The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
පුවත්

මහාසිවරාත්‍රී පුජා පවත්වද්දී අත් අඩංගුවට ගත් 8 කට නිදහස ඉල්ලා පෙළපාලි

T

The Leader Desk

March 16, 2024 • 5:07 AM

මහාසිවරාත්‍රී පුජා පවත්වද්දී අත් අඩංගුවට ගත් 8 කට නිදහස ඉල්ලා පෙළපාලි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියවස් දෙකකට අධික කාලයක සිට වන්දනාවට පාත්‍ර වු වන්නියේ පර්වතයක් මත පිහිටි සිව දේවාලයක හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම
  • අධිකරණ නියෝග හා පුරා විද්‍යා පනතට අනුව හවස 6 න් පසු එම භුමියේ පුජාවන් තැබිය නොහැකි බවට පොලීිසිය හින්දු භක්තිකයන්ට දැනුම් දුන්නද ඔවුන් එම උපදෙස් නොතකා පුජා සිදු කිරීම නිසා පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ මාර්තු 12 වැනිදා සිට මේ දක්වාම පස් දෙනකු කිසිදු ආහාරයක් නොගෙන වවුනියාව බන්ධනාගාරයේ උපවාසයක නිරත වන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • එම සිරකරුවන් ආහාර වර්ජනයක යෙදී නොඉන්නා බවට බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක කොළඹින් පලවන ජනමාධ්‍යයට කර ඇත්තේ නොමග යවනසුලු අසත්‍ය ප්‍රකාශයක් බව දෙමළ ජාතික ජනතා පෙරමුණ ප්‍රකාශ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආගමික පුජාවක් පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින අට දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් විරෝධයක් දියත් කර තිබේ.

වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි  ආදි ලිංගේස්වර කෝවිලේ  මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.

අධිකරණ නියෝග හා පුරා විද්‍යා පනතට අනුව හවස 6 න් පසු එම භුමියේ පුජාවන් තැබිය නොහැකි බවට පොලීිසිය හින්දු භක්තිකයන්ට දැනුම් දුන්නද ඔවුන් එම උපදෙස් නොතකා පුජා සිදු කිරීම නිසා පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

අත්අඩංගුවට ගන්නා ලද කෝවිලේ පූජක තම්බිරාසා මදිමුගරාසා (45) ඇතුළු තුරෙයිරාසා තමිල්චෙල්වන් (28), මහේන්ද්‍රන් නරේන්තිරන් (29), සිවම් ලක්ෂාන් (28), කන්දසාමි ගෞරිකාන්තන් (24), තිලකනාදන් කින්දුයන් (28), රාසරාත්නම් විනායගමුර්ති (30), සුබ්‍රමනියම් තවපාලසිංහම් (35) යන අට දෙනා වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග අනුව මාර්තු මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ මාර්තු 12 වැනිදා සිට මේ දක්වාම පස් දෙනකු කිසිදු ආහාරයක් නොගෙන වවුනියාව බන්ධනාගාරයේ උපවාසයක නිරත වන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති. එම සිරකරුවන් ආහාර වර්ජනයක යෙදී නොඉන්නා බවට බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක කොළඹින් පලවන ජනමාධ්‍යයට කර ඇත්තේ නොමග යවනසුලු අසත්‍ය ප්‍රකාශයක් බව දෙමළ ජාතික ජනතා පෙරමුණ ප්‍රකාශ කරයි.


“එයා එහෙම කියනවා ඇත්තේ එක්කෝ උපවාසික කට්ටියට විපත්තිදායක තත්වයක් ඇති කරන්න එහෙම නැතිනම් ඒ කට්ටියට බලපෑම් කරලා බලහත්කාරයෙන් කෑම කැවීමේ යටි අරමුණක් ඇතිව,” යයි වීඩියෝ නිවේදනයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් කියා සිටී.

බන්ධනාගාරගත කර සිටින හින්දු භක්තිකයන් අට දෙනා වහාම නිදහස් කරන ලෙස බල කරමින් මාර්තු 15 වැනිදා දහවල් නෙදුන්කේනි නගරයේදී විරෝධතා පෙළපාලියක් ආරම්භ කළ සිවිල් සංවිධාන, ආගමික නායකයන්, දේශපාලඥයන් හා ප්‍රදේශවාසීන් ඇතුළු  සිය ගණනක් නෙදුන්කේනි පොලිස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතා දක්වා පසුව බස් නැවතුම් පොළ දක්වා පෙළපාලියකින් ගමන් කර තිබේ.

