දර්ශනීය එහෙත් අපවිත්‍ර සෙන් නදියේ පිහිනුම් තරග පැවැත්වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් සංවිධායකයන් තුළ අප්‍රියජනක

හැඟීමක් තිබෙන්නට පුළුවන්.

පසුගිය අගෝස්තු මාසයේදී මැරතන් පිහිනුම් පරීක්ෂණ ඉසව් මෙන්ම තුන්ප්‍රයාම හා සිවුදින පැරා-තුන්ප්‍රයාම පරීක්ෂණ තරගවල දෙදිනක පිහිනුම් අදියර අහෝසි කර දැමුනේ සෙන් ගංගාවේ ජලය ඉතාමත් අපිරිසිදුව තිබූ බැවින්.

මේ සඳහා විකල්ප සැලසුමක් නැති බව පැරිස් නගරය කියනවා.

 

පිරිමි හා කාන්තා කිලෝමීටර් 10 ඉසව්වල පිහිනුම් මාර්ගය ආරම්භ වන්නේ Invalides වටපිටාව හා අයිෆල් කුළුණ (Eiffel Tower) පසුබිම කරගත් Pont Alexandre III යන ලලිත කලාවේ සංකේතාත්මක ස්ථානයෙන්. ඉන්පසුව පිහිනුම් තරගකරුවන් කිලෝමීටරයක දුරක් ගංගාවේ පහළට පිහිනා යාමට නියමිතව තිබෙන්නේ Musee d’Orsay හා Grand Palais ඇතුළු අනෙකුත් ජනප්‍රිය ආකර්ෂණීය ස්ථාන පසුකරමින්. 

 
 
Paris pont alma
 
තරගය ආපසු හැරෙන්නේ නැවත අලුත්වැඩියා කරන ලද පැරිස් ජලාපවහන කෞතුකාගාරය හා Pont d’Alma පාලම පසුකර යාමෙන් පසුව. තුන්ප්‍රයාම තරග මාර්ගය මීට වඩා කෙටි වන බැවින් එහි තරගකරුවන් මීට කළින් ආපසු හැරෙනවා.

මෙය පැරිසියේ අලංකාරය ප්‍රදර්ශනය කිරීම පිණිස තෝරා ගත් මාර්ගයක්.

එය දේශපාලනික වශයෙන් ද සංකේතයක් වනවා. සෙන් නදියේ පිහිනීම 1923 වසරේ සිට තහනම් කර තිබුනත් නොයෙකුත් පැරිස් නගරාධිපතිවරුන් එය විවෘත කරන බවට ප්‍රතිඥා දී තිබුනා.

ප්‍රංශයේ ජනාධිපති වීමට පෙර 1990 වසරේ නගරාධිපතිව සිටියදී Jacques Chirac සෙන් ගංගාවේ ජලය පිහිනීමට ප්‍රමාණවත් ලෙස ඉතාමත් ඉක්මනින් පිරිසිදු කරන බවට පොරොන්දු වුනේ එවිට තමා ද දියට බැස පිහිනන බව කියමින්. නමුත් ඔහු එය කවදාවත් කළේ නැහැ.
 
 
chirac farewell elyseeJacques Chirac
 
 
හරිත ක්‍රියාවන් ආරම්භ කිරීමේ ප්‍රබල ප්‍රවර්ධකයෙකු වන වර්තමාන පුරපති Anne Hidalgo ද පොරොන්දු වුනේ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර සෙන් නදිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන බව හා 2025 වසර වන විට මේ ගංගාවේ ස්ථාන තුනක පිහිනීමට ජනතාවට අවසර ලබා දෙන බවට. නමුත් ඇය තවමත් සෙන් නදියේ ජලයෙන් ඇගේ කකුල් තෙමාගෙන නැහැ.
 
