ආසියානු අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්
නම් කිරීමේ අවසන් තේරීම් තරග මාර්තු 1 හා 2 දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවුරුදු 20න් පහළ ආසියානු ශූරතාවලිය සඳහා අවසාන තේරීම මේ තරගයේ ප්‍රතිඵල මත පමණක් පදනම් වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අවධාරණය කරනවා.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තේරීම් තරගයට අමතරව මෙය පළමු ජ්‍යෙෂ්ඨ තේරීම් තරගය ද වනවා.

මීට අමතරව මේ ‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විවෘත අදියර I – E තරග’ 2024 ජාත්‍යන්තර තරග සඳහා වන සියලුම තේරීම් සහ ජාතික ශූරතාවලිය දක්වා වන ජාතික මලල ක්‍රීඩා සංචිතය සඳහා තෝරා ගැනීම් ඉසව්වක් ලෙසින් ද සැලකෙනවා.

ආසියානු මලල ක්‍රීඩා සංගමය 21 වැනි වතාවටත් පවත්වනු ලබන ආසියානු අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය අප්‍රේල් මස 24 සිට 27 දක්වා ඩුබායි හි පැවැත්වෙනවා.


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විවෘත අදියර I – E තරග ඛාණ්ඩයේ ඉසව් අනුපිළිවෙල

game
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්