The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

එංගලන්තය නව වාර්තාවක් පිහිටුවමින් දකුණු අප්‍රිකාව 342ක ලකුණු පරතරයකින් පරදවයි

T

The Leader Desk

September 8, 2025 • 11:11 AM

එංගලන්තය නව වාර්තාවක් පිහිටුවමින් දකුණු අප්‍රිකාව 342ක ලකුණු පරතරයකින් පරදවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (ODI) තරග බිමේ වැඩිම ලකුණු පරතරයක ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය ඊයේ සමත් වුනා. ඒ, දකුණු අප්‍රිකාව ලකුණු 342කින් පරාජය කරමින්.
  • පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාව ඕවර 20 යි පන්දු 5ක් ඇතුළත ලකුණු 72කට දැවී ගියා.
  •   සිය පළමු ඕවර පහේදී ලකුණු පහක් පමණක් ලබා දෙමින් කඩුලු හතරක් ලබා ගත් ආචර් ඔහුගේ ඕවර නවය අවසන් කළේ ලකුණු 18කට කඩුලු 4ක් ලෙසින්.
  • 2023 වසරේදී ඔවුන් 317ක ලකුණු පරතරයකින් ශ්‍රී ලංකාව පරාජය කරමින් ඒ ජයග්‍රහණය සටහන් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


දෙපිල අතර සවුත්ඇම්ප්ටන් හි පැවති තෙවැනි හා අවසාන තරගයේදී වේග පන්දු යවන ජොෆ්රා ආචර් කඩුලු හතරක් ලබා ගනිමින් එංගලන්තය ට යම් තරමක ආඩම්බරයක් ලබා දුන්නේ දකුණු අප්‍රිකාව සමග පැවති තරග තුනකින් සමන්විත ODI තරගමාලාව එංගලන්තය සම්පූර්ණයෙන්ම පරාජය වීම වළක්වමින්.

කාසියේ වාසිය අහිමි වීමෙන් පසුව පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය ඕවර 50 තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 414ක් වාර්තා කළේ ජෝ රූට් (100) සහ විසිඑක් හැවිරිදි ජේකබ් බෙතල්ගේ (110) ශතක සමග.

පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාව ඕවර 20 යි පන්දු 5ක් ඇතුළත ලකුණු 72කට දැවී ගියා.

 

sa e h7
සිය පළමු ඕවර පහේදී ලකුණු පහක් පමණක් ලබා දෙමින් කඩුලු හතරක් ලබා ගත් ආචර් ඔහුගේ ඕවර නවය අවසන් කළේ ලකුණු 18කට කඩුලු 4ක් ලෙසින්.

මීට පෙර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු පරතරයකින් යුත් ජයග්‍රහණය වාර්තා කර තිබුනේ ඉන්දියාව. 2023 වසරේදී ඔවුන් 317ක ලකුණු පරතරයකින් ශ්‍රී ලංකාව පරාජය කරමින් ඒ ජයග්‍රහණය සටහන් කළා.

කණ්ඩායම් දුසිම් ගණනක් උපරිම කඩුලු ප්‍රමාණය වන කඩුලු 10කින් ජයග්‍රහණ වාර්තා කර තිබෙනවා. නමුත් ලකුණු පරතරය අතින් මෙතෙක් වාර්තා වූ ලොකුම ජයග්‍රහණය මෙයයි.

ග්ලෙන් මැක්ස්වල්ගේ උත්කෘෂ්ට ODI ලෙගසිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...