සිටින කණ්ඩායම පෙබරවාරි 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනී ලෙස කටයුතු කරන්නේ ඩෙහාරා කටිපිආරච්චි.

lkjdferවයස් සීමා රිද්මයානුකූල පිහිනුම් කණ්ඩායම - අසුන් ගෙන වමේ සිට: ටනාලියා රේවක (සහාය පුහුණුකාරිනී), නෙත්රු නානායක්කාර (ශ්‍රී ලංකා ජලක්‍රීඩා සංගමයේ උපසභාපති), මහින්ද ලියනගේ (ලේකම්), ගෙෆාරි ඩූලපන්ඩන් (සංචාරයේ ප්‍රධානී), නයනා කටිපිආරච්චි (කළමනාකාරිනී), ඩෙහාරා කටිපිආරච්චි (පුහුණුකාරිනී). සිටගෙන වමේ සිට: නිශ්කා නානායක්කාර, සනුකි සුරවීර, පියුෂි කුලසේකර, මනේඛා ගෝමස්, ඇන්ඩ්‍රිආ තිරුකුමාර්, අමාරා වොට්සන් කිට්ල්, සඳලි සුමතිපාල, ෂශේනි ප්‍රනාන්දු, අයිලා වොට්සන් කිට්ල්, සට්වි අර්ජුනා, වෙනුකි විජේසේන (ඡායාරූපයේ නැත).


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්