The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තුන්කොන් ක්‍රිකට් සටනේ ජය ශ්‍රී ලංකා A කණ්ඩායමට

T

The Leader Desk

April 26, 2025 • 7:44 AM

තුන්කොන් ක්‍රිකට් සටනේ ජය ශ්‍රී ලංකා A කණ්ඩායමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවසන් මහා තරගය ඊයේ (25) අබුඩාබි හිදී පැවති අතර, එහිදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
  • පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 47.3කදී සියලු දෙනා දැවී ලකුණු 200ක් රැස් කළේය.
  • Morgan Topping ලකුණු 73ක් රැස්කිරීමට අයර්ලන්ත පිතිකරුවෙකු රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව විය.
  • ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී තරිඳු රත්නායක (4/33) හා මිලාන් රත්නායක (3/24) හා දුෂාන් හේමන්ත (2/51) දක්ෂතා දැක්වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


අවසන් මහා තරගය ඊයේ (25) අබුඩාබි හිදී පැවති අතර, එහිදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 47.3කදී සියලු දෙනා දැවී ලකුණු 200ක් රැස් කළේය.

Morgan Topping ලකුණු 73ක් රැස්කිරීමට අයර්ලන්ත පිතිකරුවෙකු රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී තරිඳු රත්නායක (4/33) හා මිලාන් රත්නායක (3/24) හා දුෂාන් හේමන්ත (2/51) දක්ෂතා දැක්වූහ.

Cricket 1200x675px 16 04 25 1000x600

මෙහිදී ලකුණු 201ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 35(34.3) වන පන්දුවාරයේදී සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට සමත් විය.

ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය පවන් රත්නායක හා මිලාන් රත්නායක ලකුණු 77 බැගින් රැස්කළහ.

ඔවුන් දෙදෙනා ලකුණු 43ක් තුළ කඩුලු 5ක් බිඳවැටී පරාජය දෙසට දෝලනය වෙමින් තිබූ ඉනිම ඔසවා තබමින් 6වන කඩුල්ලට ලකුණු 160ක වටිනා සබඳතාවක් ගොඩනැගූහ.

අයර්ලන්තය වෙනුවෙන් Thomas Mayes (3/38) හා Liam McCarthy (2/50) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

තරගයේ වීරයා ලෙස මිලාන් රත්නායක සම්මාන දිනාගත්තේය.

ශ්‍රී ලංකා, අයර්ලන්ත හා ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම් සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.

492892772 1104459978385784 8473952411394059510 n

එහි මූලික වටයේදී සෑම කණ්ඩායමකටම තරග 4 බැගින් හිමිවූ අතර, ශ්‍රී ලංකාව සියලුම තරග ජය ගැනීමට සමත් විය.

එහිදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගය ඇතුළුව සියලුම තරග ජයගැනීම විශේෂත්වයක් විය.

ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය ජයගැනීමට සමත් වූයේ එක් තරගය බැගින් පමණක් විය.

ඒ අනුව දළ ලකුණු වේගය අනුව අයර්ලන්ත 'A'කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.


| aruna

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තුන්කොන් ක්‍රිකට් සටනේ ජය ශ්‍රී ලංකා A කණ්ඩායමට | The Leader