The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මෙන්ඩිස්ලා...වැඩකාරයෝ: කමිඳු හා කුසල්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව 602/5 නවසිලන්තය කඩුලු 2ට ලකුණු 22යි

T

The Leader Desk

September 27, 2024 • 4:48 PM

මෙන්ඩිස්ලා...වැඩකාරයෝ: කමිඳු හා කුසල්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව 602/5 නවසිලන්තය කඩුලු 2ට ලකුණු 22යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අද දෙවැනි දිනයේදී කඩුලු 5කට ලකුණු 602ක් රැස්කර ගෙන ඔවුන්ගේ පළමු ඉනිම නතර කළා.
  • ඊට පිළිතුරු වශයෙන් නවසිලන්තය අද තරගය නතර කරන විට ඔ්වර 14ක් ඇතුළත කඩුලු 2ක් ලකුණු 22කට අහිමි කරගෙන සිටියා.
  • විශිෂ්ට පිතිකරණයක නියැළුනු වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් තෙවැනියට වේගයෙන් ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ පිතිකරුවා බවට පත්වෙමින් ඔස්ට්‍රේලියාවේ ඩොන් බ්‍රැඩ්මන් සමග සම තත්ත්වයට පිවිසියා.
  • මෙන්ඩිස් මිනිත්තු 390ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 250කට මුහුණ දී නොදැවී ලකුණු 182ක් වාර්තා කළ අතර හතරේ පහර 16ක් සහ හයේ පහර 4කින් ඔහුගේ වාර්තාගත ඉනිම වර්ණවත් වී තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අද දෙවැනි දිනයේදී කඩුලු 5කට ලකුණු 602ක් රැස්කර ගෙන ඔවුන්ගේ පළමු ඉනිම නතර කළා. ඊට පිළිතුරු වශයෙන් නවසිලන්තය අද තරගය නතර කරන විට ඔ්වර 14ක් ඇතුළත කඩුලු 2ක් ලකුණු 22කට අහිමි කරගෙන සිටියා.

විශිෂ්ට පිතිකරණයක නියැළුනු වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් තෙවැනියට වේගයෙන් ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ පිතිකරුවා බවට පත්වෙමින් ඔස්ට්‍රේලියාවේ ඩොන් බ්‍රැඩ්මන් සමග සම තත්ත්වයට පිවිසියා. මෙන්ඩිස් මිනිත්තු 390ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 250කට මුහුණ දී නොදැවී ලකුණු 182ක් වාර්තා කළ අතර හතරේ පහර 16ක් සහ හයේ පහර 4කින් ඔහුගේ වාර්තාගත ඉනිම වර්ණවත් වී තිබුනා. ඔහු ඉනිම 13කින් ටෙස්ට් ලකුණු දහසට පිවිසියේ හයේ පහරක් එල්ල කරමින්. ඒ හයේ පහරත් සමග ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළමු ඉනිම නතර කළා.

ඒ වන විට කුසල් මෙන්ඩිස් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමග පන්දු 149කින් නොදැවී ලකුණු 106ක් රැස්කර ගෙන සිටියා. කුසල් අද වාර්තා කළේ ඔහුගේ 10 වැනි ටෙස්ට් ක්‍රිකට් ශතකය යි. කුසල් හා කමිඳු මෙන්ඩිස් පිතිකරු යුගලය 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 271කින් ලකුණු 200ක නොබිඳි සබඳතාවක් ගොඩනැගුවා.

zdr3w4

ශ්‍රී ලංකා දැවැන්ත පළමු ඉනිමේ අනෙක් ශතකලාභියා වූයේ දිනේෂ් චන්දිමාල් (116). ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 7ක් සමග පන්දු 185කින් ලකුණු 88ක් ලබා ගත් අතර ධනංජය ද සිල්වා හතරේ පහර 3ක් හා හයේ පහරක් එල්ල කරමින් ලකුණු 44ක් රැස් කළා. දිමුත් කරුණාරත්න ඊයේ ලකුණු 46ක් ලබා ගෙන දැවී ගියා.

