The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

සෝබර්ස්ගේ හයේ පහර හයේ 57 වැනි සංවත්සරය සහ වේල්සයේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් තරගය අද (31)

T

The Leader Desk

August 31, 2025 • 10:12 AM

සෝබර්ස්ගේ හයේ පහර හයේ 57 වැනි සංවත්සරය සහ වේල්සයේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් තරගය අද (31)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සර් ගාෆීල්ඩ් සෝබර්ස් එක් ඕවරයකට හයේ පහර හයක් එල්ල කරමින් පළමු පෙල ක්‍රිකට් ඉතිහාසයේ එවැනි හපන්කමක් පෑ පළමු ක්‍රීඩකයා බවට පත්ව අද ඉරිදා ට වසර 57ක් සම්පූර්ණ වනවා.
  • 1968 වසරේ අගෝස්තු මාසයේ අවසන් දිනයේ සෝබර්ස් සිටියේ ද ප්‍රීතිමත් චිත්ත ස්වභාවයක.
  • නොටිංඑම්ෂ නායකයා ලෙසින් සෝබර්ස් මීට පෙර වෙනත් කිසිම පිතිකරුවෙකු ක්‍රීඩා නොකළ පරිදි පිතිහරඹයේ යෙදුනේ මේ අවස්ථාවේ.
  •   ග්ලමෝගන් කණ්ඩායම ක්‍රීඩාංගණ 19ක ඔවුන්ගේ පළමු පෙල තරග ක්‍රීඩා කර තිබුන ද, සාන්ත හෙලන්ස් ක්‍රීඩාංගණයයි අන් කිසිම ක්‍රීඩාංගණයකට වඩා ඔවුන්ගේ පළමු පෙල ක්‍රිකට් තරගවලට සත්කාරකත්වය දක්වා තිබෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ 57 වැනි සංවත්සර දිනයේ තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ, සෝබර්ස් එදා වාර්තාගත පිතිහරඹයේ යෙදුනු වේල්සයේ දෙවැනියට විශාල නගරය වන ස්වොන්සී හි පිහිටි සාන්ත හෙලන්ස් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන අවසන් දිනය අද වීම.

 



මුහුදු වෙරළ සමීපයේ පිහිටි මේ ක්‍රීඩාංගණයේ කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාව සැමවිටම තිබුනේ සැණකෙළි සිරියක. 1968 වසරේ අගෝස්තු මාසයේ අවසන් දිනයේ සෝබර්ස් සිටියේ ද ප්‍රීතිමත් චිත්ත ස්වභාවයක. නොටිංඑම්ෂ කණ්ඩායම ලකුණු විශාල ප්‍රමාණයක් ග්ලමෝගන් පිලට එරෙහිව රැස්කර ගෙන ඉනිම නතර කිරීමට උත්සාහ කරමින් සිටියා.

නොටිංඑම්ෂ නායකයා ලෙසින් සෝබර්ස් මීට පෙර වෙනත් කිසිම පිතිකරුවෙකු ක්‍රීඩා නොකළ පරිදි පිතිහරඹයේ යෙදුනේ මේ අවස්ථාවේ. ඔහුගේ වාර්තාගත පිති ප්‍රහාරයට ගොදුරු වූ පන්දු යවන්නා වූයේ වමතින් දඟ පන්දු යැවූ මැල්කම් නෑෂ්. ඔහුගේ එම ඔ්වරයේ අවසන් පන්දුවට සෝබර්ස් එල්ල කළ දැවැන්ත පහරින් පන්දුව සාන්ත හෙලන්ස් ක්‍රීඩාංගණයට පිටින් තිබෙන පැතැළි වීදිවල අතුරුදන් වුනා. එදා ක්‍රිකට් ලෝකය අන්දමන්ද කළ ඒ ප්‍රවේගකාරී පිතිකරණයෙන් පසුව සෝබර්ස් ඉනිම නතර කළා.

