The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත් වීමේ පුවත හිතලුවක් පමණකැයි BCCI කියයි

T

The Leader Desk

May 21, 2025 • 8:57 AM

ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත් වීමේ පුවත හිතලුවක් පමණකැයි BCCI කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තාන ජාතිකයෙක් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ (ACC) ප්‍රධානියා ලෙස සිටීම හා මීට දින කිහිපයකට පෙර ඉන්දියාව හා පාකිස්තානය යුද්ධයකට පැටලී සිටි නිසා එම කවුන්සලය මෙහෙයවන මේ තරගාවලි දෙකට ඉන්දියා කණ්ඩායම්වලට සහභාගි වීමට BCCI ඉඩ නොදෙන බව එම වාර්තාවෙන් කියා තිබුණා.
  • විස්සයි20 ව්‍යුහයෙන් සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත පිරිමි ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකයන් වන්නේ වර්තමානයේ එම ශූරතාව හිමිකර ගෙන සිටින ඉන්දියාව වන අතර කාන්තා නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකාව ට.
  • ACCයට කිසිම දෙයක් ලිඛිතව දැන්වීම කෙසේ වෙතත් ACCයේ තරගාවලියන් සම්බන්ධයෙන් එවැනි පියවරක් ගැනීමක් හෝ එවැන්නක් ගැන සාකච්ඡා කිරීමක්වත් BCCI විසින් සිදුකර නැහැ” යනුවෙන් BCCI ලේකම් දේවාජිට් සයිකියා ‘පී.ටී.අයි.’ පුවත් සේවයකට ප්‍රකාශ කර තිබෙනවා.
  • ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමුකර තිබෙන්නේ ඉන්දියා ප්‍රිමිය ලීගය (IPL) ගැටළුවකින් තොරව පවත්වා ගෙන යාමට සහ ලබන මාසයේ ආරම්භ වන එංගලන්තය ට එරෙහි තරග පහකින් සමන්විත ටෙස්ට් තරගමාලාවට බව සයිකියා පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාකිස්තාන ජාතිකයෙක් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ (ACC) ප්‍රධානියා ලෙස සිටීම හා මීට දින කිහිපයකට පෙර ඉන්දියාව හා පාකිස්තානය යුද්ධයකට පැටලී සිටි නිසා එම කවුන්සලය මෙහෙයවන මේ තරගාවලි දෙකට ඉන්දියා කණ්ඩායම්වලට සහභාගි වීමට BCCI ඉඩ නොදෙන බව එම වාර්තාවෙන් කියා තිබුණා.

Asia Cup 2025 India

 

පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා මෙන්ම පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මෝසින් නක්වි ACCයේ සභාපතිවරයා ද වනවා.

විස්සයි20 ව්‍යුහයෙන් සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත පිරිමි ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකයන් වන්නේ වර්තමානයේ එම ශූරතාව හිමිකර ගෙන සිටින ඉන්දියාව වන අතර කාන්තා නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකාව ට.

 

devajith123දේවාජිට් සයිකියා

“ආසියානු කුසලානය හා කාන්තා නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලානය යන ACC ඉසව්වලට සහභාගි නොවීමේ BCCI තීරණයක් ගැන පළවූ ප්‍රවෘත්ති කිහිපයක් ගැන අපට දැනගන්නට ලැබී තිබෙනවා. එවැනි ප්‍රවෘත්ති මේ මොහොත වන විට කිසිම සත්‍යයක් නැති හිස් ඒවායි. ACCයට කිසිම දෙයක් ලිඛිතව දැන්වීම කෙසේ වෙතත් ACCයේ තරගාවලියන් සම්බන්ධයෙන් එවැනි පියවරක් ගැනීමක් හෝ එවැන්නක් ගැන සාකච්ඡා කිරීමක්වත් BCCI විසින් සිදුකර නැහැ” යනුවෙන් BCCI ලේකම් දේවාජිට් සයිකියා ‘පී.ටී.අයි.’ පුවත් සේවයකට ප්‍රකාශ කර තිබෙනවා.

f3v4t5t64564565464565

 

ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමුකර තිබෙන්නේ ඉන්දියා ප්‍රිමිය ලීගය (IPL) ගැටළුවකින් තොරව පවත්වා ගෙන යාමට සහ ලබන මාසයේ ආරම්භ වන එංගලන්තය ට එරෙහි තරග පහකින් සමන්විත ටෙස්ට් තරගමාලාවට බව සයිකියා පවසනවා.

“ආසියානු කුසලානය හෝ ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වෙනත් කිසිම කාරණයක් පිළිබඳව හෝ කිසිම මට්ටමකින් සාකච්ඡා වෙලා නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පළවන ඕනෑම ප්‍රවෘත්තියක් හෝ වාර්තාවක් හිතලුවක් පමණයි.”

“ACCයේ තරගාවලි සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් පැවැත්වුනොත් සහ වැදගත් තීරණවලට එළැඹුනොත් ඒවා BCCI විසින් මාධ්‍ය හරහා නිවේදනය කරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත් වීමේ පුවත හිතලුවක් පමණකැයි BCCI කියයි | The Leader