ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මුදල් ත්‍යාග පිරිනැමෙන පළමු ක්‍රීඩාව බවට ජවන හා පිටිය ඉසව් පත්වනවා.


2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා රන් පදක්කම්ලාභීන්ට ඩොලර් 50,000ක් පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කිරීමත් සමග ජවන හා පිටිය ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග ප්‍රදානය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට ආරම්භ වනවා.

මලල ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක වැඩියෙන්ම නරඹන එක් ඉසව්වක් වන බැවින් මෙය සංකේතාත්මක පියවරක්.

 

පැරිස් ඔලිම්පික් පදක්කම් නිපදවන්නේ අයිෆල් කුළුණේ කැබලිවලින්ජයග්‍රාහී සහාය දිවීමේ කණ්ඩායම් ඩොලර් 50,000ක මුදල ඔවුන්ගේ සාමාජිකයන් අතරේ බෙදා ගත යුතුව තිබෙනවා.

ප්‍රංශයේ පැවැත්වෙන මේ වසරේ ඔලිම්පික් උළෙලේ පිරිමි, කාන්තා සහ මිශ්‍ර ජවන හා පිටිය ඉසව් හතළිස් අටේ රන් පදක්කම්ලාභීන්ට ගෙවීම පිණිස ඩොලර් මිලියන 2.4ක් වෙන් කරන බව ලෝකයේ මලල ක්‍රීඩාව පාලනය කරන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ජයග්‍රාහී සහාය දිවීමේ කණ්ඩායම් ඩොලර් 50,000ක මුදල ඔවුන්ගේ සාමාජිකයන් අතරේ බෙදා ගත යුතුව තිබෙනවා.

රිදී සහ ලෝකඩ මලල ක්‍රීඩා පදක්කම්ලාභීන්ටත් මුදලින් සංග්‍රහ කිරීම 2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

seb coe 900x675ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබැස්ටියන් කෝ (Sebastian Coe)
“අපට ලැබෙන ආදායමින් වැඩි කොටසක් ලැබෙන්නේ ඔලිම්පික් වේදිකාවේ සිටින තරු වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බව අගය කිරීමටයි මේ පියවර ගත්තේ” යනුවෙන් ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබැස්ටියන් කෝ (Sebastian Coe) පවසනවා.

මේ ත්‍යාග මුදල් ලබා දෙන්නේ ජගත් ඔලිම්පික් කමිටුව (IOC) විසින් ලෝක මලල ක්‍රීඩා සම්මේලනයට බෙදා දෙන ඔලිම්පික් ආදායමේ කොටසෙන්.

කෙසේ වෙතත්, පැරිස් ඔලිම්පික් උළෙල අත ළඟ තබා ගෙන ගත් මේ නව පියවර නිසා ඔලිම්පික් ව්‍යාපාරයේ සමබරතාව නැති වීමට ඉඩ තිබෙනවා. ලෝක මලල ක්‍රීඩා සම්මේලනය ඔවුන්ගේ මේ අරමුණ පිළිබඳ ස්ථිර වචනයක් ජගත් ඔලිම්පික් කමිටුවට බදාදා ලබා දුන්නේ එය නිවේදනය කිරීමට ආසන්නව තිබියදී බව කෝ ප්‍රකාශ කළා.

 

මෙයට ප්‍රතිචාර වශයෙන් ජගත් ඔලිම්පික් කමිටුව කියා සිටියේ තමන්ට ලැබෙන ඔලිම්පික් ආදායම වියදම් කරන්නේ කුමන ආකාරයටද කියා තීරණය කිරීම ඒ ඒ ක්‍රීඩා පාලක මණ්ඩලවලට අයත් දෙයක් බව. 

“IOCය ඔවුන්ට ලැබෙන මුළු ආදායමෙන් සියයට 90ක් ජාතික ඔලිම්පික් කමිටුවලට (NOCs) හා ජාත්‍යන්තර සම්මේලනවලට (IFs) නැවත බෙදා දෙනවා. මෙයින් තේරුම් ගත යුත්තේ, සෑම දිනකම ඩොලර් මිලියන 4.2කට සමාන මුදලක් ලෝකයේ සෑම තරාතිරකම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා සංවිධානවලට උපකාර කිරීම පිණිස ලබා දෙන බව. තමන්ගේ ක්‍රීඩකයන්ට සහ ඔවුන්ගේ ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනයට ඒ මුදල් යෙදවිය යුත්තේ මොන ආකාරයටද කියා තීරණය කිරීම ඒ ඒ IF හා NOCවල වැඩක්.”

