The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් උළෙලේ AIN ක්‍රීඩකයෝ

T

The Leader Desk

May 26, 2024 • 12:19 PM

පැරිස් ඔලිම්පික් උළෙලේ AIN ක්‍රීඩකයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔලිම්පික් ක්‍රීඩාවේ වසර 128ක ඉතිහාසය පුරා රුසියානු ක්‍රීඩකයන් නොයෙකුත් වේශයෙන් තරග කර තිබෙනවා.
  • රුසියානු හෝ බෙලරුසියානු විදෙස් ගමන් බලපත්‍රයක් ඇතිව මෙවර ඔලිම්පික් උළෙලේ තරග වදින ක්‍රීඩකයින් හඳුන්වනු ඇත්තේ ‘තනි මධ්‍යස්ථ ක්‍රීඩකයෙක්’ - An Individual Neutral Athlete - යන නාමයෙන්.
  • එය සිදුවුනේ එරට රජයේ අනුග්‍රහයෙන් සිදු කෙරුනු තහනම් ශරීර උත්තේජන භාවිතයේ ප්‍රතිඵලයක් ලෙසින්.
  • මේ අපකීර්තිමත් වැඩසටහනට තමා සම්බන්ධ නැති බවට ඔප්පු කළ හැකි රුසියානු ක්‍රීඩකයන්ට ROC බැනරය යටතේ තරග කිරීමට අවසර ලැබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔවුන් පෙනී සිටින්නේ තවත් අලුත් නමකින්. ඒ, AIN නමින්.

රුසියානු හෝ බෙලරුසියානු විදෙස් ගමන් බලපත්‍රයක් ඇතිව මෙවර ඔලිම්පික් උළෙලේ තරග වදින ක්‍රීඩකයින් හඳුන්වනු ඇත්තේ ‘තනි මධ්‍යස්ථ ක්‍රීඩකයෙක්’ - An Individual Neutral Athlete - යන නාමයෙන්. එය කෙටි කර AIN යනුවෙන් යොදා ගෙන තිබෙනවා.

indisawwqAIN

 

කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 වසරට කල්දැමූ ‘2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල’ හා බෙයිජිං නුවර පැවති 2022 ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියානු ක්‍රීඩකයන් සහභාගි වූයේ රුසියානු ඔලිම්පික් කමිටුව - Russian Olympic Committee (ROC) යන නාමය යටතේ. එය සිදුවුනේ එරට රජයේ අනුග්‍රහයෙන් සිදු කෙරුනු තහනම් ශරීර උත්තේජන භාවිතයේ ප්‍රතිඵලයක් ලෙසින්.

මේ අපකීර්තිමත් වැඩසටහනට තමා සම්බන්ධ නැති බවට ඔප්පු කළ හැකි රුසියානු ක්‍රීඩකයන්ට ROC බැනරය යටතේ තරග කිරීමට අවසර ලැබුනා.

කෙසේ වෙතත්, ROC විසින් රුසියාවේ නම හා වර්ණ උසුලා ගෙන සිටි බැවින් හා ඔක්තෝබරයේදී එය අහෝසි කෙරුනු බැවින් ඒ නමින් පැරිසයේ තරග වැදීම රුසියානු ක්‍රීඩකයන්ට තවදුරටත් ප්‍රායෝගික විකල්පයක්ව තිබුනේ නැහැ.

 

AIN 240526එය, රුසියාව වෙනුවෙන් ප්‍රායෝගිකව තරග නොකළ, එහෙත් නිල වශයෙන් නොවන තත්ත්වයක සිට රට නියෝජනය කිරීමේ අයිතිය රඳවා ගත් කණ්ඩායමක්
ROC මධ්‍යස්ථ කණ්ඩායමක් නොවූ බව වටහා ගැනීම ද මෙහිදී වැදගත්. එය, රුසියාව වෙනුවෙන් ප්‍රායෝගිකව තරග නොකළ, එහෙත් නිල වශයෙන් නොවන තත්ත්වයක සිට රට නියෝජනය කිරීමේ අයිතිය රඳවා ගත් කණ්ඩායමක්.

රුසියාව මීට පෙර අවස්ථා දෙකකදීම මධ්‍යස්ථ බැනරයක් යටතේ තරග කර තිබෙනවා.

