The Leader News
BREAKING
අද (නොවැම්බර් 21) ලෝක රූපවාහිනී දිනය යි●දේශගුණික අභියෝග ජයගන්න බංග්ලාදේශ ගොවීන්ට ඩොලර් බිලියන 5ක ණය සහනයක්●අනුර නිසා රාජධානිය අහිමි වූ එකම දිනක උපන් දෙන්නෙක්! - ගුරුදා විග්‍රහය●සංවිධානාත්මක අපරාධ පනත සම්මත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්●විදෙස්ගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එක්කරන GLEC සමුළුවට දිලිත් ජපානයට●'දෝන කමලාවතී' පිළිබඳ කෙටි ම කෙටි සටහනක්●රත්නපුර අධිවේගී මාර්ගය හැදෙන්න ගිය හැටි●පරිත්‍යාග වෙනුවට හවුල්කාරිත්වයක් ඉල්ලූ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ දැක්ම●ව්‍යාජ වීසා ජාවාරමකට හවුල් වූ හිටපු ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරයා සිරගෙට●නව ජේම්ස් බොන්ඩ් රොබට් පැටින්සන්: 007 සිනමා පරිච්ඡේදයේ හැරවුම් ලක්ෂ්‍යය●
Top Ad
විශේෂාංග

අද (නොවැම්බර් 21) ලෝක රූපවාහිනී දිනය යි

Nethmini

Nethmini

November 21, 2026 • 2:47 PM

අද (නොවැම්බර් 21) ලෝක රූපවාහිනී දිනය යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් සෑම වසරක ම නොවැම්බර් 21 වන දා ලෝක රූපවාහිනී දිනය සමරනු ලබයි.
  • දෙසැම්බර් 17 දින, නොවැම්බර් 21 වන දා ලෝක රූපවාහිනී දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසිනි.
  • එනම්, 1996 නොවැම්බර් 21 සහ 22 දින නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පළමු ලෝක රූපවාහිනී සංසදය ( World Television Forum) පැවැත්වීම ය.
  • එහි දී රූපවාහිනියේ වෙනස් වෙමින් පවතින ලෝකය තුළ ඇති වැදගත්කම සහ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් සෑම වසරක ම නොවැම්බර් 21වන දා ලෝක රූපවාහිනී දිනය සමරනු ලබයි. 1996 දෙසැම්බර් 17 දින, නොවැම්බර් 21වන දා ලෝක රූපවාහිනී දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසිනි.

මෙම දිනය තෝරාගැනීමට විශේෂ හේතුවක් පවතී. එනම්, 1996 නොවැම්බර් 21 සහ 22 දින නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පළමු ලෝක රූපවාහිනී සංසදය (World Television Forum) පැවැත්වීම ය. එහි දී රූපවාහිනියේ වෙනස් වෙමින් පවතින ලෝකය තුළ ඇති වැදගත්කම සහ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

රූපවාහිනිය වෙනුවෙන් දිනයක් වෙන් කළේ ඇයි?

රූපවාහිනිය හුදෙක් විනෝදාස්වාදය ලබාදෙන උපකරණයක් පමණක් නොවේ ය යන්න එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ අදහස ය. රූපවාහිනිය යනු ජනමතයට බලපෑම් කළ හැකි, ලෝක සිදුවීම් පිළිබඳ ජනතාව දැනුවත් කළ හැකි සහ සමාජ, ආර්ථික හා දේශපාලන කරුණු පිළිබඳ අවධානය යොමු කළ හැකි බලවත් සන්නිවේදන මාධ්‍යයක් ලෙස එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සලකයි. එබැවින් ලෝක රූපවාහිනී දිනයේ අරමුණ රූපවාහිනී තාක්ෂණය පමණක් සැමරීම නොව, එය මිනිසාට සහ සමාජයට යහපතක් වන ආකාරයෙන් භාවිත කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම යි. සාමය, ආරක්ෂාව, ආර්ථික හා සමාජ සංවර්ධනය, සංස්කෘතික හුවමාරුව යනාදි කරුණු පිළිබඳ වැඩසටහන් හුවමාරු කිරීම ද එක්සත් ජාතීන්ගේ යෝජනාවේ අන්තර්ගත ය.

කළු - සුදු තිරයේ සිට ස්මාර්ට් තිරය දක්වා විකාශය

රූපවාහිනියේ ඉතිහාසය දෙස ආපසු බැලූ විට එය අද අප දකින තත්ත්වයට පැමිණ ඇත්තේ දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක් හරහා ය. එම විකාශය: කළු - සුදු රූපවාහිනිය, වර්ණ රූපවාහිනිය, ඇනලොග් විකාශනය, ඩිජිටල් විකාශනය, චන්ද්‍රිකා රූපවාහිනිය, කේබල් රූපවාහිනිය, අධි විභේදන (HD) සහ 4K තාක්ෂණය, Smart TV, අන්තර්ජාලය හරහා සජීවී විකාශන, Streaming සහ Video-on-Demand ලෙස අඛණ්ඩව පරිවර්තනය වී තිබේ. එක්සත් ජාතීන් පෙන්වා දෙන්නේ අද රූපවාහිනී තිරය සම්ප්‍රදායික විකාශන නාලිකාවකට පමණක් සීමා නොවී, අන්තර්ජාලය, වීඩියෝ ප්‍රවාහ සේවා, සංගීතය සහ වෙනත් අන්තර්ක්‍රියාකාරී අන්තර්ගතයන් ලබාගත හැකි මාධ්‍යයක් බවට පත්ව ඇති බවයි.

