The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමට සුපිරි ජයක්

T

The Leader Desk

April 16, 2025 • 3:47 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමට සුපිරි ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඇෆ්ගනිස්තාන "A" කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමිනි.
  • ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන "A" කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 248ක් රැස්කළේය.
  • පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා "A" කණ්ඩායමේ දිල්ෂාන් මධුසංක කඩුලු 4ක් සහ මොහොමඩ් ෂිරාස් කඩුලු 02ක් බිඳ හෙළීමට සමත් විය.
  • ලකුණු 249ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා "A" කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 03ක් අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 249ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ඇෆ්ගනිස්තාන "A" කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන "A" කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන "A" කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 248ක් රැස්කළේය.

Sri lankaA

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා "A" කණ්ඩායමේ දිල්ෂාන් මධුසංක කඩුලු 4ක් සහ මොහොමඩ් ෂිරාස් කඩුලු 02ක් බිඳ හෙළීමට සමත් විය.

ලකුණු 249ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා "A" කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 03ක් අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 249ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා "A" කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ නායක සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 129ක් රැස්කළේය.

sss

තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේද නායක සදීර සමරවික්‍රමයි.

ලහිරු උදාර ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන "A" කණ්ඩායම වෙනුවෙන් කලීල් අහමඩ් කඩුලු 02ක් දවාගත්තේය.

| aruna

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...