රජයේ අනුදැනුම යටතේ රුසියානු ක්‍රීඩකයන් තහනම් ශරීර උත්තේජන භාවිතා කිරීමේ අපකීර්තියේ ප්‍රතිඵලයක් ලෙස ROCය 2017 වසරේදී අහෝසි කෙරුනේ ඊළඟ වර්ෂයේ දකුණු කොරියාවේ පැවති ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පෙනෙමින් තිබියදී. එහෙත් තරගවලට පෙර කොන්දේසිවලට සුදුසුකම් ලැබූ තෝරා ගත් රුසියානු ක්‍රීඩකයින්ට ‘රුසියාවෙන් එන ඔලිම්පික් ක්‍රීඩකයන්’ – Olympic Athletes from Russia - ලෙස තරග කිරීමට අවස්ථාව ලබා දුන් අතර ඔවුන් නියෝජනය කළේ ඔලිම්පික් ධජය.

yypifb2cgykc1රුසියානුවන් හා බෙලරුසියානුවන් බාසිලෝනා නුවර පැවති 1992 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ‘එක්සත් කණ්ඩායමේ’ – Unified Team - කොටසක් ද වී සිටියා

 

රුසියානුවන් හා බෙලරුසියානුවන් බාසිලෝනා නුවර පැවති 1992 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ‘එක්සත් කණ්ඩායමේ’ – Unified Team - කොටසක් ද වී සිටියා. ඒ, ඊට පෙර වසරේදී සෝවියට් දේශය විසුරුවා හැරීමෙන් පසුව. 

එම කණ්ඩායම සැදී තිබුනේ කළින් තිබූ සෝවියට් සමූහාණ්ඩු ක්‍රීඩකයන්ගෙන්. මීට Lithuania, Latvia හා Estonia යන බෝල්ටික් දේශයන් ඇතුළත් නොවූයේ ඔවුන් එක කණ්ඩායමක් ලෙස තරග කිරීම තෝරා ගෙන තිබූ බැවින්. ‘එක්සත් කණ්ඩායම’ ඔලිම්පික් ධජය භාවිතා කළ ද ජයග්‍රාහකයන්ට ගෞරව පිදුනේ ඔවුනොවුන්ගේ රටවල කොඩි යටතේ.

බෙලරුසියාවේ ද සහාය ඇතිව රුසියාව 2022 පෙබරවාරියේ යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ජගත් ඔලිම්පික් කමිටුව (IOC) රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රීඩාවන්හි තරග කිරීම තහනම් කළා.

රුසියානු හා බෙලරුසියානු ටෙනිස් ක්‍රීඩකයන්ව ඔවුන්ගේ රට ගැන කිසිම සඳහනක් නැතිව ATP, WTA හා Grand Slam තරගාවලියන්ට ඉදිරිපත් කරන ආකාරයට සමාන අයුරින් පැරිස් ඔලිම්පික් උළෙලට ද සහභාගි කරවීමේ තමන්ගේ අරමුණ IOCය 2023 ජනවාරියේදී නිවේදනය කර සිටියා.

අනතුරුව IOCය විසින් 2023 ඔක්තෝබරයේදී රුසියානු ඔලිම්පික් කමිටුව සම්පූර්ණයෙන් ම අහෝසි කළේ එම කමිටුව Donetsk, Kherson, Luhansk හා Zaporizhzhia යන ප්‍රදේශවල යුක්රේනියානු කලාපීය ක්‍රීඩා සංවිධාන ඔවුන්ගේ කමිටුවට ඈඳා ගත් අවස්ථාවේ. 

 

සෑම රුසියානු ක්‍රීඩක මධ්‍යස්ථ කොඩියකම ලේ පැල්ලම් තියෙනවා - යුක්රේනයඉතාමත් දැඩි කොන්දේසි මත සමහර රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට පැරිස් ඔලිම්පික් උළෙලේ තරග කිරීමට හැකි බව නිවේදනය කෙරුනා

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වීමට අවසර ලබා දිය යුතු ද යනුවෙන් විවාදයක්, විශේෂයෙන් යුක්රේන් ක්‍රීඩකයන්ගේ හඬ මධ්‍යයේ ලොව පුරා ඇතිවුනා. කෙසේ වෙතත්, IOC විධායක මණ්ඩලය කියා සිටියේ ක්‍රීඩකයන්ගේ විදේශ ගමන් බලපත්‍රය මූලික කරගෙන ඔවුන්ට දඬුවම් කිරීම අසාධාරණ බව. ඒ නිසා, ඉතාමත් දැඩි කොන්දේසි මත සමහර රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට පැරිස් ඔලිම්පික් උළෙලේ තරග කිරීමට හැකි බව නිවේදනය කෙරුනා. AIN ක්‍රීඩකයන් බිහිව සිටින්නේ ඒ අනුව.