රූපවාහිනිය සහ සමාජය

රූපවාහිනියට සමාජය කෙරෙහි ඇති බලපෑම විශාල ය. ප්‍රධාන වශයෙන් එය: තොරතුරු සපයයි, රටේ සහ ලෝකයේ සිදුවීම් ජනතාව වෙත ගෙන යයි, අධ්‍යාපනය ලබා දෙයි, අධ්‍යාපනික වැඩසටහන්, වාර්තා චිත්‍රපට සහ දැනුම් වැඩසටහන් හරහා දැනුම පුළුල් කරයි, විනෝදාස්වාදය සපයයි, ටෙලිනාට්‍ය, චිත්‍රපට, සංගීත සහ ක්‍රීඩා වැඩසටහන් ඇසුරෙන් සංස්කෘතිය හුවමාරු කරයි, විවිධ ජන සමාජ, භාෂා සහ සංස්කෘති පිළිබඳ අවබෝධය ඇති කරයි, ජනමතය කෙරෙහි බලපායි, දේශපාලන හා සමාජ කරුණු පිළිබඳ ජනතාව ගේ අදහස් ගොඩනැගීමට බලපෑමක් ඇති කරයි, අර්බුද අවස්ථාවල දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි, ස්වාභාවික විපත්, යුද්ධ, වසංගත සහ අනෙකුත් හදිසි තත්ත්ව පිළිබඳ තොරතුරු වේගයෙන් ජනතාව වෙත ගෙන යාමට මහඟු පිටුවහලක් සපයයි.

මේ සියලු කරුණු සලකා බලමින් රූපවාහිනියට: සාමය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, දැනුම සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ද හැකියාව ඇති බව එක්සත් ජාතීන් අවධාරණය යි.

බලය සමග ම රූපවාහිනියට පැවරෙන වගකීම

රූපවාහිනියේ බලපෑම විශාල වන තරමට එහි වගකීම ද විශාලය. මන්ද: වැරදි තොරතුරු, පක්ෂග්‍රාහී ප්‍රවෘත්ති, වෛරය උසිගැන්වීම, සංවේදී කරුණු අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම වැනි දෑ මගින් රූපවාහිනිය සමාජයට අහිතකර බලපෑම් ඇති කළ හැකි ය. එබැවින් අද රූපවාහිනී මාධ්‍යයේ වටිනාකම මැනිය යුත්තේ ''කොපමණ පුද්ගලයින් ප්‍රමාණයක් එය නරඹනවාද?'' යන්නෙන් පමණක් නොව, ''ඔවුන්ට අප ලබා දෙන්නේ කුමක්ද?'' යන කරුණ ද පදනම් කරගෙන ය.

එක්සත් ජාතීන්ගේ විග්‍රහයන්හි ද සඳහන් වන්නේ විශ්වාසදායක මාධ්‍යයක් සඳහා කරුණු පරීක්ෂා කිරීම, සන්දර්භය, වෘත්තීය මාධ්‍ය ආචාරධර්ම සහ විවිධ අදහස් නියෝජනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

රූපවාහිනියේ අනාගතය කෙබදු විය හැකි ද…?

අද YouTube, Netflix යනාදි streaming වේදිකා සහ සමාජ මාධ්‍ය වේගයෙන් වර්ධනය වුව ද, රූපවාහිනිය සම්පූර්ණයෙන් අතුරුදන් වී නැත. ඒ වෙනුවට ''රූපවාහිනිය'' යන සංකල්පය ම වෙනස් වෙමින් පවතී.

එක්සත් ජාතීන් පෙන්වා දෙන ආකාරයට සාම්ප්‍රදායික රූපවාහිනී විකාශනය සහ අන්තර්ජාලය හරහා ලැබෙන streaming අන්තර්ගතය අතර නව සම්බන්ධතාවක් ගොඩනැගෙමින් පවතී. එබැවින්: රූපවාහිනී යන්ත්‍රය පිළිබඳව පමණක් නොව, රූපවාහිනිය නියෝජනය කරන සන්නිවේදන බලය පිළිබඳව ද අද ලෝක රූපවාහිනී දිනය අපට සිහිපත් කරයි.

රූපවාහිනිය තිරයක් පමණක් නොව, එය ලෝකය අපගේ නිවසට ගෙන එන කවුළුවකි. එම කවුළුවෙන් අප දකින්නේ කුමක්දැයි තීරණය කරන වගකීම මාධ්‍යයට මෙන්ම එය නරඹන අපට ද තිබේ.

තොරතුරු අන්තර්ජාලයෙන්

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...