 85117791 garfieldsobers512getty

 

ග්ලමෝගන් කණ්ඩායම ක්‍රීඩාංගණ 19ක ඔවුන්ගේ පළමු පෙල තරග ක්‍රීඩා කර තිබුන ද, සාන්ත හෙලන්ස් ක්‍රීඩාංගණයයි අන් කිසිම ක්‍රීඩාංගණයකට වඩා ඔවුන්ගේ පළමු පෙල ක්‍රිකට් තරගවලට සත්කාරකත්වය දක්වා තිබෙන්නේ. එම සංඛ්‍යාව 416ක්.

කෙසේ වෙතත්, වේල්සයේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන සාන්ත හෙලන්ස් වසර 150කට පසුව අද අවසාන ක්‍රිකට් තරගයට සත්කාරකත්වය දරනවා. එම තරගය පැවැත්වෙන්නේ ස්වොන්සී දෙවැනි පෙල කණ්ඩායම හා පොන්ටාඩාවී පිල අතර.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළ ක්‍රීඩාංගණ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වසා දමා ඇත්තේ එක් පිටියක් පමණයි. ඒ, එංගලන්තයේ ෂෙෆීල්ඩ් නගරයේ බ්‍රමාල් ලේන් (Bramall Lane) පිටිය. එම තරග බිමේ 1902 වසරේ ‘අළු බඳුන’ ටෙස්ට් තරගයක් හා එංගලන්තය ජයග්‍රහණය කළ 1945 වසරේ ටෙස්ට් තරගයක් පවත්වා තිබෙනවා. ඒ අනුව, එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවට දොරටු වැසෙන දෙවැනි ක්‍රීඩාංගණය වන්නේ සාන්ත හෙලන්ස් (St Helen’s).

helebs a

 

බ්‍රමාල් ලේන් දැන් පාපන්දු ක්‍රීඩාංගණයක්. සාන්ත හෙලන්ස් පරිවර්තනය වනු ඇත්තේ රග්බි ක්‍රීඩාංගණයක් ලෙසින්.

1973 වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාව (ODI) ආරම්භ වෙමින් තිබූ සමයේ එංගලන්තය සාන්ත හෙලන්ස් ක්‍රීඩාංගණයේදී නවසිලන්තය සමග තරග වැදුනා.

එය එංගලන්ත කණ්ඩායමේ පස්වැනි ODI තරගය වූ අතර ලෝකයේ හය වැන්න වී තිබුනා. එකල එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුනේ වෙනස් ම තරග රටාවක්. එහිදී එංගලන්තය ලකුණු 159ක ඉලක්කයක් හඹා ගිය අවස්ථාවේ සර් ජෙෆ්රී බෝයිකොට් පන්දු 88කින් ලකුණු 20ක් ලබා ගනිද්දී ඩෙනිස් එමිස් ලකුණු 100ක් රැස්කළේ පන්දු 121කට මුහුණ දෙමින්.

සාන්ත හෙලන්ස් හි පැවති ජනප්‍රිය ක්‍රිකට් තරගවල මතකයන් මැකීයද්දී ස්වොන්සී ක්‍රිකට් සමාජය ස්කෙටී පෙදෙසේ ක්‍රීඩා පිටියක පදිංචියට යනවා.

 

st h

සාන්ත හෙලන්ස් ක්‍රීඩා මණ්ඩපයේ තිබෙන පැරණි ඡායාරූපවලින් වැඩි ප්‍රමාණයක් රග්බි ක්‍රීඩකයන්ගේ. වේල්සය ජාත්‍යන්තර රග්බි තරග 51ක් මෙහි ක්‍රීඩා කර තිබීම ඊට හේතුවයි. 1930 වසරේ මේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි තරගයක් නැරඹීමට 50,000ක සෙනඟක් පැමිණ තිබෙනවා. රග්බි ක්‍රීඩාංගණයක් ලෙසට සාන්ත හෙලන්ස් අලුත්වැඩියා කිරීම පිණිස වේල්ස් කවුන්සලය විසින් වේල්සයේ වෘත්තීය රග්බි සමාජ හතරෙන් එකක් වන Ospreys ට අවසර ලබා දී තිබෙනවා.


2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සෝබර්ස්ගේ හයේ පහර හයේ 57 වැනි සංවත්සරය සහ වේල්සයේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් තරගය අද (31) | The Leader