The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හිටපු ස්පාඤ්ඤ පාපන්දු ලොක්කාට සහ පුතාට සිර දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා නඩු පවරයි

T

The Leader Desk

April 7, 2025 • 2:59 PM

හිටපු ස්පාඤ්ඤ පාපන්දු ලොක්කාට සහ පුතාට සිර දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා නඩු පවරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාරක සිර දඬුවමක් නියම කරන ලෙස ස්පාඤ්ඤයේ රාජ්‍ය පැමිණිලි කාර්යාලය ඉල්ලා සිටිනවා.
  • වසර 2007 සිට 2017 අතර කාලය තුළ විලර් යටතේ සකස් කෙරුණු කොන්ත්‍රාත්වලින් සම්මේලනයට යුරෝ මිලියන 4.5කට (ඩොලර් මිලියන 4.84) වැඩි පාඩුවක් සිදුව ඇති බව පැවසෙනවා.
  • විලර්ගේ පුත් Gorka සහ හිටපු ස්පාඤ්ඤ පාපන්දු සම්මේලන උපසභාපති Juan Padron ඇතුළු පුද්ගලයන් අට දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලැබ සිටිනවා.
  • වසර 29ක් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ ප්‍රධානියාව සිටීමෙන් පසුව 2017 වසරේදී විලර් සභාපති තනතුරෙන් පහ කෙරුණේ Soule නඩුව ලෙසින් ප්‍රසිද්ධියට පත්වූ න්‍යාය විරෝධී ක්‍රියාවන් සමග ඔහුට තිබුනා යැයි කියන සම්බන්ධතාව හේතුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

හමාරක සිර දඬුවමක් නියම කරන ලෙස ස්පාඤ්ඤයේ රාජ්‍ය පැමිණිලි කාර්යාලය ඉල්ලා සිටිනවා.

වසර 2007 සිට 2017 අතර කාලය තුළ විලර් යටතේ සකස් කෙරුණු කොන්ත්‍රාත්වලින් සම්මේලනයට යුරෝ මිලියන 4.5කට (ඩොලර් මිලියන 4.84) වැඩි පාඩුවක් සිදුව ඇති බව පැවසෙනවා.

විලර්ගේ පුත් Gorka සහ හිටපු ස්පාඤ්ඤ පාපන්දු සම්මේලන උපසභාපති Juan Padron ඇතුළු පුද්ගලයන් අට දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලැබ සිටිනවා. මොවුන් අතුරින් Gorka ට වසර හතක සිර දඬුවමක් පැමිණිල්ල ඉල්ලා තිබෙනවා.

srt35rr
වසර 29ක් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ ප්‍රධානියාව සිටීමෙන් පසුව 2017 වසරේදී විලර් සභාපති තනතුරෙන් පහ කෙරුණේ Soule නඩුව ලෙසින් ප්‍රසිද්ධියට පත්වූ න්‍යාය විරෝධී ක්‍රියාවන් සමග ඔහුට තිබුනා යැයි කියන සම්බන්ධතාව හේතුවෙන්.

විලර් ට එල්ල වී තිබෙන චෝදනාවන් වනුයේ තමන් පාලනයේ ඇති පොදු මුදල් වංචා කිරීම, ව්‍යාපාර දූෂණය, සාවද්‍ය මුදල් පරිහරණය සහ ව්‍යාජ ලේඛන සකස් කිරීම.

හිටපු සභාපතිවරයා සහ ඔහුගේ පුත්‍රයා ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායම සමග මිත්‍ර තරග සැලසුම් කිරීමෙන් හා ඒ වටා කොන්ත්‍රාත් නිර්මාණය කිරීමෙන් වාසි සලසා ගත් බව පැවසෙනවා.

ස්පාඤ්ඤයේ සමහර ප්‍රතිවාදීන් විලර් තෝරා ගත්තේ ලාභ ලබා ගැනීමේ අනුපිළිවෙළට බව පැමිණිල්ල ප්‍රකාශ කරනවා.

විලර් සහ ඔහුගේ පුතාට වාසි සැලසෙන පරිදි සැලසුම් කළ බවට සැක කෙරෙන තරග වනුයේ දකුණු කොරියාව, චිලී, වෙනිසුඒලාව, පෙරූ සහ කොලොම්බියාව ට එරෙහි මිත්‍ර තරග.

rt34544
විලර් ට පසුව ස්පාඤ්ඤ පාපන්දුවේ සභාපති ධූරයට පත්වූයේ Luis Rubiales. ඔහු කාන්තා පාපන්දු ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රීඩිකාවක වන Jenni Hermoso බලෙන් සිපගැනීමෙන් පසුව 2023 වසරේදී තනතුරෙන් ඉල්ලා අස්වුණා.

Pedro Rocha කෙටි කලක් එම තනතුරේ සිටිය ද සිය රාජකාරි සීමාව ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් එයින් ඉවත් කෙරුණා. 2024 වසරේ දෙසැම්බරයේදී Rafael Louzan ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ නව සභාපති වශයෙන් තෝරා පත්කර ගැණුනා.

rte44tt| Pedro Rocha - Rafael Louzan
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...