නව ඔලිම්පික් ව්‍යාපාරය මුලින් ම ආරම්භ කෙරුනේ ආධුනික ක්‍රීඩා උළෙලක් ලෙසින්. IOCය මුදල් ත්‍යාග පිරිනමන්නේ නැහැ. කෙසේ වෙතත්, බොහෝ පදක්කම්ලාභීන්ට ඔවුන්ගේ රටවල රජයන්ගෙන්, ජාතික ක්‍රීඩා සංගම්වලින් හෝ අනුග්‍රාහකයන්ගෙන් මුදල් ලැබෙනවා.

“පැන්ස 75 (සත 95) කෑම වවුචරයක් හා දෙවැනි පංතියේ කෝච්චි ටිකට් එකකින් මගේ රට වෙනුවෙන් තරග කළ අන්තිමයා බොහෝ විට මම වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මාව විශ්වාස කරන්න, අපි දැන් මාරු වී සිටින ඔලිම්පික් තත්ත්වයේ ස්වභාවය මට ඉතා හොඳින් තේරෙනවා” සෙබැස්ටියන් කෝ සඳහන් කරනවා.

 



මේ බ්‍රිතාන්‍ය ජාතික ධාවකයා 1980 හා 1984 ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල මීටර් 1,500 ඉසව්වේ රන් පදක්කම් දිනා ගත්තේ ඔලිම්පික් ධාවන පථය වෘත්තීය මලල ක්‍රීඩකයන්ට විවෘත වීමේ කෙළවරට පැමිණ තිබූ යුගයක.

“මම තරග කළ අවධියේ සිට අද තිබෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් වූ ලෝකයක්. ඒ නිසා මේ ක්‍රීඩාව විසින් මේ සිදුව තිබෙන වෙනස හා බොහෝ තරගකරුවන් වෙත පැටවී තිබෙන අමතර පීඩනයන් හඳුනා ගැනීම ඉතා වැදගත්. 

අමෙරිකාවේ ඔලිම්පික් හා පැරාලිම්පික් කමිටුව 2021 වසරේ ටෝකියෝ නුවර පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභීන්ට ඩොලර් 37,500ක් පිරිනැමුවා. සිංගප්පූරුවේ ජාතික ඔලිම්පික් කවුන්සලය රන් පදක්කමක් වෙනුවෙන් ඩොලර් මිලියනයක් දීමට පොරොන්දු වී සිටින අතර මේ මුදල මේ වන තෙක් ලබා ගෙන තිබෙන්නේ එක් වතාවක් පමණ යි.

902021 වසරේ ටෝකියෝ නුවර පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභීන්ට ඩොලර් 37,500ක් පිරිනැමුවා.

 

ටෙනිස් හා ගොල්ෆ් වැනි ක්‍රීඩාවන්හිදී, බොහෝ වෘත්තීය ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රීඩා වාරය තුළ නොමිලේ ක්‍රීඩා කරන්නේ ඔලිම්පික් තරගාවලියේදී පමණයි. එහිදී ඔවුන් තරග කරන්නේ පදක්කම්වලට මිසක මුදල් ත්‍යාග වෙනුවෙන් නෙවෙයි. එහෙත් ජවන හා පිටිය විසින් තැබූ මේ අලුත් පියවර අනෙකුත් ක්‍රීඩාවන්ටද අනුගමණය කළ හැකි බවට අනුමාන කිරීමට සෙබැස්ටියන් කෝ ට අවශ්‍ය වුනේ නැහැ.

“අනෙක් ක්‍රීඩා වෙනුවෙන් කතා නොකිරීම මම සැමවිටම මගේ ප්‍රතිපත්තියක් කරගෙන සිටිනවා” කෝ පැවසුවා.

කෝ IOC සභාපති තනතුරට තරග කළහොත්, ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් ගත්‌ මේ පියවර සමස්ත ඔලිම්පික් උළෙල වෙනුවෙන් තිබෙන සෙබැස්ටියන් කෝගේ අරමුණ බවට කළ ඇඟවීමක් ලෙසින් දක්නට පුළුවන්.