වෙඩුක්කුනාරි දෙමළ ජනයාගේ දෙපළක් බව අවධාරණය කළ ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටියේ නෙදුන්කේනි පොලීසිය මර්දනය නතර කළ යුතු බවයි.


මහා ශිව රාත්‍රීය


හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය මෙවර මාර්තු 8 ට යෙදී තිබුනි. මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ, දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා පෑ දිනය ලෙසයි.

මහා ශිව රාත්‍රී දින ආගමික පුජාවන් සදහා මාර්තු 8 වැනිදා පෙරවරුවේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිල වෙත ගමන් කිරීමට පැමිණි දෙමළ ජනතා නියෝජිතයන් ප්‍රමුඛ හින්දු භක්තිකයන් ඔලමඩු - වේලඩි හන්දියේදී  පොලිසිය විසින් මාර්ග බාධක යොදා නැවැත්වු බව ද පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ආදි ලිංගේස්වර කෝවිල පිහිටි භුමිය තුළ වන්දනාමාන කටයුතු වෙනුවෙන් අධිකරණය පසුගිය වසරේ අවසර ලබා දුන් බව දෙමළ ජනතා නියෝජිතයන් ආරක්ෂක අංශ වලට පෙන්වා දීමෙන් පසුවද වාහන වලින්  එම භුමියට ගමන් කිරීමට අවස්ථාව ලබා දීම පොලීසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පොලීසිය විසින් සිදු කළ බාධා කිරීම් නිසා ඔලමඩු - වේලඩි හන්දියේ සිට කිලෝමීටර් 10 ක පමණ දුරක් පා ගමනින් පැමිණ  වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිල වෙත පැමිණීමට හින්දු බැතිමතුන්ට සිදු වු බවයි.

ප්‍රදේශයට බල පා තිබෙන දැඩි හිරු රශ්මිය හේතුවෙන් අවශ්‍ය පානීය ජලය මෙන්ම පුජා භාණ්ඩද රැගෙන බැතිමතුන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ කෝවිල වෙත ගමන් කර දිවා කාලයේ පුජාවන් ද පවත්වා තිබු අතර හවස 6 න් පසුව මහා ශිව රාත්‍රී දින ආගමික පුජාවන් පවත්වමින් සිටිය දී බැතිමතුන් අට දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනි.

වැඩ බලන පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.ඩී.ආර් නිශාන්ති ජයසිංහ මාර්තු 6 වැනිදා උතුරු දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුනේ එම ස්ථානයේ විශේෂ පුජාවක් පැවැත්වීම වැලැක්වීමට අදාල පොලිස්ථානයට නියෝග නිකුත් කරන ලෙසයි.

 
" මෙම ස්ථානයේ දිවා කාලයේ සාමාන්‍යයෙන් සිදු කරනු ලබන වැදුම් පිදුම් කටයුතුවලට අතිරේකව  වෙනත් විශේෂ පුජාවක් පැවැත්වීම වළක්වාලීමට අදාල පොලිස් ස්ථානයට නියෝගයක් නිකුත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි."

එවැනි විශේෂ පුජාවක් පැවැත්වීමට අනුමැතිය ලබා දිය නොහැකි බවට මහේස්ත්‍රාත් විසින් තීන්දුවක් ලබා දී ඇති බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන්ව තිබුනි.

ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පවසන්නේ පොලිසිය විසින් බොරු චෝදනා නගා හින්දු බැතිමතුන් අත් අඩංගුවට ගෙන උසාවිය නොමග යැවූ බවයි.

පළාතේ දෙමළ  ජනතාව අද වන විට මෙම කෝවිල වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල ලෙස හැදින්නුවද අතීතයේ එම ස්ථානය වඩ්ඩමාන පර්වත විහාරය ලෙස හඳුන්වන ලද බවට සිංහල බෞද්ධයන් අතර මතයක්ද පවතී.

maha1
maha2

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...