ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට "Strengthlifting ශූරතාවලිය"ක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගිවන ලෙස ශ්‍රී ලංකා Strengthlifting සම්මේලනය ආරාධනා කර සිටි.


Inclined Bench Press සහ Two Hand Curling යන ඉසව් දෙක (පිරිමි සහ කාන්තා සඳහා) පැවැත්වීමට නියමිත මෙය මාර්තු 31 වැනි දින කොළඹ 07, බෞද්ධාලෝක මාවත, සිංහල සංස්කෘතික ආයතනය, අංක 375, සුදර්ශී ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

මෙම අවස්ථාවට ලෝක Strengthlifting සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ විධායක සාමාජිකයින් සහභාගී වන අතර ජයග්‍රාහකයින් හට ඔවුන් සහතික පත් ප්‍රදානය කරනු ඇත.

මෙය ක්‍රීඩා ලෝලීන්ට අනගි අවස්ථාවක් වනු ඇති අතර ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා ඔබ සංවිධානයේ ක්‍රීඩාවට උනන්දු සහ උද්යෝගිමත් කණ්ඩායමක් සහභාගි කරවන ලෙසයි ශ්‍රී ලංකා Strengthlifting සම්මේලනය ඉල්ලා සිටින්නේ.

තරග කරන සාමාජිකයින්ට මෙම අවස්ථාව සලසා දීම සඳහා, මුලින්ම ශ්‍රී ලංකා Strengthlifting සම්මේලනය යටතේ අනුබද්ධිත සංවිධානයක් ලෙස ලියාපදිංචි වී මේ හා සම්බන්ධ විය හැකි බව සංවිධායකයින් වැඩිදුරටත් නිවේදනය කරයි.

 

 WhatsApp Image 2024 03 07 at 1.08.16 PM 2


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්