The Leader News
BREAKING
ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●ශ්‍රී ලාංකේය පාපන්දුවේ නැගිටීම ආසියානු ලොක්කාගේ ප්‍රසංසාවට!●50 වැනි ස්වර්ණ ජයන්ති ජාතික ක්‍රීඩා උළෙලත් මර උගුලක් වෙයිද?●ආගමික මිත්‍යාව: ඇකඩමියානු නිහඬතාව සහ අබලන් වූ සමාජයක අනාගතය●මොකක්ද මේ සැවොම කතාවෙන බෝනික්කන්ට කටු ගැසීම●බෙහෙත් වට්ටෝරු රීති නොතැකූ මේගන් ෂුට්ට තරග තහනමක්●ලොවම මවිත කළ නේපාල දැරියගේ අත්අකුරු ආශ්චර්යය●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලාංකේය පාපන්දුවේ නැගිටීම ආසියානු ලොක්කාගේ ප්‍රසංසාවට!

Pasan

Pasan

October 24, 2026 • 8:15 PM

ශ්‍රී ලාංකේය පාපන්දුවේ නැගිටීම ආසියානු ලොක්කාගේ ප්‍රසංසාවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ වැදගත් නැගිටීමෙන් ආසියානු කලාපය තුළ ශ්‍රී ලාංකේය පාපන්දුවේ දියුණු වීමේ හැකියාව සහ අභිලාෂය පිළිබිඹු කරන බව ආසියානු පාපන්දු ප්‍රධානියා පවසනවා.
  • ශ්‍රී ලාංකික පාපන්දුව එහි වර්තමාන ප්‍රධානියාගේ උපායමාර්ගික දැක්ම යටතේ පසුගිය දෙවසර තිස්සේ සැලකිය යුතු පරිවර්තනයක යෙදී සිටිනවා.
  • මේ ප්‍රගතිය වැඩිවෙමින් තිබෙන බවට ප්‍රත්‍යක්ෂ වන්නේ ජාතික කණ්ඩායමේ දියුණු වූ ජාත්‍යන්තර ක්‍රීඩාව, එහි FIFA ශ්‍රේණිවල ඉහළ යාම සහ දේශීය තරගාවලියන් හා පාපන්දු යටිතල පහසුකම්වල දිගටම සිදුවෙමින් පවතින වර්ධනය හරහා යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ වැදගත් නැගිටීමෙන් ආසියානු කලාපය තුළ ශ්‍රී ලාංකේය පාපන්දුවේ දියුණු වීමේ හැකියාව සහ අභිලාෂය පිළිබිඹු කරන බව ආසියානු පාපන්දු ප්‍රධානියා පවසනවා.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව ෂේක් සල්මාන් බින් ඉබ්‍රාහිම් අල් කලීෆා මෙසේ වර්ණනා කළේ ජපානයේ ටෝකියෝ අගනගරයේ පැවති ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) අතිවිශේෂ කොංග්‍රසයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් හමුවූ අවස්ථාවේ.

img-20261024-200706-mceclip0-ZSyePg.jpg

ශ්‍රී ලංකා (FFSL) හා ආසියා (AFC) පාපන්දු ප්‍රධානීන් දෙදෙන ටෝකියෝ අගනුවරදී මුණගැසුණු අවස්ථාව

මේ සාකච්ඡාවේදී උමාර් ඔහුගේ අවංක කෘතඥතාව AFC නායකත්වයට ප්‍රකාශ කර සිටියේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු යටිතලය ශක්තිමත් කිරීම පිණිස උසස් තත්ත්වයේ පාපන්දු පිටි දෙකක් ප්‍රදානය කරමින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන් නිරන්තරයෙන් දක්වන සහයෝගය හා කැපවීම අගය කරමින්.

මූල්‍ය ප්‍රදානයන්ට අමතරව, AFCය පාපන්දු ක්‍රීඩාව මූලික පදනමෙන් මෙන්ම සුපිරි මට්ටමෙන් ද සංවර්ධනය කිරීම සඳහා සහාය වෙමින් අත්‍යවශ්‍ය යටිතල හා තාක්ෂණික සහය ශ්‍රී ලංකාව ට නොකඩවා ලබා දෙමින් සිටිනවා.

ශ්‍රී ලාංකික පාපන්දුව එහි වර්තමාන ප්‍රධානියාගේ උපායමාර්ගික දැක්ම යටතේ පසුගිය දෙවසර තිස්සේ සැලකිය යුතු පරිවර්තනයක යෙදී සිටිනවා. මේ ප්‍රගතිය වැඩිවෙමින් තිබෙන බවට ප්‍රත්‍යක්ෂ වන්නේ ජාතික කණ්ඩායමේ දියුණු වූ ජාත්‍යන්තර ක්‍රීඩාව, එහි FIFA ශ්‍රේණිවල ඉහළ යාම සහ දේශීය තරගාවලියන් හා පාපන්දු යටිතල පහසුකම්වල දිගටම සිදුවෙමින් පවතින වර්ධනය හරහා යි.

අලුත් අභිලාෂයක්, වඩාත් ශක්තිමත් පදනමක් හා අනාගතය වෙනුවෙන් පැහැදිලි දර්ශනයක් සහිතව ඉදිරියට යන ශ්‍රී ලංකා පාපන්දුවේ ගමනට ආසියානු පාපන්දු ප්‍රධානියාගෙන් ලැබුණු පිළිගැනුම තවත් හයියක් වී තිබෙනවා.

වර්නන් ගුණසේකර 
(ක්‍රීඩා සංස්කාරක)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...