කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම උපකරණය හඳුන්වා දී තිබුණ ද, එය "අමානුෂික" නිර්මාණයක් ලෙස හඳුන්වමින් බාහිර පාර්ශ්ව රැසක දැඩි අප්රසාදයට ලක්ව ඇත.
'Rape-aXe' නිමවීම හා පෙළඹීම
ඊලර්ස් පවසන්නේ රෝහලකට පැමිණි ස්ත්රී දූෂණයට ලක්වූ අසරණ කාන්තාවකගේ ප්රකාශයකින් පෙළඹී මෙම උපකරණය නිර්මාණය කිරීමට අදහස් කළ බවයි.
ඇය විසින් නිපදවන ලද මෙම උපකරණය කාන්තාවන් විසින් ශරීර අභ්යන්තරයේ පැළඳිය හැකි සිලිකන් කොන්ඩමයක් වැනි ස්වරූපයක් ගන්නා අතර, ලිංගික අතවරයකදී එහි ඇති හුක්/කොකු මගින් දැඩි වේදනාවක් ලබාදෙමින් ප්රහාරකයාගේ ලිංගික අවයවය සිරකර ගනු ලබයි.
මෙම උපකරණය ශල්යකර්මයකින් හෝ වෛද්යවරයෙකුගේ සහායකින් තොරව ඉවත් කළ නොහැකි අතර, එමගින් වරදකරුවන් හඳුනාගෙන නීතියේ රැහැනට හසුකර දීම පහසු වන බව නිර්මාණකාරිනිය පෙන්වා දෙයි.
අතිශය අමානුෂික වධහිංසාට මගක්
කෙසේ වෙතත්, මෙම ක්රමය අතිශය අමානුෂික සහ "මධ්යකාලීන වධහිංසා ක්රමයක්" (medieval method) ලෙස බොහෝ මානව හිමිකම් ක්රියාකාරීන් සහ සංවිධාන විසින් විවේචනය කර තිබේ.
ඊට අමතරව, මෙමගින් ප්රහාරකයා තවත් කෝපයට පත්වී අදාළ කාන්තාවගේ ජීවිතයට වඩාත් දරුණු හෝ මාරාන්තික හානියක් කිරීමට ඉඩ ඇති බවට ද අනතුරු ඇඟවීම් පළවී ඇත.
දූෂණය නොවී සිටිමේ ස්වයං ආරක්ෂිත ක්රමයක්
නීතිඥයින් සහ සමාජ විද්යාඥයින් පෙන්වා දෙන්නේ ස්ත්රී දූෂණය වැළැක්වීමේ මූලික වගකීම සහ ආරක්ෂා වීමේ බර කාන්තාව මත පැටවීම වෙනුවට සමාජීය සහ නීතිමය වෙනස්කම් ඇතිකිරීම ප්රමුඛ විය යුතු බවයි.
මෙම චෝදනා සහ විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වන සොනෙට් ඊලර්ස් පවසන්නේ අමානුෂික අපරාධයකට එරෙහිව මෙවැනි පියවරක් ගැනීම සාධාරණ බවයි.
දූෂණයකට ලක්වීමෙන් කාන්තාවකට සිදුවන මානසික හා ශාරීරික හානියට සාපේක්ෂව අපරාධකරුට විඳීමට සිදුවන වේදනාව ද්විතීයික කරුණක් බවත්, තමන්ගේ නිර්මාණය මගින් අපරාධකරුවන්ට පාඩමක් උගන්වා කාන්තාවන්ට ආරක්ෂාව සැලසෙන බවත් ඇය දැඩි ලෙස විශ්වාස කරයි.
අන්තගාමී විසඳුමක් සේ බැහැර කිරීම
මෙම උපකරණයේ ප්රායෝගික භාවිතය සහ මහා පරිමාණ නිෂ්පාදනය සම්බන්ධයෙන් අදටත් විවිධ මතභේද සහ තහනම් කිරීමේ බලපෑම් පවතී.
මෙම නිර්මාණය කාන්තාවන් ස්වයං ආරක්ෂාව සඳහා යොදාගන්නා අන්තගාමී විසඳුමක් ලෙස ඇතැමුන් දැකගත්තද, එය ලිංගික හිංසනය නතර කිරීමේ සැබෑ නීතිමය හෝ සමාජීය විසඳුමක් නොවන බව විචාරකයෝ අවධාරණය කරති.
සොනෙට් ඊලර්ස් විසින් Rape-aXe පිළිබඳව හඳුන්වාදෙන පැරණි වීඩියෝවක්
- ටිරන් කුමාර බංගගමආරච්චි




