විවිධ රටවල් හතරක ක්‍රීඩා කරමින් ‘රන් සපත්තුව’ – Golden Boot - සම්මානය දිනා ගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා බවට පත්ව තවත් ලෝක වාර්තාවක් පිහිටුවීමේ මාවතට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පිවිස සිටිනවා. 

 

රොනාල්ඩෝ දැනටමත් එංගලන්තය, ස්පාඤ්ඤය හා ඉතාලිය යන රටවල් තුනේ ප්‍රධානතම ලීග් පාපන්දු තරගාවලියන්හි වැඩිම ගෝල්ලාභියා බවට පත්වෙමින් මේ සම්මානය දිනා ගෙන සිටින අතර ඔහු ඉදිරියේ තිබෙන ඊළඟ අවස්ථාව සෞදි අරාබියේ වෘත්තීය පාපන්දු ලීගය යි.

 

‘AI Nassr’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන රොනාල්ඩෝ පසුගියදා පිට පිට ගෝල් ත්‍රිත්ව (hat-tricks) දෙකක් වාර්තා කිරීමට සමත් වුනා. පළමුව ‘AI Taee’ කණ්ඩායමට එරෙහිවත්, දෙවනුව ‘Abha’ කණ්ඩායමට එරෙහිවත් ඔහු මේ ගෝල් ත්‍රිත්වයන් ලබා ගත්තා.

මේ අනුව, 39 හැවිරිදි රොනාල්ඩෝ මේ ක්‍රීඩා වාරයේ සෞදි වෘත්තීය ලීගයේ වැඩිම ගෝල්ලාභී ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ ගෝල් 29ක් ලබා ගෙන. රොනාල්ඩෝ මේ දක්වා ‘රන් සපත්තුව’ සම්මාන හතරක් දිනා ගෙන තිබෙනවා. 

37c81e9c5d471b9a62dc4c1561f9c0ee2007-08 ක්‍රීඩා වාරයේදී එංගලන්තයේ Manchester United කණ්ඩායමට ක්‍රීඩා කරමින් ප්‍රිමිය ලීගයේ තරග 34කින් ගෝල් 31ක් ලබා ගෙන.

 

ඔහු ප්‍රථම වතාවට මේ සම්මානය හිමිකර ගත්තේ 2007-08 ක්‍රීඩා වාරයේදී එංගලන්තයේ Manchester United කණ්ඩායමට ක්‍රීඩා කරමින් ප්‍රිමිය ලීගයේ තරග 34කින් ගෝල් 31ක් ලබා ගෙන.

ඉන්පසු රොනාල්ඩෝ ඔහුගේ අනෙක් ‘රන් සපත්තුව’ සම්මාන තුන ම දිනා ගත්තේ ස්පාඤ්ඤයේ La Liga තරගාවලියේ Real Madrid කණ්ඩායම නියෝජනය කරමින්. 2010-11 ක්‍රීඩා වාරයේදී ගෝල් 40ක් ද, 2013-14 තරග වාරයේදී ගෝල් 31ක් ද, 2014-15 වාරයේදී ගෝල් 48ක් ද වාර්තා කරමින් රොනාල්ඩෝ එම Golden Boot සම්මාන හිමිකර ගත්තා. 

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ අවසන් වතාවට මේ සම්මානය හිමිකර ගත්තේ ඉතාලියේ දී. ඒ, Juventus කණ්ඩායම වෙනුවෙන් Serie A ලීග් තරගාවලියේ ගෝල් 29ක් ලබා ගෙන වැඩිම ගෝල්ලාභියා බවට පත්වෙමින්.

 



පෘතුගාලයේ රොනාල්ඩෝ මෙන් විවිධ යුරෝපීය පාපන්දු ලීග් තුනක් හරහා ‘රන් සපත්තුව’ සම්මානය හිමිකර ගත්‌ අනෙකුත් එක ම ක්‍රීඩකයන් වන්නේ උරුගුවේ රටේ ලුවී ස්වාරස් (Luis Suarez) හා නෙදර්ලන්තයේ රුඩ් වැන් නිස්ටල්රොයි (Ruud Van Nistelrooy).

ස්වාරස් ට ද රොනාල්ඩෝ මෙන් රටවල් හතරක තරගාවලියන්හි ‘රන් සපත්තුව’ සම්මානය හිමිකර ගැනීමට අවස්ථාව උදාවී තිබෙන්නේ ඔහු අමෙරිකාවේ Major League Soccer (MLS) තරගාවලියේ ‘ඉන්ට මයාමි’- Inter Miami -  ක්‍රීඩා සමාජයට එක්ව සිටින බැවින්. නමුත් ඒ සඳහා ඔහු රොනාල්ඩෝගේ පරම ප්‍රතිවාදියා මෙන්ම තමාගේ ‘ඉන්ට මයාමි’ කණ්ඩායම් නායක සගයා ද වන ලිඔනල් මෙසී ට වඩා ගෝල් ලබා ගත යුතුව තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්