The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත ජයක්

T

The Leader Desk

May 3, 2025 • 7:54 AM

ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිව්දින තරගයක් ලෙස පැවති මෙම තරගය ඊයේ (2) අවසන් විය.
  • ශ්‍රී ලංකා 'A' කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406/10ක් රැස් කළේය.
  • එහිදී ළහිරු උදාර (107), සොනාල් දිනුෂ (104) ශතක රැස්කළහ.
  • පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ හැකිවූයේ ලකුණු 168ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):


සිව්දින තරගයක් ලෙස පැවති මෙම තරගය ඊයේ (2) අවසන් විය.

ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය යටතේ මෙය පැවැත්විණි.

ශ්‍රී ලංකා 'A' කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406/10ක් රැස් කළේය. එහිදී ළහිරු උදාර (107), සොනාල් දිනුෂ (104) ශතක රැස්කළහ.

SL A

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ හැකිවූයේ ලකුණු 168ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපීපෙනෙන පන්දු යැවීමක නිතර වූ ඉසිත විජේසුන්දර ලකුණු 35කට කඩුලු 6ක් දවාගත්තේය.

ලකුණු 238ක් ඉදිරියෙන් සිටිමින් යළි දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව එවර ලකුණු 376/4ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

එහිදී නුවනිදු ප්‍රනාන්දු (102), නායක පසිඳු සූරියබණ්ඩාර (100) හා පවන් රත්නායක (නොදැවී 100) ශතක රැස්කිරීමට සමත් වූහ.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 615ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ඔවුන් රැස්කළේ ලකුණු 306ක් පමණක් වූ අතර, ඒ හේතුවෙන් තරගය ජයපරාජයෙන් තොරව හෝ අවසන්කර ගැනීමට ඇෆ්ගනිස්තානයට නොහැකි විය.

තරගයේ වීරයා ලෙස ඉනිම් දෙකෙහිම කඩුලු 10ක් (6/35, 4/75) දවාගත් ඉසිත විජේසුන්දර සම්මාන දිනාගත්තේය.

495044683 18459052765074775 2904469435023114393 n

| adaderana

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...