අංක 44 මුද්‍රණය කර තිබෙන ජර්මන් පාපන්දු කමිස මිලදී ගැනීම පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට තහනම් කිරීමට ‘අඩිඩාස්’ – Adidas - තීරණය කර තිබෙනවා. 

‘අඩිඩාස්’ මේ පියවර ගෙන තිබෙන්නේ කමිසවල සඳහන් 44 අංක මෝස්තරය දෙවැනි ලෝක යුද සමයේ බියකරු නාසි SS ඒකකයේ සංකේතයට සමාන බවට මාධ්‍ය මගින් පෙන්වා දීමෙන් පසුව.

ලොව මිනිස් සංහතියට එරෙහිව නාසින් සිදුකළ අපරාධවලට වැඩියෙන්ම වගකිව යුත්තේ SS ඒකකයි. SS යනු නාසි ජර්මනියේ පාලක ඇඩොල්ෆ් හිට්ලර්ගේ පෞද්ගලික යුද බළඇණිය යි. 

 

SS යනු නාසි ජර්මනියේ පාලක ඇඩොල්ෆ් හිට්ලර්ගේ පෞද්ගලික යුද බළඇණිය යි


ජර්මන් පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ සත්කාරකත්වයෙන් පිට විදේශයේ ක්‍රීඩා කරන විට පළඳින කමිසවල වර්ණය ලෙස ළා රෝස පැහැය තෝරා ගැනීම සම්බන්ධයෙන්ද මේ අලුතින් නිකුත් වූ ඇඳුම් කට්ටලය මතභේදයට ලක්ව තිබෙනවා.

මේ සංකේතන ප්‍රශ්නය ප්‍රථමයෙන් මතුකර තිබෙන්නේ ඉතිහාසඥ Michael Konig විසින්. කමිසවල මෝස්තරය ඉතාමත් ප්‍රශ්නසහගත බව ඔහු කියා තිබෙනවා.

 

Poles are searched by SS soldiers at a Gestapo headquarters in Poland. (Photo by ? Hulton-Deutsch Collection/CORBIS/Corbis via Getty Images)SS ඒකකවල සාමාජිකයන් නාසි යුගයේ ජර්මන් රහස් පොලිසිය වූ ‘ගෙස්ටාපෝ’ (Gestapo) ඒජන්තයින්ගේ සිට දේශපාලන සිරකරුවන් රඳවා තබන කඳවුරේ මුරකරු දක්වා වූ පරාසයක විහිදී සිටියා.

පැරණි ජර්මන් අක්ෂර මාලාවේ SS අකුරු නාසි ඒකකවල භාවිතය පිණිස සැලසුම් කළේ 1929 වසරේ. SS ඒකකවල සාමාජිකයන් නාසි යුගයේ ජර්මන් රහස් පොලිසිය වූ ‘ගෙස්ටාපෝ’ (Gestapo) ඒජන්තයින්ගේ සිට දේශපාලන සිරකරුවන් රඳවා තබන කඳවුරේ මුරකරු දක්වා වූ පරාසයක විහිදී සිටියා. SS රාජකාරි අතරට මිලියන ගණනින් යුදෙව්වන් හා අනෙකුත් ජාතීන් මරා දැමුනු මරණ කඳවුරු පාලනය කිරීම ද ඇතුළත්ව තිබුනා. 


ජර්මන් පාපන්දු කමිසවල තිබෙන නාසි සංකේතනයට සමානකම හිතා මතා කළ දෙයක් නොවන බව ‘අඩිඩාස්’ ප්‍රකාශක Oliver Bruggen ප්‍රකාශ කර තිබෙනවා. “මේ ඇඳුම් පෞද්ගලිකව තබා ගැනීම අපි වළක්වනවා” යනුවෙන් ඔහු කියනවා.

 Germany

ජර්මන් පාපන්දු කමිසවල තිබෙන නාසි සංකේතනයට සමානකම හිතා මතා කළ දෙයක් නොවන බව ‘අඩිඩාස්’ ප්‍රකාශක Oliver Bruggen ප්‍රකාශ කර තිබෙනවා.



“ඕනෑම වේශයකින් එන විදේශිකයන් නොරිස්සීම, යුදෙව් විරෝධය, ප්‍රචණ්ඩත්වය හා ද්වේෂසහගත ක්‍රියාවන්ට ආයතනයක් වශයෙන් අපි විරුද්ධයි.”

ජරමන් පාපන්දු සංගමය හා ඔවුන්ගේ හවුල්කරුවන් කමිසවල මේ අංක මෝස්තරය නිර්මාණය කළ බව ‘අඩිඩාස්’ ප්‍රකාශ කරනවා.

මේ කමිස මෝස්තර නිර්මාණය කෙරුනු ක්‍රියාවලිය අතරතුර එය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයට (UEFA) ඉදිරිපත් කළ බවත් ඊට සම්බන්ධ වූ කිසිම පාර්ශවයක් මේ කමිසවල නාසි සංකේතනයට ආසන්නතාවක් නොදුටු බවත් ජර්මන් පාපන්දු සංගමය පවසනවා.

 

global 165640792162bac77127bac
4 අංකය සඳහා විකල්පීය මෝස්තරයක් නිර්මාණය කරනු ඇති බව ද ඔවුන් කියා සිටිනවා.

ජර්මන් පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ සත්කාරකත්වයෙන් පිට විදෙස් තරග බිමේ ක්‍රීඩා කරන විට පළඳින කමිසවලට යොදා තිබෙන දීප්තිමත් ළා රෝස පැහැය සම්බන්ධයෙන්ද අමතර විවේචන එල්ල වී තිබෙනවා. මේ වර්ණයෙන් රටේ අසමානකම නියෝජනය වන බව ජර්මන් ක්‍රීඩා ලෝලීන් කියා සිටිනවා. නමුත් විවේචකයන් පවසන්නේ එම කමිස සම්ප්‍රදායික නොවන බව හා ඒවා හඳුන්වා දී තිබෙන්නේ ජර්මන් පාපන්දු සංගමයට මුදල් රැස්කිරීමට බව යි.

 

GOAL Blank WEB Facebook 2024 03 26T223541.118ජර්මන් පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ සත්කාරකත්වයෙන් පිට විදෙස් තරග බිමේ ක්‍රීඩා කරන විට පළඳින කමිසවලට යොදා තිබෙන දීප්තිමත් ළා රෝස පැහැය



‘අඩිඩාස්’ ආයතනය ජර්මන් ජර්සි නිෂ්පාදනය කරන්නේ එක්දහස් නවසිය පණස් ගණන්වල සිට.

එහෙත් ජර්මන් ආයතනයක් වන ‘අඩිඩාස්’ ඉවත් කර ජර්මන් පාපන්දු ඇඳුම් කට්ටල නිෂ්පාදකයින් ලෙස 2027 වසරේ සිට අමෙරිකානු යෝධයින් වන ‘නයික්’ – Nike - ආයතනය තෝරා ගැනීම දේශප්‍රේමය නැතිකමක් බවට ජර්මන් ආර්ථික ඇමති Robert Habeck ප්‍රකාශ කර තිබෙන්නේ තදින් බැණ වදිමින්.

 

27 Feb Tada Images Shutterstock.com අමෙරිකානු යෝධයින් වන ‘නයික්’ – Nike - ආයතනය




warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්