කමිඳු මෙන්ඩිස් අද ඔහුගේ පස්වැනි ටෙස්ට් ක්‍රිකට් ශතකය වාර්තා කළේ පන්දු 147කට මුහුණ දෙමින්. ඒ සඳහා ගතවූ මිනිත්තු 224ක කාලය තුළ ඔහු හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුනා.

dtw454

තව දින තුනකින් 26 වැනි වියට පා තබන කමිඳු 2024 වසරේ වැඩිම ටෙස්ට් ක්‍රිකට් ශතකලාභීන්ගේ ලැයිස්තුවේ මුදුනට පිවිසීමට ද සමත් වුනා. ඒ, ශතක හතරක් ලබා ගෙන සිටින එංගලන්තයේ ජෝ රූට් අභිභවා යමින්.

ඇන්ජලෝ මැතිව්ස් අද තරගයේ යැවුනු හත්වැනි ඔ්වරයේදී දැවී ගියේ ඔහුගේ 17 වැනි ටෙස්ට් ශතකයට ලකුණු 12ක් අඩුවෙන් තිබියදී. ඊයේ පළමු දින තරගය නතර කරන විට නොදැවී ලකුණු 78ක් රැස්කර ගෙන සිටි ඔහුට අද ලබා ගත හැකි වූයේ තවත් ලකුණු 10ක් පමණයි. ග්ලෙන් ෆිලිප්ස්ගේ පන්දුවට ‘ස්වීප්’ පහරක් එල්ල කිරීමේදී මැතිව්ස්ගේ පිත්තේ අග වැදී ඉහළ ගිය පන්දුව විලියම් රෝක් ‘ෂෝට් ෆයින් ලෙග්’ ස්ථානයේ සිට රැක ගත්තේ ඉතාමත් පහසුවෙන්. පන්දු 185කට මුහුණ දුන් මැතිව්ස් හතරේ පහර 7ක් සමග ලකුණු 88ක් රැස් කළා. ඔහු කමිඳු මෙන්ඩිස් සමග එක්ව සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 144ක් තුළ ගොඩනැගූ සබඳතාව ලකුණු 107ක්. ‌පෙර දිනයේ ලබා ගත් කඩුලු 3 ට ලකුණු 306 සිට අද තරගය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ සිවු වැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 328දී.

කමිඳු හා නායක ධනංජය ද සිල්වා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 132කින් ලකුණු 74ක් එක් කරමින් සිටියදී තරගයේ 119 වැනි ඔ්වරයේදී ග්ලෙන් ෆිලිප්ස්ගේ පන්දුවට දුන් උඩ පන්දුව කඩුලු රකින බ්ලන්ඩල් විසින් රැක ගැනීමෙන් ධනංජය දැවී ගියා. ඔහුගේ දැවී යාමත් සමග තරගය දිවා ආහාරය සඳහා නතර කෙරුනු අතර පන්දු 80කට මුහුණ දුන් ධනංජය ද සිල්වා හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග රැස් කළ ලකුණු ප්‍රමාණය 44ක්.

ධනංජයගේ දැවී යාම ග්ලෙන් ෆිලිප්ස් මේ තරගයේ ලබා ගත් තෙවැනි කඩුල්ල යි. සවස තේ පානය වන විට ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 519ක් රැස්කර ගෙන සිටියා.

නවසිලන්ත පිලේ දැවී ගිය පිතිකරුවන් වූයේ ටොම් ලේතම් (2) හා ඩෙවොන් කොන්වේ (9). මේ කඩුලු දෙක පිළිවෙලින් ලබා ගත්තේ අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය.

අද තරගය නතර කරන විට කේන් විලියම්සන් (6) හා අජාද් පටෙල් (0) නොදැවී ක්‍රීඩා කරමින් සිටියා.

හෙට තරගයේ තෙවැනි දිනය යි.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...