මෙවර ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් (IPL) - 2024 සඳහා ශ්‍රී ලංකාවේ නිල විකාශන අනුග්‍රාහකත්වය හිමි කරගෙන ඇති සුප්‍රීම් නාලිකාව (Supreme

TV) ඒ අනුව මේ මස 22 වැනිදා සිට මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට සුපිරි IPL තරගාවලියක දසුන් ගෙන ඒමට සූදානම් වේ.  

මෙය සුප්‍රීම් නාලිකාව නිල විකාශක ලෙසින් ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියක් අත්පත් කර ගත් දෙවන වතාවයි.

 

මෙරට රූපවාහිනී ඉතිහාසය තුල නවතම රූපවාහිනී නාලිකාවක් ලෙසින් මෙවන් විශාල ආයෝජනයක් සහිතව දෙවරක් ඉන්දියන් ප්‍රිමිය ලීග් (IPL) තරගාවලියක් මිලට ගත් ප්‍රථම අවස්ථාව ද වෙයි.


ලෝකයෙම ක්‍රිකට් උන්මාදයක් බවට මෙන්ම වාර්ෂික සැණකෙළියක් බවට පත්ව ඇති අයි පී එල් තරගාවලිය (IPL) සුපැහැදිලි දසුන් සහිතව එළෙඹෙන මාර්තු මස 22 වනදා සිට නැරඹීමට අවස්ථාව උදාවනු ඇතිබව සුප්‍රීම් නාලිකාව නිවේදනය කර සිටියි.

 

431854987 934820525178817 3274994880904690526 n

මෙම IPL තරගාවලී විකාශයට සමගාමීව මේරට ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් තවත් සුවිශේෂී ක්‍රියාකාරකම් රැසක් සුප්‍රීම් නාලිකාව විසින් මේ වන විටත් දියත් කිරීමට සැලසුම් කර ඇති බවත්, ෆේස්බුක් සමාජ ජාලය තුළ  සුප්‍රීම් ටීවි සමාජ ජාලා පිටුව සබ්ස්ක්‍රයිබ් කර තබා ගැනීමෙන් ඒ පිළිබඳව උණුසුම් පුවත් ලබා ගැනීමට හැකියාව ඇති බවත්  සුප්‍රීම් නාලිකාව පවසයි.

 

සමාරම්භක උත්සවයේ සිට සෑම තරගයක්ම පන්දුවෙන් පන්දුව ඔබ වෙත වඩාත් සුපැහැදිළි දසුන් සහිතව ගෙන ඒමටත් තවත් සමගාමී විශේෂාංග ගණනාවකුත් සමගින් මෙවර IPL තරග උණුසුම විඳගන්න දැන්ම ඔබේ රූපවාහිනියත් UHF 47 ට ( දීප ව්‍යාප්ත ) සුසර  කර ගන්නැයි සුප්‍රීම් නාලිකාව වැඩිදුරටත් දැනුම්දී සිටියි.


 (සෙසු පළාත් - බස්නහිර UHF 49 | මධ්‍යම UHF 47 | දකුණ UHF 28 | සබරගමුව UHF 56  | වයඹ UHF 32 )

 
වැඩි විස්තර සඳහා සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සන්නිවේදන අංශය අමතන්න.
(+94) 777 253 444
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image