පාකිස්ථානයේ පැවැත්වෙන දකුණු ආසියාතික බැඩ්මින්ටන් අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපිය කණිෂ්ඨ ශුරතාවලියට ශ්‍රි

ලංකාවෙන් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 8 දෙනෙක් සහභාගි වීමට නියමිත ය.

ඉස්ලාමාබාද් නුවරදී මාර්තු 3 සිට 7 දක්වා මේ තරගාවලිය පැවැත්වෙන්නේ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් හා පාකිස්ථාන බැඩ්මින්ටන් සම්මේලනයේ සත්කාරකත්වයෙන්.

මිශ්‍ර කණ්ඩායම් සහ ඒකල තරගාවලින් සමන්විතව පාකිස්ථාන ක්‍රිඩා සංකීර්ණයේදි පැවැත්වෙන මේ ශුරතාවලියේ පළමු දින දෙකේදී කණ්ඩායම් තරග පවත්වන අතර තෙවැනි හා සිව්වැනි දිනවල ඒකල තරග පැවැත්විමටයි නියමිතව තිබෙන්නේ. අවසන් තරග ක්‍රිඩා කිරිම මාර්තු 7 වැනිදාට යෙදි තිබෙනවා.

ශ්‍රි ලංකා කණ්ඩායම සමඟ පුහුණුකරු රජිත දහනායක, සහාය පුහුණුකරු ඉරේෂ් මධුරංග ද සිල්වා හා ක්‍රිඩිකාවන් භාර නිලධාරිනි තරංගා විමලසුරිය මේ සංචාරයට එක් වෙනවා.

ශුරතාවලියට සහභාගි වන ශ්‍රි ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන්:


• අවුරුදු 15න් පහළ බාලක ඒකල, යුගල, මිශ්‍ර යුගල - අමාවන් අමරසිංහ, චෙනාල් දෙව්ෂාන් මඩපාතගේ 
• අවුරුදු 15න් පහළ බාලිකා ඒකල, යුගල, මිශ්‍ර යුගල - තෙනුකි අයන්සා ද සිල්වා, බිනුරි ජනංගා
• අවුරුදු 17න් පහළ බාලක ඒකල, යුගල, මිශ්‍ර යුගල - මිහිල රවිෂ්ක ක්‍රිෂ්ණ ජයවීර,තේජන සමුදිත හේරත්
• අවුරුදු 17න් පහළ බාලිකා ඒකල, යුගල, මිශ්‍ර යුගල - නෙත්මි අමායා රත්නායක, ලක්ෂණා සජීවකුමාර්

 

 සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්