ජගත් ඔලිම්පික් කමිටුවේ තෝමස් බාක් (Thomas Bach)ගේ සභාපති ධූර කාලය 2025 වසරේ අවසන් වීමෙන් පසුව ඊට තරග කිරීමට අදහස් කරන්නේදැයි පසුගිය වසරේදී කෝගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, “මම ඒ ගැන තීරණය කරලත් නැහැ, ඇත්ත වශයෙන්ම මම ඒ අදහස අත්හැරලත් නැහැ” යනුවෙන්. ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුර සඳහා කිසිම ප්‍රසිද්ධ ඡන්ද ව්‍යාපාරයක් IOCය ආදර්ශ වශයෙන් අනුමත නොකරන බැවින් කෝගේ ප්‍රකාශය බාක්ගේ විවේචනයට ලක්වුනා.

img 16522156 2මලල ක්‍රීඩාව විසින් ගත් මේ මුදල් ත්‍යාග පියවර අනෙකුත් ඔලිම්පික් ක්‍රීඩාවන් අනුගමණය කරන බවක් දැනට පෙනෙන්නට නැහැ.

 

මලල ක්‍රීඩාව විසින් ගත් මේ මුදල් ත්‍යාග පියවර අනෙකුත් ඔලිම්පික් ක්‍රීඩාවන් අනුගමණය කරන බවක් දැනට පෙනෙන්නට නැහැ. ලෝක ශූරතාවලිය වැනි තමන්ගේම තරගාවලියන්ගෙන් තම ආදායම මුළුමනින්ම පාහේ උපයා ගන්නා බැවින් ලෝක මලල ක්‍රීඩා සම්මේලනය යනු මූල්‍යමය අතින් බැහැරින් වූවෙක්. බොහෝ කුඩා ක්‍රීඩාවන් සඳහා වන පාලක මණ්ඩල ඊළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල එළඹෙන තෙක් තිබෙන සිවු වසරක චක්‍රය තුළ නොනැසී පවතින්නේ ඔවුන්ට ලැබෙන IOCයේ දීමනාවලින් යැපෙමින්. 

පිහිනුම්, කිමිදීම හා ජල පෝලෝ වැනි තරගාවලියන් අධීක්ෂණය කරන ලෝක ජලක්‍රීඩා සම්මේලනය, ඔලිම්පික් මුදල් ත්‍යාග පිළිබඳව සලකා බලමින් සිටින බව ටෝකියෝ ඔලිම්පික් උළෙලට පෙර කියා සිටියත් ඒ වෙනුවට අවසානයේ ඔවුන් කළේ ඔවුන්ගේම තරගවල ත්‍යාග මුදල් අරමුදල වැඩි කිරීම යි. ඔවුන්ගේ ලෝක ශූරාතවලිය ඩොලර් 20,000ක් බැගින් තනි රන් පදක්කමකට පසුගිය වසරේදී ලබා දුන්නා.

 

image 33208360fdබුඩාපෙස්ට් නුවර පැවති පසුගිය ලෝක ශූරතාවලියේදී 8 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග පිරිනැමුනේ තනි රන් පදක්කමක් සඳහා ඩොලර් 70,000ක් ලබා දෙමින්.

ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ මේ නව ක්‍රියාමාර්ගය යටතේදීත් ජවන හා පිටිය ඔලිම්පික් රන් පදක්කම්ලාභීන් උපයනු ඇත්තේ සම්මේලනයටම අයත් ලේක ශූරතාවලියේදී ලබා ගත් ත්‍යාග මුදලට වඩා අඩු මුදලක්. බුඩාපෙස්ට් නුවර පැවති පසුගිය ලෝක ශූරතාවලියේදී 8 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග පිරිනැමුනේ තනි රන් පදක්කමක් සඳහා ඩොලර් 70,000ක් ලබා දෙමින්.

නව මුදල් ත්‍යාග ලබා ගැනීමට පෙර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සාමාන්‍ය පරිදි ඔලිම්පික් උළෙලේ තහනම් ශරීර උත්තේජන පරීක්ෂණ සමත් විය යුතු බව ලෝක මලල ක්‍රීඩා සම්මේලනය වැඩිදුරටත් කියා සිටිනවා.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image