The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බංග්ලාදේශයේ ලකුණු 247 ට ශ්‍රී ලංකාවෙන් කඩුලු 2 ට ලකුණු 290ක ප්‍රබල පිළිතුරක්

T

The Leader Desk

June 26, 2025 • 4:04 PM

බංග්ලාදේශයේ ලකුණු 247 ට ශ්‍රී ලංකාවෙන් කඩුලු 2 ට ලකුණු 290ක ප්‍රබල පිළිතුරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය ආධිපත්‍යය පැතිරවූ පැතුම් නිස්සංක හා දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 310කින් ලකුණු 194ක අගනා සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව කඩුලු 2 ට ලකුණු 290ක ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වුණා.
  • නිස්සංක නොදැවී ලකුණු 146ක් වාර්තා කළ අතර පන්දු 238ක ඔහුගේ ඉනිම හතරේ පහර 18කින් වර්ණවත් වී තිබුණා.
  • චන්දිමාල් පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමග ලකුණු 93ක් ලබා ගත්තා.
  • නිස්සංක - චන්දිමාල් සබඳතාවට පෙර නිස්සංක හා ලහිරු උදාර ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක් එක් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය ආධිපත්‍යය පැතිරවූ පැතුම් නිස්සංක හා දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 310කින් ලකුණු 194ක අගනා සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව කඩුලු 2 ට ලකුණු 290ක ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වුණා.

නිස්සංක නොදැවී ලකුණු 146ක් වාර්තා කළ අතර පන්දු 238ක ඔහුගේ ඉනිම හතරේ පහර 18කින් වර්ණවත් වී තිබුණා. චන්දිමාල් පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමග ලකුණු 93ක් ලබා ගත්තා.

නිස්සංක - චන්දිමාල් සබඳතාවට පෙර නිස්සංක හා ලහිරු උදාර ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක් එක් කළා.

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 247කට සීමා වුණා.

ලකුණු 220 ට කඩුලු 8ක් දැවී සිට අද තරගය ආරම්භ කළ බංග්ලාදේශය ට තවත් රැස්කර ගත හැකිවූයේ ලකුණු 27ක් පමණයි. ඔවුන්ගේ නව වැනි කඩුල්ල අද යැවුනු සිවුවැනි ඕවරයේ බිඳ වැටෙමින් අසිත ප්‍රනාන්දුගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් එබාඩොට් හොසේන් (8) දැවී ගියා. එම තීරණයට එරෙහිව බංග්ලාදේශය අභියෝග කළ ද තෙවැනි විනිසුරුගේ තීරණය ද එයම වුනා. බංග්ලාදේශය මුළු ලකුණු 229 යි.

ඊට ඕවර දෙකකට පසුව තවත් කඩුල්ලක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහෙමින් අසිත ප්‍රනාන්දුගේ පන්දුවට ටයිජුල් ඉස්ලාම් ‘මිඩ් ඕෆ්’ ස්ථානයට දුන් උඩ පන්දුවක් රැක ගැනීමට කමිඳු මෙන්ඩිස් අසමත් වුණා. ඒ වන විට බංග්ලාදේශ මුළු ලකුණු ප්‍රමාණය 234ක් ලෙස සටහන්ව තිබුණා. ඒ අවස්ථාවේ ටයිජුල් ලකුණු 20ක් ලබා ගෙන සිටියා.

ටයිජුල් 80 වැනි ඕවරයේ සොනාල් දිනූෂගේ පන්දුවට ‘මිඩ් විකට්’ ස්ථානයට දුන් උඩ පන්දුව දිනේෂ් චන්දිමාල් විසින් රැක ගැනීමත් සමග බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 247කට අවසන් වුණා. බංග්ලාදේශය ඔවුන්ගේ අවසන් කඩුලු තුනේදී ලකුණු 50ක් රැස්කළ අතර මෙහි ප්‍රධාන භූමිකාවක නියැලුනු අංක 9 පිතිකරු ටයිජුල් හතරේ පහර 5ක් සමග පන්දු 60කින් ලකුණු 33ක් වාර්තා කළා.

වමතින් දඟ පන්දු යවන සොනාල් දිනූෂ ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් ම සාර්ථක පන්දු යවන්නා වෙමින් ලකුණු 22කට කඩුලු 3ක් ලබා ගත්තේ ලකුණු ලබා නොදුන් ඕවර ත්‍රිත්වයක් ද ඇතුළුව ඕවර 9යි පන්දු 3ක් යවමින්.

වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 3ක් ද, විශ්ව ප්‍රනාන්දු ලකුණු 45කට කඩුලු 2ක් ද ලබා ගත්තා.

පැතුම් නිස්සංක හා ලහිරු උදාර ලබා දුන් සාර්ථක ආරම්භය මත ශ්‍රී ලංකාව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 83ක් රැස්කර ගෙන සිටියා.

කෙ‌සේ වෙතත්, දිහා ආහාරයෙන් පසුව යැවුනු තෙවැනි ඕවරයේදී ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවට ලහිරු කඩුල්ල මුවා කිරීමත් සමග එම ආරම්භක කඩුලු සබඳතාව අවසන් වෙමින් ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලකුණු 88 දී බිඳ වැටුනා. බංග්ලාදේශය මේ දැවී යාමේ තීරණය ලබා ගත්තේ තෙවැනි විනිසුරුගෙන්. පන්දු 65කට මුහුණ දුන් ලහිරු හතරේ පහර 4ක් සමග ලකුණු 40ක් ලබා ගත්තා.

ලහිරුගේ දැවී යාමෙන් පසුව ප්‍රදර්ශනය වූයේ පැතුම් නිස්සංක හා දිනේෂ් චන්දිමාල්ගේ පිතිහරඹය යි. සවස තේ පානය සඳහා තරගය නතර කරන විට මේ පිතිකරුවන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 160කින් ලකුණු 102ක නොබිඳි සබඳතාවක් ගොඩනගා තිබුනේ ශ්‍රී ලංකා ඉනිම එක් කඩුල්ලකට ලකුණු 190ක් දක්වා ඉහළට ගෙන එමින්. නිස්සංක නොදැවී ලකුණු 93ක් රැස්කර ගෙන සිටි අතර චන්දිමාල් නොදැවී ලකුණු 54ක් ලබා ගෙන සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ 54 වැනි ඕවරයේදී නහිඩ් රානා ට හතරේ පහරක් එල්ල කරමින් නිස්සංක ඔහුගේ සිවු වැනි ටෙස්ට් ක්‍රිකට් ශතකය වාර්තා කළා. පන්දු 167කින් ලබා ගත් එම ශතකයට හතරේ පහර 12ක් ඇතුළත්ව තිබුනා.

68 වැනි ඕවරයේ සිවු වැනි පන්දුවේදී ශ්‍රී ලංකාව පළමු ඉනිමේ එක් කඩුල්ලක් පමණක් අහිමි කරගෙන බංග්ලාදේශය වාර්තා කළ මුළු ලකුණු 247 අභිබවා ගියා. බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 247 ලබා ගෙන තිබුනේ ඔ්වර 79යි පන්දු 3කින්.

දිනේෂ් චන්දිමාල් ඔහුගේ 17 වැනි ටෙස්ට් ශතකය පෙනි පෙනී තිබියදී ලකුණු 93කට දැවී ගියේ ‘රිවර්ස් ස්වීප්’ පහරක් එල්ල කිරීමට දැරූ අසාර්ථක උත්සාහයෙන්. 76 වැනි ඕවරයේ නයීම් හසන්ගේ පළමු පන්දුවට ඔහුගේ පිත්තෙන් ඉහළ නැගි පන්දුව කඩුලු රකින ලිටන් ඩාස් පහසුවෙන් රැක ගැනීමත් සමග චන්දිමාල්ගේ ඉනිම අවසන් වුනා. ඒ අනුව ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල මුළු ලකුණු 282දී බිඳ වැටුනා.

චන්දිමාල් ලකුණු 30ක් ලබා ගෙන සිටියදී ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවට කඩුල්ල මුවා කළ බවට තරග විනිසුරුවරයා තීරණය කළා. එහෙත් චන්දිමාල් එම තීරණය නැවත නිරීක්ෂණය කරන ලෙසට තෙවැනි විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහුගේ තීරණය වූයේ එය දැවී යාමක් නොවන බවයි.

කඩුල්ල ආරක්ෂා කිරීමට පැමිණ සිටි ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 5ක් ලබා ගෙන සිටියා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

Ban vs SL 1

Ban vs SL 10

Ban vs SL 5

Ban vs SL 7

Ban vs SL 2

Ban vs SL 3

Ban vs SL 4

Ban vs SL 6

Ban vs SL 8

Ban vs SL 9

Ban vs SL 11

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...