සුදුසුකම් ලැබීමේ කොන්දේසි කිහිපයක් මත මේ ක්‍රීඩකයන්ට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ වරම් ලැබෙනවා.

එම උළෙලේදී මේ ක්‍රීඩකයන් හරහා ඔවුන්ගේ රටවල් ගැන කිසිම සඳහනක් කරන්න බැහැ. 

එම රටවල ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික වර්ණ හෝ එම ක්‍රීඩකයන් නියෝජනය කරන්නේ රුසියාව හෝ බෙලරුසියාව බවට අඟවන කිසිම හැඳින්වීමක් ඔලිම්පික් උළෙලේ කිසිම අවස්ථාවක හෝ කිසිම ස්ථානයක ප්‍රදර්ශනය කිරීම තහනම්.

මේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ඇඳුම් පිළිබඳව තවමත් අනාවරණය කර නැහැ. එබැවින් එම ඇඳුම්වල තිබෙනු ඇත්තේ නව AIN කොඩියේ අහස් නිල් වර්ණය ද එසේත් නැත්නම් ඒවා සාමාන්‍ය ක්‍රීඩා ඇඳුම් මෙන් දිස්වනු ඇත් ද යන්න තවමත් පැහැදිලි නැහැ. ජයග්‍රාහී AIN ක්‍රීඩකයන් පදක්කම් ලබා ගන්නා අවස්ථාවේ වාදනය කිරීම පිණිස නිර්මාණය කර තිබෙන ජාතික ගීයට පද රචනයක් නැහැ.

 

රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් යන්න වරම් !මේ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය තනි තරගවලට පමණක් සීමා කර ඇති බැවින් කණ්ඩායම් ඉසව්වලදී රුසියානු හෝ බෙලරුසියානු නියෝජනයක් පැරිසියේදී දක්නට ලැබෙන්නේ නැහැ.
කොන්දේසිවලට යටත් වෙමින් තරග කර පදක්කම් දිනා ගැනීමට AIN ක්‍රීඩකයින් සුදුසුකම් ලැබුව ද, ඒවා පදක්කම් සටහනේ රටවල් යටතේ ප්‍රදර්ශනය කිරීමක් සිදුවන්නේ නැහැ.

ඔවුන් තනි ක්‍රීඩකයන් ලෙස මිස කණ්ඩායමක් ලෙස බාර නොගන්නා බැවින් සමාරම්භක උත්සවයෙන් ඔවුන් ඉවත් කර තිබෙනවා. මේ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය තනි තරගවලට පමණක් සීමා කර ඇති බැවින් කණ්ඩායම් ඉසව්වලදී රුසියානු හෝ බෙලරුසියානු නියෝජනයක් පැරිසියේදී දක්නට ලැබෙන්නේ නැහැ.

රුසියාව විසින් යුක්රේනයේ සිදු කරමින් යන යුද්ධයට සහාය දක්වන හෝ රුසියානු හෝ බෙලරුසියානු යුද හමුදාවන් සමග කොන්ත්‍රාත්ගතව සිටින ක්‍රීඩකයන්ට හෝ ඔවුන්ගේ ආධාරකයන්ට ද පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ අවස්ථාවක් නැහැ. 

අනෙක් සියළුම තරගකරුවන් මෙන්ම AIN ක්‍රීඩකයන් ද තහනම් ශරීර උත්තේජන පරීක්ෂණවලින් සමත් විය යුතු වනවා.

ජගත් ඔලිම්පික් කමිටුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන මේ කොන්දේසි රුසියාව ඇත්ත වශයෙන් ම පිළිගනීවිද? 


සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...