සෙන් ජලයේ තත්ත්වය දියුණු වී ඇති බවට නගරයේ නිලධාරීන් තර්ක කළ ද 2023 වසරේ ජූනි හා සැප්තැම්බර් අතර කාලය තුළ ලබා ගත් සාම්පල කිසිවක් පිහිනීම සඳහා වන ජල තත්ත්වයේ යුරෝපීය ප්‍රමිතියේ අවම මට්ටමට හෝ පැමිණ තිබුනේ නැහැ.

ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ අසූචි සහිත ජලය යි. අධික වර්ෂාව පවතින විට ඉවුරේ තිබෙන සුන්බුන් හා පිරිසිදු නොකෙරුනු අපත ජලය ගංගාවට ගසාගෙන ඒම සහ කසළ කාණු පිටාර ගැලීම නිසා ජලයේ තිබෙන බැක්ටීරියාව ඉතාමත් ඉහළ යනවා.
 
an item of plastic was

පැරිස් නගරය සෙන් නදියේ ස්ථාන 14කදී එහි ජලය පරීක්ෂා කරනවා. 2022 වසරේදී මේ ස්ථාන තුනක ජලයේ තත්ත්වය ‘ප්‍රමාණවත්’ යනුවෙන් තීරණය කෙරුන ද පසුගිය ග්‍රීෂ්ම සෘතුව වන විට එය නරක් වී තිබුනා.

පසුගිය අගොස්තුවේ පැවති අධික වර්ෂාවෙන් සෙන් නදියේ ජල තත්ත්වය ලෝක ජලක්‍රීඩා සංගමයේ නිර්දේශිත මට්ටමට වඩා හය ගුණයකින් පහත බැස තිබීම හේතුවෙන් විවෘත ජලයේ පිහිනුම් ඉසව් අහෝසි කෙරුනා.

පරීක්ෂණ තරගවල සාම්පල  ප්‍රශ්නවලින් තමන් ඉගෙනීමක් ලබා තිබෙන බව පැරිස් නගරය අවධාරණය කරනවා.
 
GettyImages 1575122005

ජාතික හා ප්‍රාදේශීය බළධාරීන් ද ජලය පිරිසිදු කිරීම සඳහා සැලසුම් කර තිබෙන ව්‍යාපෘති පහක් වෙනුවෙන් ඩොලර් බිලියන 1.5කට වැඩි මුදලක් (යුරෝ බිලියන 1.4) ආයෝජනය කර තිබෙනවා.

පැරිස් නගරයේ නිලධාරියෙකුට අනුව, තුන්ප්‍රයාම හා ඊට සති දෙකකට පසුව පැරා-තුන්ප්‍රයාම පිහිනුම් තරගවල සිදුකෙරුනු පරීක්ෂණ අසමත් වීමට හේතුව වර්ෂාව නොව පැරිස් ජලාපවහන පද්ධතියේ කපාටයක් ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම.
 
41 2023 638280589757801114 780

ප්‍රධාන අවදානම වර්ෂාව බව පිළිගන්නා පැරිස් නගර ප්‍රධානීන් අසාමාන්‍ය වැසි පතිත වීම ගැන බියෙන් පසුවනවා.

ඔලිම්පික් පිහිනුම් තරග සම්බන්ධයෙන් තිබෙන එක ම අතිරේක සැලසුම එම ඉසව් දින කිහිපයකින් කල්දැමීම යි.
 
පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙය ඔලිම්පික් ක්‍රීඩා තරග බිමක්. විවෘත ජලයේ පිහිනුම් තරගවලදී අපිරිසිදු ජලය යනු ඔවුන් නිරන්තරයෙන් මුහුණ දෙන අවදානමක්.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට පෙර 2019 වසරේ පැවති පරීක්ෂණ තරගය අවසානයේ පිහිනුම් ක්‍රීඩකයන් ටෝකියෝ මුහුදු බොක්කේ ජලයේ තත්ත්වය පිළිබඳව විරෝධය පළ කළා. 2016 රියෝ ඔලිම්පික් උළෙලට පෙර Guanabara මුහුදු බොක්කේ අපවිත්‍ර ජලය සිරස්තල මැවුවා.
 
download

warnan Gunasekara සටහන :
 (වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්